පර්පචුවල් ලාභයත් බැඳුම්කර අලාභයත් අතර මිලියන 6,755ක පරතරයක්
Posted on January 6th, 2018

අනුරාධා හේරත් උපුටාගැණීම  මව්බිම

 පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභයත් ජනාධිපති බැඳුම්කර කොමිෂන් වාර්තාව හෙළිදරව් කළ අලාභයත් අතර රුපියල් මිලියන 6,755ක පරතරයක් පවතින බව දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි.

එම සංවිධානයේ කැඳවුම්කරු ජවිපෙ පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි වසන්ත සමරසිංහ ‘ඉරිදා මව්බිම’ට පැවැසුවේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් වාර්තාවල සඳහන් පරිදි එහි මාස 30ක ලාභය රුපියල් මිලියන 18, 255ක් වන අතර බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් රජයට වූ පාඩුව ලෙස ඉදිරිපත් කළේ රුපියල් මිලියන 11,500ක් බවය.
එකී වාර්තා අනුව රුපියල් මිලියන 6755ක පරතරයක් පවතින බව පැවැසූ සමරසිංහ මහතා ප්‍රශ්න කළේ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් බැඳුම්කර කොමිසමට නිවැරැදි තොරතුරු ලබාදුන්නේ නම් මෙවැනි ගැටලුවක් පැනනඟින්නේ කෙසේද යන්නයි.

ඒ අනුව 2015.04.01 සිට 2016.03.31 දක්වා රුපියල් මිලියන 5124ක්ද, 2016.04.01 සිට 2016.09.30 දක්වා රුපියල් මිලියන 6815ක්ද, 2016.09.30 – 2017.03.31 දක්වා රුපියල් මිලියන 6000ක් සහ 2017.04.01 සිට 2017.09.30 දක්වා රුපියල් මිලියන 316ක් (මෙය පොලී ආදායම පමණි) ආකාරයට රුපියල් මිලියන 18,255ක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලාභ උපයා ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

බැඳුම්කර කොමිසමේ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ ඉතා වෙහෙසක් දරා මෙසේ තොරතුරු හෙළිකිරීම පිළිබඳ තම සංවිධානය ස්තූතිවන්ත වන බව එහු පැවැසීය.

One Response to “පර්පචුවල් ලාභයත් බැඳුම්කර අලාභයත් අතර මිලියන 6,755ක පරතරයක්”

  1. Senerath Says:

    This is a very good point.
    But I probably have the answer.

    PP reasonable profit + Ranil’s Share( MR’s royality included) + Sirisena’s share + Karunanayagm’s Share + Mahendan’s Share + Salary for the කොමිසම් = 18255.
    JVPeers don’t understand arithmatic.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress