උතුරේ සියයට 75 ක්‌ මුදා ගත්තේ කවුද?
Posted on January 12th, 2018

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

2000 වසරේ අප්‍රේල් මස ප්‍රභාකරන් යාපනය දොරටුව අභියසට පැමිණ උතුරේ සිටි 40000 ක්‌ පමණ අපේ හමුදාවට සුදු කොඩි ඔසවා යටත් වන ලෙස නියෝග කරද්දී කළ යුත්තේ කුමක්‌දැයි රජයේ බලධාරීන්ට පෙන්නුම් කිරීමට කිසිදු මාධ්‍ය පාර්ශවයක්‌ සිටියේ නැත. එදා විදේශ මාධ්‍ය කොළඹ තරු හෝටල්වලට පැමිණ ප්‍රභාකරන් ශ්‍රී ලංකා හමුදාව යටත් කරගන්නා අයුරු මුළු ලොවටම ප්‍රකාශ කිරීමට පුන පුනා බලා සිටියි.
 
 මේ අවස්‌ථාවේ හමුදාව බේරා ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ගය පැවසුවේ “දිවයින” පමණකි.
 
 ඉන්පසු වන්නි මෙහෙයුම දියත් වන අවස්‌ථාවේ ශ්‍රී ලංකා හමුදාව ඉල්ලන් කනු ඇතැයි දේශපාලනයන් බොහෝ දෙනා තරයේ විශ්වාස කළහ.
 
 යුද මහාචාර්ය යෑයි හඳුන්වනු ලැබූවන් පැවසූවේ ප්‍රභාකරන් පැරදවිය නොහැකි බවයි. එසේම ඉංග්‍රීසි පුවත්පතක ආරක්‍ෂක වාර්තාකරුවෙක්‌ සහ කැනඩාවේ ද්‍රවිඩ මාධ්‍යවේදියෙක්‌ද පැවසූවේ වන්නි මෙහෙයුම ජයගත නොහැකි බවයි.
 
 එහෙත් වන්නි මෙහෙයුම ජයගත හැකි යෑයි පැවසූවේ දිවයින පමණක්‌ මේ පසුබිම මැද 2002 පෙබරවාරි මස 21 සහ 22 ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කෙරුණි. මේ ගිවිසුම විනාශයක්‌ සිදු කරන බව “දිවයින” පවසද්දී දිවයින ජාතිවාදී පුවත්පතක්‌ බවට හංවඩු ගසනු ලැබීය.
 
 කෙසේ වෙතත් ඕස්‌ටේ්‍රලියාව – එක්‌සත් එමීර් රාජ්‍යය, කැනඩාව, බ්‍රිතාන්‍යය යන රටවල සිටි දේශප්‍රේමීන්ට සම්බන්ධ ස්‌පර් සංවිධානය ඊනියා සටන් විරාම ගිවිසුමට එරෙහිව ක්‍රියාත්මක විය.
 
 මෙයට වසර 25 කට පෙර දියත් වූ විදේශගත දේශප්‍රේමීන්ගේ සටන නතර වූයේ නැත. දැන් එය ගෝලීය ශ්‍රී ලංකා සංසදය ව්‍යාප්ත වෙමින් පවතී.
 
 මේ දේශප්‍රේමී සටනේදී බ්‍රිතාන්‍ය කොටි ඩයස්‌පෝරාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ දේශප්‍රේමියකු වූ ඩග්ලස්‌ වික්‍රමරත්න මහත් සේවාවක්‌ කළේය. එය කිසිදිනෙක අමතක කළ නොහැකිය. පසුගිය රජය සමයේ බ්‍රිතාන්‍යයේ සිටින දේශපාලන අනාථයෙක්‌ චැනල් ෙµda රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේට ස්‌ටර්ලින් පවුම් ටි්‍රලියනයක්‌ ඉල්ලා නඩු පවරන බවට වහසි බස්‌ දොඩද්දී ඩග්ලස්‌ වික්‍රමරත්න බලාසිටියේ මේ බොරු දේශප්‍රෙAමීන් නටන නාඩගම ගැනය.
 
 එහෙත් අද හතු පිපෙන්නාක්‌ මෙන් ව්‍යාජ දේශප්‍රේමීන් බිහි වී ඇත. මෙය හාස්‍යජිනක තත්ත්වයක්‌ නොවේද? එය හිටපු ජනාධිපතිවරයා බලයට පැමිණි විට සතුරන් විශාල ලෙසින් ඔහුට සමීප වීමට සමානය. මෙය පුදුමයක්‌ නොවේ. ඊළාම් ගීතය ගැයූ පුද්ගලයාට ද ආයතනයක සභාපතිධූරයක්‌ හිමි විය.
 
 මේ තත්ත්වය මත සැබෑ දේශප්‍රේමීන් සිදු වන්නේ කුමක්‌දැයි නිහඬව බලා සිටී.
 
 අද කටමැත දොඩන එක්‌ දේශපාලනඥයෙන් පාර්ලිමේන්තුවේද පැවසුවේ ගොවි සංවිධානය මැර කල්ලියක්‌ නොවන බවත් ඔවුන් අවතක්‌සේරුවකට ලක්‌ නොකළ යුතු බවත්ය.
 
 මේ අතර ශ්‍රී ලංකාවේ ඒකීයභාවය උදෙසා සටන් කළ දෙස්‌ විදෙස්‌ දේශප්‍රේමීන්ට අවලාද නැඟීමේ ක්‍රියාමාර්ග දියත් විය.
 
 උතුරේ ද්‍රවිඩ නිජබිම පිළිගත යුතු බවට පැවසූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙක්‌ එක්‌තරා දේශපාලනඥයකුට “දිවයන” ජාතිවාදී පුවත්පතක්‌ බව කියා සිටියේය. එම දේශපාලනඥයා ඒ බව ප්‍රසිද්ධියේ පවසමින් තමාට කේලම කී තැනැත්තා හෙළි කළේය.
 
 රජයේ විද්යුත් නාලිකාවක සේවය කරන අයෙකු මෑතකදී “දිවයින”ට ජාතිවාදී ලේබලය අලවනු ලැබීය.
 
 ඔහු විදේශගත රටක පෙඩරල් වැඩමුළුවකට සහභාගි වූවෙක්‌ බව දැන් හෙළි වී ඇත.
 
 එහෙත් ආණ්‌ඩු මාරුවෙත්ම මොවුන් සිය වෙස්‌ මුහුණු ගලවා දමා දේශප්‍රේමීන් බවට පත්වේ.
 
 එහෙත් සැබෑ දේශප්‍රේමීන් කවුදැයි ජනතාව දනී. මේ අතර උතුරෙන් සියයට 75 ක්‌ මුදාගත්තේ තමා බව පසුගියදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පැවසුවාය. එහෙත් විශාල අලිමංකඩ සහ මුලතිව් කඳවුරු අහිමි වූයේ ඇගේ පාලන සමයේදීය.
 
 නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ යාපනය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුම දියත් කිරීමට සැලසුම් කළ අවස්‌ථාවේ එය නතර කිරීමට උත්සාහ ගනු ලැබුවේ ඇගේ පාලන සමයේදීය.
 
 මේ අතීතය අද බොහෝ දෙනකුට අමතක වී ඇත. බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි වසන්ත රාජා නමැති කොටි හිතවාදියා ජාතික රූපවාහිනියේ සභාපති කරන ලද්දේ ඇගේ පාලන සමයේදී බව අමතක වී තිබේ.
 
 මේ අතීතය අමතක වී ඇත්තේ 1995 සමයේ සිටි මාධ්‍ය පාර්ශව මිය පරලොව ගොස්‌ ඇති බවට දේශපාලනඥයන් අදහස්‌ කිරීම හා දැන් සිටින නවක පරපුර ඒ ගැන නොදන්නා කමත් නිසාය.
 
 එසේම හිටපු ජනාධිපතිනියට නොකියා නෝර්වේ සමඟ ඊනියා සටන් විරාම ගිවිසුම පවා අත්සන් කෙරුණි.
 
 මේ තත්ත්වය මත මාවිල්ආරු සිට සාම්පූර් දක්‌වාත් එතැන් සිට තොප්පිගල හා ඉන්පසු මන්නාරම දක්‌වා සහ මුළු වන්නියම මුදාගනු ලැබුවේ වන්නි මෙහෙයුම සමයේදීය. එසේම කනගරායන්කුලම් හමුදා කඳවුර පමණක්‌ නොව රුපියල් මිලියන ගණනක අවි ආයුධ ද අපට අහිමි වූයේ කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ බව අමතක නොවේ.
 

One Response to “උතුරේ සියයට 75 ක්‌ මුදා ගත්තේ කවුද?”

  1. jay-ran Says:

    කීර්ති වර්ණකුලසූරිය,MAHATHANENI!
    MEYAATA DENG HODATOMA PISSU,
    WHERE IS THIS BANDIT ILLICIT QUEEN?????? If this Bandit Queen is among the LIVING PL READ THE ABOVE ARTICLES OF,(1)Mr.KEERTHI WARNAKULASURIYA and,
    (2)Mr.A.A.M.Nizam, MATARA
    R U STILL LIVING “ONE EYED” DIRTY QUEEN????
    IF U R LIVING,READ THE ABOVE CLEARLY AND SAY WHETHER THEY ARE TRUE OR FALSE!!!
    And do not forget that ” IT WAS THE GREAT FORMER PRESIDENT “MAHINDA RAJAPAKSA”,WITH THE UNTIRING EFFORTS AND SACRIFICES BY THE FORMER DEFENCE SEC Mr.GOTABHAYA RAJAPAKSA WITHE GREAT TRI FORCES WHO DEFEATED THE 30 Year,TAMIL TERRORISTS LTTE KILLERS WITHIN A PERIOD OF LESS THAN 3 Yrs.
    Hey BANDIT QUEEN,WE SRI LANKANS WHO WITNESSED THE BRUTAL KILLINGS OF THE LTTE AND SAVING SRI LANKA BY THE GREAT MAHINDA R,GOTABHAYA R,WITH THE GREATEST TRI FORCES in 2009!!!
    Another thing,ALL WESTERN COUNTRIES TRIED TO STOP M.R’s WAR AGAINST LTTE,BUT MISSERABLY FAILED!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress