ඇමති ෆයිසර් කථානායක, මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තුව රැවටුවා ද? ඇන්දවුවා ද අක්ෂර වින්‍යාසය නිවැරදි කරන ගැසට් එක තවම නෑ.  තවත් නීති ගැටයක් සුදානම්!
Posted on November 29th, 2017

 

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

පළාත් සභා හා පාලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා තවත් වරක් මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ සියලු පාර්ශව රැවටීමකට ලක් කොට ඇති දැයි සිතේ.  පොරොන්දු වූ පරිදි අද දින ෆයිසර් පැමිණිලිකරුවන් නඩුව ඉල්ලා අස්කර ගත්තේ  නැත.   අංකයක් ලබාගත් නමුත් අද දිනයේ ද පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි විසින් නිකුත් කළ යුතුව ඇති අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීමේ ගැසට් පත්‍ර‍ය ද තවමත් රජයේ මුද්‍ර‍ණාලයට ගොස් නැත.  වැරදිය නම් ගැසූ පළාත් පාලන ආයතන 40 ක ඡන්දයට නාම යෝජනා කැදවීමට ඒ අනුව මැතිවරණ කොමිසමට තවම හැකියාව නැත.

ෆයිසර් අමාත්‍යවරයා ගරු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැතිවරණ කොමිසම, මැතිවරණ නිරීක්ෂකයින් සියලු දෙනා රවටමින් පළාත් ඡන්ද විමසීම කල්දමා ගැනීමට තවත් උත්සහයක් දරන බවට මේ අතර තොරතුරු ලැබෙමින් තිබේ.  දැනට  නාම යෝජනා කැදවා ඇති පළාත් පාලන ආයතන 93  ද කල් දමා ගැනීමට හෙට තවත් නීති උගුලක් අටවන බවට සැකයක් මතුව තිබේ.   

සීමා නිර්ණය ක්‍රියාවලියේ තවත් දෝෂ ඇතැයි පවසමින් හෙට දින අභියාචනාධිකරණයට කරුණු දැක්වීමට තවත් පාර්ශවයක් සැලසුම් කොට ඇති බව ද සැකයක් පවතී.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress