කරවටක් ගිලෙද්දී ගයන බයිලා
Posted on May 30th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

රටට මේ තරම් විපතක් වූ මොහොතක දේශපාලන කරුණු ඇතුලත් වූ ලිපි ලියන්නට මගේ සිත ඉඩ නොදුනි. නමුත් අප රටේ දේශපාලක රැල මේ විපත අස්සේත් නටන නාඩගම් දකිනවිට මෙවන් විපත්වලට මග සාදන්නේත් තම බලය ගැන පමනක් මිස දුර දිග නොබලන දේශපාලකයන්ගේම අත්තනෝමතික තීරණ බව මතකයට නැගෙනු වැලැක්විය නොහැකිය.

2002 වසරේදී මා සේවය කල ආයතනය මගින් පැවැත්වීමට අදහස් කල පාරිසරික සංරක්ෂණ දැනුවත් කිරීම් වැඩ සටහනක් සඳහා, එය මෙහෙයවූ සොයුරියට උපකාර කරන බවට මම පොරොන්දු වීමි. එම කටයුත්ත මා සතු විෂය පථයට ඇතුලත් නොවුනත් පුද්ගලිකව මා සතුව පරිසරය සම්බන්ධව ඇල්මක් සහ යම් තරමක දැනුමක් තිබූ නිසා මේ අදහස මා තුල ඇතිවූ අතර මගේ මිතුරියද ඊට එකහෙලා එකඟ වූවාය. අනුව තමන් ජීවත්වන පරිසරයට අත් වෙමින් යන ඉරණම ගැන ජනතාවට හැඟීමක් ඇතිවන ආකාරයේ ප්රායෝගික කරුණු ඇතුලත්ව සරළව ලියැවුන, රූ සටහන්ද සහිත අත් පත්රිකාවක් සකසා දීමට මම සිතා ගතිමි. වන විටත් අප වැඩසටහන සැලසුම්කල රත්නපුර දිස්ත්රික්කයේ ශීඝ් වූ වන විනාශයක් සිදු වෙමින් පැවති නිසාද, එම විනාශයට අප සේවයකල ප්රදේවල ජනතාවත් දැන හෝ නොදැන සක්රීයවම දායක වූ නිසාද මේ පිලිබඳව ඔවුන් හා සංවාදයක් ගොඩ නැගීම සඳහා අත්යවශ් කරුණු සොයා ගැනීමට මට වුවමනා විය

අනුව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ලේඛණාගාරයට ගිය මම 1980 සිට 2001 දක්වා රත්නපුර දිස්ත්රික්කයට බලපෑ වාර්ෂික වර්ෂාපතන රටාව අධ්යයනය කරනු පිනිස එම දත්ත ලබා ගත්තෙමි. එම දත්තවලට අනුව සත්යය ඇස් පනාපිට දිග හැරින. එනම් 80 දශකයේදී වර්ෂයේ මාස 12 තුල ඉතා සමබරව අඩු වැඩි වෙමින් පැවත ගිය මාසික වර්ෂාපතනය, ක්රමයෙන් වෙනස්වෙමින් ගොස් 2001 වනවිට ඉතා අසමතුලිත තත්වයට පැමිනි අයුරුය. ප්රදේශවලට ජුලි, අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී අඩුම වර්ෂාපතනයත්, මාර්තු සහ අප්රේල් මාසවල වැඩිම වර්ෂාපතනයත් ලැබෙන අතර මුලදී එම කාල සීමාවන් අතරතුර සමබරව අඩු වැඩි වෙමින් යන වර්ෂාපතනයක් තිබිනි. (එනම්  මිමී 40 සිට 500 අතර මාසික වර්ෂාපතනයක් ලෙස දෝලනය වන) නමුත් 2001 වනවිට වියලි මාස වල මිමී 2 සිට 5 පමන වන මාසික වර්ෂාපතනය වැසි සහිත මාසවලදී මිමී 800-900 දක්වා ඉහල නගින බව නිරීක්ෂණය කල හැකිවිය. කොළඹ 07 පිහිටි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේදී එම සංඛ්යාන දත්ත ලබා ගැනීමට මට උපකාර කල නිළධාරියා වූයේ වත්මන් කාළගුණ විද්යා අධ්යක්ෂවරයා වන ලලිත් චන්ද්රපාල මහතාය. මේ ගැන ඔහුත් සමඟ මඳක් මා කතාකලා මතකය.

මවිසින් එම සේවා ආයතනයේ වැඩ භාරගන්නා ලද අවධියේදී රට තුල බොහෝ පෙදෙස්වල මහා නියඟයක් විනි. අපේ ක්ෂේත්රයේ ජනතාව වතුර ගෙන ඒමට, නා ගැනීමට, බසයෙන් හෝ වෙනත් ප්රවාහන මාර්ග යොදාගෙන කිලෝ මීටර 12 ක් 15 ක් පමන ගියහ. නමුත් කල්තොට පාරේ වනාන්තර ගහන මේ භූමිය නිරන්තරව ගිනි තැබීම්වලට ලක් කලේද මොවුන්මය. මේ ගැන විමසූ විට දැනගත් හේතු කාරණා වූයේ සතුන් දඩයම් කිරීම, වැසි කාලය පැමිනිවිට වගාවක් කිරීමට බිම් සකසා ගැනීම යනාදියයි. පලාතේ එනසල්, කරාබුනැටි සහ තේ එළවලු වර්ගද වගාකල අය සිටියහ. තමන්ට කියා ඉඩමක් නැති අය මෙන්ම තම වගාව පුලුල් කරන්නට අවශ් අයද මේ ගිනි තැබීම්වලට හවුල් වූ අය අතර සිටියහ. මෙම තත්වයට බොහෝ දුරට වගකිව යුතු වූයේ අක්රමවත් ඉඩම් බෙදීමේ ප්රතිපත්ති . ඔවුන් ගිනි තබන්නේ අක්කරයක පමන ඉඩමක් බලාගෙන වුවත් ගින්න අක්කර ගණනාවක් පුරා පැතිර යාම වැලැක්විය නොහැකිය. මා චන්ද්රපාල මහතා සමග කතාකලේ මේ වන විනාශය වර්ෂාපතන රටාව හා ගැලපී යාම ගැනය. නමුත් ඔහු මට දුන් පිලිතුරින් මම වික්ෂිප්ත වීමි. ‘අක්කර 150 200 කැලෑවක් කැපුව කියල ඒක ලොකුවට වර්ෂාපතනයට බලපාන්නෙ නැහැ

නමුත් මෙසේ ගස්වලින් තොරවන භූමියට කෙලින්ම පතිතවන වර්ෂාව ඔස්සේ පස සේදී යාම තුල ඇතිවන අනිටු ඵල විපාක සහ එමගින් ඇතිවන පාරිසරික වෙනස්වීම් අනිවාර්ය නේදැයි මම ඔහුගෙන් විමසුවෙමි. එය සත්යයක් නමුත් වන විනාශය සම්බන්ධව කටයුතු කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය පථයට අයත් දෙයක් බවත් ඔහුගේ පිලිතුර විය. මෙතැනදී මම එක දෙයක් වටහා ගතිමි. ශ්රී ලංකාවේ පරිසරය හා සෘජුවම සම්බන්ධවන ආයතන ක්රියා කරගෙන යන ඒකාබද්ධ එලැඹුමකින් හා සම්බන්ධීකරනයකින් තොර හුදෙකලා ස්වභාවය ගැනය. මේ ආයතන ජනතාව හා පවත්වාගෙන යන සම්බන්ධය කෙතරම් දුර්වලද? මෙම නිළධාරීන් තම තමන්ගේ විෂයට පමනක් සීමා කෙරෙන ලෙස කටයුතු සිදුවෙත්දී  ජනතාව අතින් සිදුවන  වරදකට දඬුවම් කෙරෙන විටෙක ගැන දන්නවා මිස එම ආයතනයේ කෙරෙන කාර්යභාරය ගැන ජනතාවට අදහසක් නොලැබීම ස්වභාවිකය. එක අතකට එහිද වරදක් දැකිය නොහැක. තමන්ට ලියා පවරා නොදෙන විෂය පථයකට අත දමන්නට තම රාජකාරි වගවීම් තුල ඉඩක් නොලැබීම ඔවුන්ගේ වරදක් නොවේ. මෙය රටේ ප්රතිපත්ති සකස් කරන්නන්ගේ වරදය. මේ වරද නිසා මෙවන් ආයතන තුල සේවය කරන උගතුන් පිරිසකගේ දැනුම නිකම්ම සෝදා පාලුවට ලක්වේ. එය දේශපාලනමය හේතුවකි.

පසුගිය  අප්රේල්  මාසයේදී  මීතොටමුල්ලේ  කසල කන්ද කඩා වැටුන පසු පලවූ විවිධ ලිපි අතර ලංකාදීප පුවත්පතේ පලවූ එක් විශේෂ ලිපියක් විය. කොළඹ මහ තගර සභාවේ හිටපු පුණ් කටයුතු පිලිබඳ සහකාර කොමසාරිස් වන නිරෝෂ් ධර්මපාල මහතාගේ කතාවයි. කොරියාවේ සියොල් නුවර මෙට්රොපොලිටන්හිදී කසල කලමණාකරනය උගෙන ලබාගත අත්දැකීම් උපයෝගී කරගෙන ඔහු කොළඹ නගරය සඳහා කසල කලමණාකරන සැලැස්මක් පිලියෙල කර නගරාධිපතිවරයාට ලබා දුන් හැටිත්, එය ධර්මපාල මහතාගේ විෂය පථයට අයත් නොවූ බැවින් කෝපයට පත් නගරාධිපතිවරයා ඔහුව කොළඹ නගර සභාවෙන් ඉවත් කරන්නට කටයුතුකල හැටිත් එහි කියැවිනි. මේ කසල කලමණාකරන සැලැස්ම කොළඹ නගරාධිපති මුසම්මිල්ට එතරම් විස වූයේ ඇයිද කියා දන්නෝ දනිති. මේ අප රටේ දේශපාලනයයි

අද වන විට රටේ තිබෙන අමාත්යංශ ගණන ජනතාව තබා දේශපාලකයන්වත් හරිහැටි දන්නවාද කියා සැක සහිතය. නමුත් මෙතරම් විපතක් වූ තැන ජනතාවගේ තත්වය ගැන සොයා බලන්නට ආවේ මොවුන් අතරින් කී දෙනෙක්ද? ඊලඟට මේ අමාත්යංශවලින් ඉටුවන සේවය? අද වන විට රටේ ඇමති ගනයාට තම විෂය පිලිබඳ සිතන්නට වෙලාවක් නැති අතර ඔවුන්ගේ මූලිකම අවධානය යොමුව තිබෙන්නේ වෙළඳපලට අලුතින්ම පැමිනි සුඛෝපභෝගී වාහන මාදිලිය කුමක්ද, එය මිලට ගන්නට පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කර ගන්නේ කෙසේද යන්න පිලිබඳව බව පෙනෙයි. මෙහිදී දැන් නම් ඔවුන්ට ඇත්තේ මුදල් ගැන කාරණයක් මිසෙක ජනතාවට උත්තර බඳීමක්  නොවන බව පැහැදිලිය. මේ වාහන පිපාසයේ සන්සිඳීමක් නැත.

අතර ජනතාව පත්ව සිටින තත්වය ගැන කතාකල ඇමතිවරයෙකුට පාර්ලිමේන්තුවේදී පිලිතුරු දුන් අමාත් ලක්ෂ්මන් කිරිඇල්ලඔයාට අමාරුවක් තියේ නම් බෝට්ටුවක් අරන් යන්නයි කීවේය. විපතට පත් ජනතාව 500,000 ක් වෙනුවෙන් රු. කෝටි 4.5 ක් ඇඟෙන් ඇටයක් යන්නාක් මෙන් වෙන් කරන අතර ක්රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල විසින්ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී රු. කෝටි 1/2 ක් වැයකර සාදයක් පැවැත්වූහ. තමන්ට ආපදා ආධාර එවන්නට ප්රමාද වීම ගැන වින්දිත ජනතාව විරෝධය පෑ විට කුපිත වූ හර්ෂණ රාජකරුණා මන්ත්රීවරයා ජනතාවට පරුෂ වචනයෙන් බැණ වැදී තමන් ගෙනා සහල් ගෝනිද විසිකර යන්නට ගියේය. අතර අගමැතිවරයාටබාත්රූම් එකට යන්නටවත්, නා ගන්නටවත් වෙලාවක් නැති තරමට කරන වැඩ(?) නිසා වෙහෙස බවපවසා ටිකක් විවේක සුවයෙන් පසු වීමට ඇමරිකාවට ගොස් ඇත. මේ තරම් බරපතල ආපදාවකට රට මුහුණ පා සිටිත්දී ජනතාව ගැන යන්තම් හෝ  සිතන නායකයකුට විවේක ගැන්මක් ගැන සිතන්නට හැකිද? පසුගිය  සතියේ  ඔස්ට්රේලියාවට ගිය ජනාධිපතිවරයා තමන්ට දැන් පිටරටවල් වලින් වෙන කවරදාටත් වඩා ආරාධනා ලැබෙන බව පැවසුවේ මහත් ආඩම්බරයෙනි. එම ආරාධනා ලැබෙන ප්රමානය නිසා දැන් රටේ නායක දෙපලට රටේ ජනතාව ගැන බලන්නට කාලය හෝ මුදල් නොමැත. අයවැයෙන් තම ජනාධිපති සහ අගමැති කාර්යාල වල වැය ශීර්ෂ ඉහල දමා ගත්තේ මේ ආරාධනාවන්ට ලක ලැහැස්ති වීම සඳහා බව පැහැදිලිය

ඔස්ට්රේලියාවට යාමට පෙර අටුව කඩා පුටුව තනන්නා මෙන් කැබිනට් සංශෝධනයක් කල ඔහු මුදල් සහ ජනමාධ් ඇමතිකමට පත්කල් මංගල සමරවීරය. මංගල සමරවීරට රටක මුදල් ඇමතිකම දරන්නට සහ ජනමාධ් වනි විෂයයක් බාර දෙන්නට තරම් ඇති සුදුසුකම් මොනවාදැයි ජනාධිපති නොදන්නවාද නැතිනම් ඔහුට ඉන් වැඩක් නැතිද කියා දන්නේ ඔහුම පමනි. මේ ජනාධිපතිවරයාගේ බුද්ධි මට්ටමද නැතිනම් තමාට කතිරය ගසා මෙතැනට ඔසවා තැබූ ජනතාවගේ බුද්ධි මට්ටම ඔහු තක්සේරු කරන ආකාරයද? රටක ආර්ථිකය යනු රටේ අනාගත පැවැත්මේ එක් ප්රධානතම සාධකයකිමංගල තම ඇමති පියාගේ පිහිටෙන් රාජකීය විද්යාලයටත් එතැනින් එංගලන්තයටත් ගොස් මෝස්තර නිර්මාණය ඉගෙන ගත්තද එයින්වත් වැඩක් ගත්තාද යන්න සැක සහිතය. එවන් අයෙකුට මුදල් ඇමතිකම පවරා දෙමින් එක අතකට ජනාධිපතිවරයා කරන කියන හැසිරෙන ආකාරය දුටු විට සිතට දැනෙන්නේ කේන්තියක් නොව දැඩි සිත් වේදනාවකි. අනේ අපේ රටට අත්වන්නට යන ඉරණමකියා සිහි වීමෙන්ය. මේ මොහොතේ රට මුහුණ දී සිටින තත්වයටද බලපා ඇත්තේ අවිධිමත් පාරිසරික පැවැත්මක ප්රතිඵලය. පරිසර විෂය භාර වගකිවයුත්තා වශයෙන් මේ ගැන ජනාධිපතිට පවසන්නට ඇත්තේ කුමක්ද? තම බලකොටුව සෙලවේය යන බියෙන් හැකිලී, විල්පත්තුව වැනි මිලකල නොහැකි වන සම්පත් වනසාලන බදුර්දීන් වැනි පව්කාරයන් රකිනා අතර මේවාට එරෙහිවන පරිසරය ගැන කකියන සිත් ඇත්තන්ට පහර ගසන ගමන් පාට පාට ටී ෂර්ට්ස් ඇඳගෙන ගැලපෙන කැප් තොප්පි දමාගෙන කැමරා ඉදිරිපිට රඟපා පෙන්වන දර්ශන වලින් මේ ප්රශ්න විසඳීමට හැකිය කියා ඔහු සිතනවාදයලිත් උතුරත් දකුණත් දෙකම දශක තුනකට පෙර තිබූ තත්වයටම පසු ගමන් අරඹා ඇත. දේශපාලක රැල මුහුද මැදට ගසාගෙන යන අලි කුණේ වසාගෙන බුදින කපුටු රැල මෙනි.

දැන අලි මදිවට හරක් කියන්නා සේ එකපිට පහර දෙන ස්වභාවික ව්යසනයන්ය. සති කිහිපයකට පෙර දරාගත නොහැකි උණුසුමකින් සහ නියඟයෙන් පීඩා විඳි ශ්රී ලාංකික ජනතාව දැන් ගංවතුරක, අනෝරා වැසි කඳක ගිලී යති. මේ සියලු ව්යසනයන් හුදී ජනතාවගේ කරපිටය.

ගැටඹේ පැවැත්වූ මැයි රැලියේදී ජනාධිපතිවරයාතමන් යන යන තැන නියඟ අවසන් කරමින් වැසි වැටෙන බවකියමින් උදම් ඇනීය. දැන් ඉතින් ජනතාවට මදිය නොකියන්නට වැසි ලැබී ඇත. ඔහු මෙසේ සඳහන් කරන්නේ තමාගේ ධාර්මිකකම ගැන බව පැහැදිලිය. නමුත් ඉන් වැඩක් ඇති බවක් නොපෙනේ.

මෙවැනි වැදගැම්මකට නැති විකාර කියවමින් පරඬලාවක් සේ වැනෙමින් රට විනාශ මුඛයට යනකම් බලා සිටිනවාද? 2015 ජනවාරියේදී, දශක තුනක් පෙලූ යුද්ධය අවසන් කරනට ගත් පියවර තරම්ම යෝධ කාර්යභාරයක් ඉටුකල පුද්ගලයෙකුද  පරාජය කරමින් ජනතාව තමන්ට රටේ පාලනය භාර දුන්නේ ඇයිද කියා සිතා ගන්නට මොහුට ශක්තියක් තිබේද? රැවටුනේ ඔවුන්ද? මහජනතාවද?

4 Responses to “කරවටක් ගිලෙද්දී ගයන බයිලා”

  1. Hiranthe Says:

    Fantastic Article. Kudos to the writer Theja.

    This explains the reasons for frustration of majority of true sons and daughters of Mother Lanka.

    Will the foolish ungrateful lot read this and learn what they did was wrong and correct their course of action from now on??

  2. Ananda-USA Says:

    Janawari 2015 rawatuney apey mahajanathawai! ANIWARAYEN!

  3. ranjit Says:

    Fine words Theja,any nut can understand your language and I wish Sira the clown and the Tie Wicky will read this fine article of yours and take something​ out of it and put in to their empty heads. It’s horrible and scary to think what this two nut heads will do to our country. We cannot allow them to play with our lives and the country we love very much. Out sinhala race and our sacred religion Buddhism both are in danger due to their stupid actions and the pressure given to them by our enemies within and outside the country. Majority cannot look other side and stay idle while the ungreatful minority take over the country with the help of foreigners​ who provide them with monetary assistance and other tools to achieve their criminal goals. We hear only sweet talks and tons of lies on daily basis from this Yamapalanaya government nothing else therefore we need to work hard to change this treacherous Yamapalanaya government as soon as possible somehow. Our sinhala buddhists should get united first then only we can do it. Sira/Ranil combination cannot solve our problems. Both failed in their tasks and should be removed from their posts. Most of the Minister’s aren’t qualified and do not have enough experience to do the job entrusted to them. It’s high time for people to think wisely.

  4. Wetta Says:

    Greatly written article. Thanks Theja for lighting up the brains !

    Theja, could you please publish this article in any and all media that is read by majority ordinary people, those who does not have time to read internet, who does not use email , Facebook etc please.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress