රාජගිරියේ ගුවන් පාලම ”සෝභිත ගුවන් පාලම” ලෙස නම් කළ බව ජනාධිපති ඊයේ කිවේය. ඒ අනුව ජනාධිපතිවරයාගේ දැනුමට සහ මොළයට අභියෝග නොකර එතුමා කියූ ලෙස රාජගිරිය ගුවන් පාලම ”සෝභිත පාලම” ලෙස හැදින්විමෙන් පසු මෙවන් දේද අසන්නට ලැබෙනු ඇත.
Posted on January 12th, 2018

1. ”මචං…සෝභිතේ ගාව පට්ට ට්‍රැෆික්, ඒ අස්සේ ගියොත් හිරවෙන්න වෙන්නේ ඒ නිසා උඹ වෙන පාරකින් දාලා වරෙන්”

2. ” බබා ඔයා කොහෙද ඉන්නේ, මම දැන් විනාඩි විස්සක් වෙනවා මේ සොභිතේ යටට වෙලා බලං ඉදන්, වට පිට යන උනුත් බල බල යනවා ඉක්මනට එන්නකො”

3. ”සර්..මං මේ සෝහිතේ උඩින් කාර් එක දැම්මා විතරයි, මං ටක්ගාලා එන්නං සර් ඔතනම ඉන්න.”

4.අනාගතේ පත්තරේක කවි පිටුවෙන් …
”පෙම් කරන හැමදාම තනි රකින්නට ඉදපු
සෝභිතේ උඹ තමයි හිතවතා මට හිටපු …”

5.අනාගතේ අඩන සිංදුවක
”තවමත් ඔයා එනවද කියා….
අඩ අඩා… මං බලං ඉන්නවා….
සෝභිතේ යට ඉදන්……ආආආආආ…..

6. ”මේ කමල් සෝභිතේ යට පිකට් එකක්ලු, ගිහින් පොටෝ ටිකක් ගහන් එනවා… මතක ඇතුව සෝභිතෙත් අහුවෙන්න හොද පොටෝ ටිකක් ගන්නවා.”

7. ”සර්… සෝභිතේ උඩ ඇක්සිඩන්ට් එකක් වෙලා අන්න, වාහන හතරක් එකට වැදිලා පොඩ්ඩක් බලන්න වෙයි, මිනිස්සු ගහගන්නවත් එක්ක.”

8.ලහිපිටේ දැන්වීමක්
”සෝභිතේ පෙනෙන දුරින්, පර්චස් 10ක වටිනා ඉඩමක් විකිණීමට ඇත, බ්‍රෝකර්වරු අනවශ්‍යයි.”

9.රූපවාහිනි පුවත්
”අද උදෑසන සෝභිත අසළ වෙළද සැළක ඇතිවූ ගින්නකින් වෙළදසැල සම්පුර්නයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර අලාභය මෙතෙක් ගණනයකොට නැති බව වෙළදසැල් හිමිකරු කියයි.

10.ලංකාදීපේ පුවතක්
”සෝභිත අසළ ගැවසෙමින් සිටි ඉහළ මිලට අලෙවිවන ප්‍රසිද්ධ ගණිකාවක් වැලිකඩ පොලිසියේ අත්අඩංගුවට”

දැන් කියන්න එපා මේවා අපහස කරන්න දැම්මා කියලා.
ජනාධිපතිතුමා තමා එතුමාගේ දැනුමේ හැටියට ඒ විදිහට නම දැම්මේ

3 Responses to “රාජගිරියේ ගුවන් පාලම ”සෝභිත ගුවන් පාලම” ලෙස නම් කළ බව ජනාධිපති ඊයේ කිවේය. ඒ අනුව ජනාධිපතිවරයාගේ දැනුමට සහ මොළයට අභියෝග නොකර එතුමා කියූ ලෙස රාජගිරිය ගුවන් පාලම ”සෝභිත පාලම” ලෙස හැදින්විමෙන් පසු මෙවන් දේද අසන්නට ලැබෙනු ඇත.”

  1. Christie Says:

    ඉන්දියානු රූකඩ සිරිසේනගේ කටේ මසුරන් දාන්න වටිනවා. ”

    බෝක්කුවකට හරි පාලමකට නියම නම.

    ඉන්දියානු පරපෝසිතයන්ගෙන් කාල සින්හලයන් දෙකටබෙදල සින්හලයින් විනාසකරන ඉන්දියානු යහපාලය බිහිකල උන්ගෙන්ම මරනයට පත් කෙනෙකුට මෙයට වඩා යහපපතක්?

  2. jay-ran Says:

    Sirata nam deng HODATOAMA PICHCHU!!!

  3. jay-ran Says:

    UTHUM BAUDDHA SWAAMEEN WAHANSE NAMAKATA MEHEMA NINDA KARANA MEMA MODAYAATA MEWAA THERUM KARANT KENEK NEDDA???Aniwaryayemma mey jada kristhiyaani UNP Ranil harakaage UPADESAYAK WENTA ETHI,BAUDDHAGAMATA NINDA KARAWANTA!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress