ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව වෙත ලබා දී ඇත්තේ බැදුම්කර වාර්තාවෙන් කොටසක් පමණයි.
Posted on January 19th, 2018

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව වෙත ලබා දී ඇත්තේ බැදුම්කර වාර්තාවෙන් කොටසක් පමණයි.  ඉතිරිය සැගවීමේ අවශ්‍යතාව කුමක් ද? 

ෆුට් නෝට් සටහන් පිළිබද විශේඥන ලියවිලි, රහස් පොලිස් පරීක්ෂණ වාර්තාව ඇතුළු වැදගත්ම ලේඛන සියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු කරන්න.  කැෆේ සංවිධානයෙන් ගරු කථානායකට ලිපියක්.

බැදුම්කර වාර්තාවට අදාළ වෙළුම් දෙකකින් යුතු ‘සලකුණු කළ ලේඛන’ හා ‘සාක්ෂි සටහන්’ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා කැෆේ සංවිධානය ගරු කථානායක තුමාට යොමු කළ ලිපිය මේ සමග අමුණා ඇත.  

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ගරු කථානායක වරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ,  ”………………එම වාර්තාවේ වැදගත්ම කොටසක් වන ‘කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ’ සලකුණු කළ ලේඛන’ සහ සාක්ෂි සටහන් මේ දක්වාම ගරු පාර්ලිමේන්තුව වෙත හෝ ඔබතුමන් වෙත හෝ ලැබි නොමැති බව මාගේ විශ්වාසය යි.” 

කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ ‘…………………උදා හරණයක් ලෙස ‘සී 350’ ලෙස සලකුණු කොට ඇති ලේඛනය මත පදනම් වූ නිරීක්ෂණ පිළිබද ප්‍ර‍ධාන වාර්තාවේ සදහන් වේ.  නමුත්, එම ලේඛනය මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දී නැත.”   

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බැදුම්ක වංචාව  හා එයට සම්බන්ධ පාර්ශව පිළිබද සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා තාර්කික, දත්ත පාදක නිගමනයන්ට එලැඹීම උදෙසා මෙම අතිරේක ලේඛන පරිශීලනය අනිවාර්ය වූ අවශ්‍යතාවයකි.  එබැවින්, අදාළ සලකුණු කළ ලේඛන හා සාක්ෂි සටහන්  අතුලත් වෙළුම කොටස් 2 ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීම පිණිස ගරු කථානායකවරයාට මැදිහත්වන ලෙස තෙන්නකෝන් මහතා සිදු කළ ඉල්ලීමේ තවදුරටත් දැක්වේ.

2018 ජනවාරි 18

කරු ජයසූරිය මහතා,

ගරු කථානායකතුමා,  

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,

ශ්‍රී ජයවර්ධනපුර.

ගරු කථානායකතුමනි,  

බැදුම්කර කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ව්‍යවස්ථාදායකයේ සියලු මහජන නියෝජිතයින් වෙත ලබාදීම සම්බන්ධයෙනි.

අපගේ අවබෝධය අනුව බැදුම්කර කොමිෂන් සභාව විසින් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙනු ලැබූ  සම්පූර්ණ වාර්තාව වෙළුම තුන (3) කින් යුතු ය.  එයින් ප්‍ර‍ධාන වාර්තාව ජනාධිපති ලේකම්තුමා විසින් ප්‍ර‍සිද්ධ කොට ඇත.     නමුත්, එම වාර්තාවේ වැදගත්ම කොටසක් වන ‘කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ’ සලකුණු කළ ලේඛන’ සහ සාක්ෂි සටහන් මේ දක්වාම ගරු පාර්ලිමේන්තුව වෙත හෝ ඔබතුමන් වෙත හෝ ලැබි නොමැති බව මාගේ විශ්වාසය යි.

උදාහරණයක් ලෙස ‘සී 350’ ලෙස සලකුණු කොට ඇති ලේඛනය මත පදනම් වූ නිරීක්ෂණ පිළිබද ප්‍ර‍ධාන වාර්තාවේ සදහන් වේ.  නමුත්, එම ලේඛනය මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලැබී නැත. 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බැදුම්කර වංචාව  හා එයට සම්බන්ධ පාර්ශව පිළිබද සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා තාර්කික, දත්ත පාදක නිගමනයන්ට එලැඹීම උදෙසා මෙම අතිරේක ලේඛන පරිශීලනය අනිවාර්ය වූ අවශ්‍යතාවයකි.  එබැවින්, අදාළ සලකුණු කළ ලේඛන හා සාක්ෂි සටහන්  අතුලත් වෙළුම කොටස් 2 ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීම පිණිස ඔබගේ ඉක්මන් අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී, 

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

පිටපත්

1.       පාර්ලිමේන්තු මහ ලේකම්තුමා

2.       ගරු අග්‍රාමාත්‍යතුමා

3.       ගරු සභානායකතුමා

4.       ගරු විපක්ෂ නායකතුමා

5.       ඒකාබද්ධ විපක්ෂයේ ගරු කණ්ඩායම් නායකතුමා

6.       පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකතුමන්ලා 

8877.PNG

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress