බැඳුම්කර වංචාවේ ප්‍රධාන වගකිවයුත්තා රනිල්; ජනපති එජාපය ආරක්‍ෂා කිරීමේ පිළිවෙතක – ප්‍රසන්න රණතුංග
Posted on January 5th, 2018

අරුණ බෝගහවත්ත උපුටා ගැන්ම දිවයින

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම මගින් ලබාදුන් වාර්තාවට අනුව එහි ප්‍රධාන වගකිවයුත්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුට දඬුවම් නොදී වෙනත් පුද්ගලයන්ට වරද පැටවීමෙන් පෙනීයන්නේ ජනාධිපතිවරයා තවදුරටත් එක්‌සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක නිරත වී සිටින බවක්‌ යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා “දිවයින”ට පැවසීය.

එක්‌සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කිරීමට ජනාධිපතිවරයාට කිසිම වුවමනාවක්‌ නොමැති බවට පැවැසුවත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පෙරේදා (3 දා) කළ විශේෂ ප්‍රකාශයෙන් එය ව්‍යංගයක්‌ බව පෙනීයන්නේ යෑයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ මගින් පෙනීයන්නේ රටේ ජනතාව තවදුරටත් මුළාවේ දැමීමක්‌ බවත් ඉදිරි මැතිවරණයේදී එය වටහාගෙන ජනතාව සිය ඡන්දය පාවිච්චි කළ යුතු බවත් රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress