‘එයාර් ලංකා’ කොමිසමටත් කලින් සුද්දෝදනලා හෙලිවෙයි.. ගැහිලි නම් මෙන්න ගැහිලි..
Posted on January 15th, 2018

චාමින්ද කරුණාරත්න lanka C news

ශ්‍රී ලාංකන් ගුවන් සේවය ගැන ජනාධිපති කොමිසමක් දමා හෙව්වොත් වත්මන් කලමණාකරනය ගනත් හොඳ හොඳ දේවල් එලියට එනු ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ ඉරිදා ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ සිංහ සමාජ ශාලාවේ පැවැත්වුන වෘතිකයින්ගේ සම්මන්ත්‍රනයක් අමතමනි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුලසුන හෙබවූ මෙම සමුලුවට ඇල්ලේ ගුනවංශ හිමි, බැසිල් රාජපක්ෂ, නිවාර්ඩ් කබ් රාල්, මේජර් ජෙනරල් කමල් ගුනරත්න ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.

පසුගියදා සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරමින් කියා සිටියා ඔහු බලා පොරොත්තු වෙනවා කියලා ශ්‍රී ලාංකන් ගුවන් සේවය ගැන ජනාධිපති කොමිසමක් පත්කරල කරුණු හොයන්නට. ඔහු ඉන් ජනතාවට අඟවන්නට උත්සාහ කලේ රාජපක්ෂ සමයේ මේ ආයතන පාඩුවට දිවූ බවයි.

මම කිසිම විටක පසුගිය රජය ශ්‍රී ලාංකන් ගුවන් සේවය පාලනය කල ආකාරය සුද්ද කරන්න යන්නේ නැහැ. එමිරේට්ස් ගුවන් සමාගමේ කලමනාකරණය ඉවත් කරල ශ්‍රී ලාංකන් ගුවන් සේවය යලි රජයට පවරා ගැනීමේ තීරණය කුමන හේතුවක් නිසා හෝ ගත්තානම් ඉන්පසු එම ගුවන් සේවය පාලනය කරන්න ක්ශේස්ත්‍රය ගැන හොද දැනුමක් තිබෙන සභාපතිවරයෙකු ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කල යුතුව තිබුනා. ඒ තනතුරුවලට නෑදෑ හිතමිතුරන් පත් කිරීම පසුගිය රජය විසින් ගත් , පුර වැසියෙකු ලෙස මා එකග නොවන තීරණයක්. නමුත් ඒ වරද ගැන දිගින් දිගටම කතා කරමින් ආ යහපාලන රජය එය ඊටත් වඩා නරක ලෙස සිදුකලා. සභාපතිවරයා කලේ අගමැතිගේ පාසැල් මිතුරෙක්. ඊට කලින් කරල තියෙන්නේ ඇදුම් නිශ්පාදනය. ඔන්න පලපුරුද්ද. ප්‍රදාන විධායක නිලදාරිය කලේ අගමැතිගෙ අඹ යාලුවගේ මල්ලී. ඔහුගෙ වැටුප පසුගිය රජය කාලයේ ගෙව්වා වගේ හතර ගුනයක් කියල ජනතා විමුක්ති පෙරමුනෙ හදුන්හෙට්ටි මහත්තය පසුගියදා පෙන්නල දීල තිබුනා. එතුමා කියන විදියට නව රජය යටතේ පත්කල නිලධාරියෝ ටික ගුවන් සේවයට දරන්න බැරි තරම් පඩි හා වරප්‍රසාද වැඩි කරගෙන. රුපියල් මිලියන 3 කට වඩා මාසික ආදායමක් ලබන නිලධාරියෝ 4 දෙනෙක් ඉන්නවලු. පසුගියදා ජනාදිපතිතුමාම මේ නිලදාරීන්ගේ වැටුප් විස්තර ඉල්ලුවාම ගුවන් සේවයේ සභාපතිවරය එය ප්‍රතික්ශේප කලා කියලත් පත්තර වල තිබුනා. ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබද්දි ප්‍රධාන විධායක නිලධාරියාට රුපියල් කෝටියක ප්‍රසාද දීමනවක් දෙන බවකුත් පසුගිය දිනවල වාර්තා වුනා. මොවුන් මේ විදියට ශ්‍රී ලංකන් ගුවන් සේවය සූරාකන අතර දිගින් දිගටම ගන්නාවැරදි තීරණ නිසා ගුවන් සේවයේ පාඩු දෙගුන තෙගුන වෙලා.

ශ්‍රී ලංකන් ගුවන් සේවා ඉතිහාසයේ අසාර්ථකම යුගය ආරම්ඹ වුනේ යහපාලනය බලයට ආවට පසුවයි. ඔබ දන්නවා ඇති ගුවන් යානා ක්ශේෂ්ත්‍රයේ ලොකුම වියදම ඉන්ධන වියදම බව. අපි දන්නවා 2011-2014 කාලයේ ලෝක තෙල් මිල බැරලයකට ඩොලර් 110ක් වැනි ඉතා ඉහල අගයක තිබුනේ. ශ්‍රී ලාංකන් ගුවන් සේවයට එදා ලාබ ලබන්නට තිබුන මූලිකම බාදාව මේ අධික තෙල් මිලයි. නමුත් 2015 ජනවාරි සිට මේ තෙල් මිල පුදුමාකාර ලෙස අඩුවුනා. බැරලයක මිල ඩොලර් 50 ටත් වඩා පහලට ආවා.

මෙ තත්වය යටතේ හරියට අනෙකුත් වියදම් කලමණාකරනය කරගෙන ගුවන් සේවාව පවත්වාගෙන ගියානම් පසුගිය වසර 3 තුල රටට විශාල ලාබයක් ලැබිය යුතුව තිබුනා. නමුත් ඒ වෙනුවට පසුගිය වසර දෙකේ ශ්‍රී ලාංකන් ගුවන් සේවය විශාල ලෙස පාඩු ලැබුව. ඒ මේ වැඩ බැරි දාසලාගේ වැඩ බැරි කම නිසයි. හැම වැඩක්ම අනා ගන්නවා.

අද තෙල් මිලේ වාසිය පසුගිය රජය කාලේ තිබුනනම් එදා ලාබය හා අද අලාබය අපට ගනන් හදා බලන්න පුලුවන් මෙන්න මේ ආකාරයට.

  • 2013 ලාබයරුපියල් බිලියන 8 යි ( කෝටි 800 )
  • 2014 ලාබය රුපියල් බිලියන 1 යි ( කෝටි 100 )
  • 2015 ලාබය රුපියල් බිලියන 5 යි ( කෝටි 500 )
  • 2016 අලාබය රුපියල් බිලියන 8 යි ( කෝටි 800
  • 2017 අලාබය රුපියල් බිලියන 14 යි ( කෝටි 1400 )

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ වත්මන් කලමණාකරනය විසින් පසුගිය රජයේ නිල කාලයේදී කරන ලද නව අහස් යානා ඇණවුම් කිහිපයක් පදනම් රහිතව අත්හිටුවීම නිසා, එම අහස් යානා නිශ්පාදන ආයතනයට රුපියල් කෝටි 1600 ක වන්දියත් නව කලමණාකාරීත්වය යටතේ 2017 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලැබූ පාඩුව රුපියල් කෝටි 1400 ත් දෙකේ එකතුව රුපියල් කෝටි 3000 යි. මෙය මත්තල ගුවන් තොටුපොල සාදා නිමකරන්නට ගිය සම්පූර්ණ මුදලට වැඩි අගයක්.මත්තලට සුදු අලියෙක් කිවූ යහපාලන කෙරුමෝ මෙහි වගකීම ගන්නවාද ? අඩුගානෙ මත්තල තියෙනවා මෙයාලට කෝටි 3000 කට විකුනගන්නවත්

මොකද්ද මේකට හේතුව. වැඩබැරිදාසලට ගුවන් සේවාව කලමණාකරණය කිරීමට බැරි කම පමන නොවෙයි නෑදෑයො යාලුවො තොග වශයෙන් ආයතනයේ ඉහල තනතුරුවලට දමාගෙන එය සූරා කෑමයි. හිතාගන්නවත් බැරි තරම් ඉහල වැටුප් හා විවිධ වරප්‍රසාද අනුමත කරගෙන ආයතනේ වියදම් විශාල ලෙස ඉහල දමා ගැනීමයි. මේ අයගේ පඩි හා වරප්‍රසාද මොවද කියල මාධ්‍ය වලින් ඇහුවහම ආයතනයේ සභාපති කියනවා ඒවා පුද්ගලිකයි රහසිගතයි කියල. හැබැයි මේ කාබාසිනියා කරන්නේ මහජන මුදල්. අපේ රටේ මිනිස්සුන්ට ලොකු අමාරුවක් තිබුනේ පසු ගිය රජයේ ඥාති සංග්‍රහ ගැනනේ. ඒව වැරදියි කියමු. ඉස්සර හිටියේ හිටපු ජනාධිපතිතුමාගේ මල්ලිනේ සභාපති ලෙස. එහෙනම් අද මේ යහපාලකයන්ගේ නෑදෑයො මිත්‍රයො එකතුවෙලා මේ කරන මහජන දේපල විනාශය ගැන මොකද්ද කියන්න තියෙන්නේ ? එදා මෙහෙම පාඩු තිබිල නැහැනේ . තෙල් මිල අද ගානට තිබුනනම් එදා ආයතනය ලාබ ලබනවනේ. අද තෙල් මිල මෙතරම් අඩුවෙලත් මොවුන් ආයතනය විනාශ කරල නේද ? ”

2 Responses to “‘එයාර් ලංකා’ කොමිසමටත් කලින් සුද්දෝදනලා හෙලිවෙයි.. ගැහිලි නම් මෙන්න ගැහිලි..”

  1. Christie Says:

    Our international carrier has been ridden with corruption from earlier times. It was used by the Indian Colonial Parasites to go to India and the Wets as asylum seekers in the eighties. In the eighties it lost millions of dollars when the overseas agents did not pay the fares they collected.

    Some of the executives of today may be refugees who went to the West using our international carrier.

  2. Senerath Says:

    I don’t know why so called Buddhist use this joker word “Suddodana” to rrepresent people who steal ( sudda karanawa) wealth of the country. How could a Buddhist keep on publishing these articles insulting Prince Siddharatha’s father ?
    King Suddhodana name should be revered, he was an Anagami and became an Arahant before pass way to parinibbaana.
    Sirisena is a unfortunate fool who will rot in hell who appears to have used this word recently, borroing it from hooligon language.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress