ජනාධිපති කොමිසම කියූ බැදුම්කරේ අලාභය ළුණු බිකක්.. ඇත්ත පාඩුව අන්තිම සතේට මෙන්න..
Posted on January 5th, 2018

 චාමින්ද කරුණාරත්න

මහබංකු බැන්දුම්කර ගනුදෙනුව පිලිබඳ ජනාධිපති කොමිසම් වාර්ථාව පිලිබඳ ජනාධිපතිවරයා විසින් දෙසැම්බර් 3 දා කල විශේෂ ප්‍රකාශය තුලින් හොරකමක් සිදුවූ බව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පලමුවරට පිලිගනු ලැබුවද සමස්ථයක් වශයෙන් එම ප්‍රකාශය ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අසමත් වූ බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

මේ වාර්ථාව ඉදිරිපත් කිරීමට වසර 2 1/2 ට පෙර සිටම එම කරුණු තමා ඇතුලු විවිධ විද්වතුන් විසින් සමාජයට පෙන්වාදී ඇති නිසා එහි අලුත් සොයාගැනීමක් නැති බවද ඔහු පැවසීය.

” මේ ගනුදෙනුව ලංකා ඉතිහාසයේ ලොකුම මුදල් වංචාව. ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් කල ,සෑම පුරවැසියෙකුගේම ජීවන බර ඉහල යාමට බලපෑ හොරකමක්. . මෙහි පාඩුව විශේෂ ප්‍රකාෂයේ කියවුන රුපියල් මිලියන 11,145 නොවෙයි. ඒ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලැබූ ලාබය පමනයි. නමුත් රටට වූ පාඩුව ඊට වඩා ඉතා විශාලයි.

උදාහරණය්ක් වසයෙන් මේ හොරකම සිදූ නිසා රටේ පොලී අනුපාතය 3% කින් පමන ඉහල යාම නිසා එවකට තිබූ දේශීය රාජ්‍ය ණය රුපියල් බිලියන 126 කින් පමන ඉහල ගියා.

කොළඹ නුවර අධිවේගී මාර්ගය හදන්න පුලුවන් ඒ මුදලින්. මේ දූෂණය හරහා විදෙශ ආයෝජකයින්ගේ විශ්වාසය බිඳවැටී ඔවුන් විශාල වශයෙන් මුදල රටින් ඉවත්කරගත්තා. ඒ ඇතුලු තවත් හේතු නිසා රුපියලේ අගය 16% කින් පමන බාල්දු වීම නිසා අප විසින් ගෙවිය යුතු විදේශ ණය වල දේශීය අගය රුපියල් බිලියන 512 කින් පමන ඉහල ගියා. හම්බන්තොට වරාය වගේ 3 ක් හදන්න තිබුනා ඒ මුදලින්.

මේ හොරකම සිදුවන වෙලාවේ රටේ ආර්ථිකයේ පුද්ගලික හා ව්‍යාපාර ණය තිබුන රුපියල් බිලියන 7200 ක් පමන. පොලිය ඉහල යාම නිසා මෙසේ ණය ඇරන් තිබුන පුද්ගලයන්ට හා ව්‍යාපාරයන්ට වූ පාඩුව රුපියල් බිලියන 280 ක් පමන වෙනවා. සමස්ථයක් වශයෙන් ගත්තහම රුපියල් කෝටි ලක්ෂයක පමන පාඩුවක් ඍජු හා වක්‍ර මාර්ගවලින් රටට වුනා. කවුද මේ පාඩුවට වග කියන්නේ ?

මෙයට වගකියන්න ඕනෑ හොරකම කල අය පමනක් නොවේයි. හොරු රැක්ක අයත් වග කියන්න ඕනෑ. අපට මතකයි එදා මේ හොරු රකින්න පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශ කරපු අය. අපිට මතකයි කමිටු දාල බැදුමකර වංචාවක් සිදුවුනේ නැහැ කියපු අය, අපිට මතකයි මේ ගැන කතා කරන එක වලක්වන්න උසාවි ගිහින් වාරණ නියෝග ඉල්ලපු අය,

අපිට මතකයි ඩිව් ගුනසේකර කෝප් කමිටු වාර්ථාව සබාගත කරන්න කලින් හොරු බේරන්න පාර්ලිමේන්තුව විසුරවපු අය. අපිට මතකයි බැඳුමකර සිද්ධිය ගැන විගනාධිපතුමාගේ වාර්ථා වැරදියි කියල එතුමට තර්ජනය කරපු අය. අපිට මතකයි මහබැංකුම් බැඳුම්කර ගනුදෙනුවේ කිසිම හොරකමක් සිදුවුනේ නැහැ කියල පොත් ලියපු අය.

අපිට මතකයි අවසාන කෝප් වාර්ථවත් බාල්දු කරන්න ෆුට් නෝට් දාපු අය. මේ ඔක්කොම ඉන්නෙ වත්මන් ආන්ඩුවේ. ඒ නිසා රටට වූ මේ පාඩුවට වත්මන් ආන්ඩුව වග කියන්න ඕනෑ.

මේ ආන්ඩුව් බලයට අවෙ යහපාලනය ගෙනෙන්නයි. හොරු අල්ලන්න කියා බලයට ආ ආන්ඩුවට යහපාලනය කියන වචනය ගැනවත් යම් කිසි ගෞරවයක් තියෙනවනම් ආන්ඩුව දැන් ඉල්ලා අස්වෙන්න ඕනෑ.

අපි හිතුව ජනාධිපති තුමාගේ විශේෂ ප්‍රකාශයේ මේවා ගැන සඳහන් වෙයි කියල. නමුත් එවැන්නක් සිද්ද උනේ නැහැ. ”

 

 

20,418 Viewers

2 Responses to “ජනාධිපති කොමිසම කියූ බැදුම්කරේ අලාභය ළුණු බිකක්.. ඇත්ත පාඩුව අන්තිම සතේට මෙන්න..”

  1. Christie Says:

    සිරිසේන වේට්ටිය උඩ්ටම උස්සගෙන එයා පත්කරපු කොමිසන් වාර්තාව ගැන අපිට උජාරු.

    මෙයාමනෙ අර්ජුන පත්කිරීමට අත්සන ගැහැව්වෙත්.

    කොමිසන් වාර්තාව පෙන්නනව සිරිසේන පත්කරපු අර්ජුන කරපු වන්චාව හා රටටම කරපු පාඩුව.

    සිරිසේන මුලුවගකීම බාරගන්න ඕනි.

    රනිල්ට, රවිට හා වෙනත් අයට වගකීම පවරන්න බැහැ.

    සිරිසෙනගේ කඩුතලය මතට ඔහුම වැටිය යුතුය.

    Sirisena is carrying on about the Commission he appointed and its report on the biggest financial fraud in the country.

    He is the one who finally appointed Arjuna Mahendran by signing the documents of Arjuna’s apoointment.

    The Commission Report details the fraud, amount lost to the nation by sirisena’s appointment.

    Sirisena should take full responsibility for the appointment of Arjuna Mahendran.

    He cannot pass the responsibility to Ranil or Ravi or anyone else.

    Sirisena Should fall on his own sword.

  2. Sarath W Says:

    This robbery was planes long before the Jan 2015 election to fund My3’s campaign. My3 and Ranil are the biggest beneficiaries from this scam. That is the reason My3 can not name Ranil as the leader of this scam. If he does that Ranil will betray him.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress