සිරිසේන ජනාධිපති  හා රනිල් අගමැති එකම කාසියේ  පැතිදෙක.
Posted on January 28th, 2018

චාර්ල්ස් පෙරේරා විසින්

මේ අභූත යහපාලනය නිසා අසරණවූ මගේ හිතවත් ලංකාවේ ජනතාවෙනි.  ඔබ අසරණ කල මේ කාලකන්නි සිරසේන රනිල්  යහපාලනයට නැවතත් රැවටෙන්න එපා.

උන්ට ඔබ රවටන්න බැරිබව වටහාදෙන්න පුළුවන් එකම අවස්තාවයි පළාත් සභා චන්දය.

රටහදන්න පුළුවන් දේශපාලන චින්තනයක් සිරිසේනටවත් රනිල්ටවත් නැ. සිරිසේන ගිරිය පුප්පවාගෙන හැමතැනම කියන්නේ හොරු  ගැන,  අලුත්වචනත් යොදාගන්නවා දැන් කතාකරන්නේ ප්‍රභූ චෞර සන්ධාන ගැන. මේ චන්දෙවෙනකම් ඇයි සිරිසේන ජනාධිපති නිස්ෂබ්ධව සිටියෙ අවුරුදු තුනකට පස්සේ දැන් ද එයාට හොරුපෙනිලා තියෙන්නේ ?

අසරණවූ අපේ මිනිස්සුන්ට දැන් ඕනෑ හොරු අල්ලන එකද නැත්නම් එදිනෙදා ජීවිතය ගෙනයැමට අවශ්‍ය භාණ්ඩමිල අඩු සාධාරණ ජීවනවියදමක් හා පීඩනයකින් තොර දේශපාලන ක්‍රමවේදයක් නොවේද ?  සිරිසේන ජනාධිපති මවාපාන ගිය ආණ්ඩුවේ හොරමැරකම් ගැන ගිරිය උලුප්පාගෙන කෑගහන හැම අවස්තාවෙදීම ඒ ආණ්ඩුවේ සිටි සිරිසේන ජනාධිපතිතුමාත්  ඒ හොරමැරකම්වලට සමබන්ධබවනේද  ජන්නතාවට වැටහෙන්නේ ?

ජනාධිපති තුමා පහුගිය ආණ්ඩුවට මොන දේකට හරි  චෝදනා කරනකොට ඒ චෝදනා එතුමාටත් එල්ල වෙනවා නේද ?  මේ ඔක්කොම කථා චන්ද පිස්සුවෙන් දෙන මර ලතෝනි. චන්දෙන් පස්සේ කටවහගෙන අගමැති බටහිර රටවල්වල උවමනාවට කරගෙන යන රට වනසන දේසපාලන වැඩපිළිවලට ඉඩදීලා නිකන් ඉඳියි. සංහිඳියාව සඳහා හා මාර අලුත් ව්‍යවස්ථාවක් හදල රට දෙකඩ කරන්න  රනිල් අගමැතිතුමාට ඉඩදීල නිස්ස්හබ්ද වෙයි.

රනිල් මංගල සමරවීර එක්ක එකතුවෙලා ඇමෙරිකාව සමග  එක්වී  ලංකාවට විරුද්ධව ගෙනා  යෝජනා ක්‍රියාත්මක කරයි. ඉන්දියාවත් එක්කත් සිංගප්පුරුව එක්ක වගේ වෙළඳ ගිවිසුමකට ඉඩදෙයි. . හොරු අල්ලන එක නොවෙයි මේ ශ්‍රී ලංකාවට ඇතිවෙන්න යන අනතුරුවලින් රට බේරගන්න එකයි සිරිසේන ජනාධිපති තුමාකල යුත්තේ. හොරු නැති දේශපාලනයක් ලෝකයේ කොහේ වත් නැ. යහපාලනයේ බැංකු කඩපුතරම් හොරු නම් ලෝකයේ කොහෙවත් නැ.

ඒ නිසා ජනාධිපති තුමයි එතුමා වටේ ඉන්න ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය  දෙකඩ කරන්න උදව් දුන් ජනතාව ප්‍රතික්ෂේපකල සමහරක් අයගෙන් ගෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් 45 දෙනාට රැවටිලා ඔවුන් පෙනීසිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුනටනම් වැරදිලාවත් ඔබේ වටිනා චන්දය දෙන්න එපා.   

සිරිසේන ජනාධිපති  හා රනිල් අගමැති එකම කාසියේ  පැතිදෙක. ඒ නිසා ඔබ  සිරිසේන මැතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණට දෙන හැම චන්දයක්ම ඔබ දෙන්නේ  එක්සත් ජාතික පක්ෂයත් සමග ගැටගැහිලා ඉන්න යහපාලනයට.

අමතක කරන්න එපා මේ පළාත් පාලන චන්දයේදී ඔබ  සිරිසේන ජනාධිපති තුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අත ලකුණට  හෝ සන්ධානයේ පුටුව ලකුණට දෙන හැම චන්දයක්ම දෙන්නේ  එක්සත් ජාතික පක්ෂයට බව. 

සිරිසේන ජනාධිපති තුමා මහා පරිමාන  හා  ප්‍රභූ චෞර සන්දාන ගැන හයියෙන් කතාකරකර කලේ  එක්සත් ජාතික පක්ෂයේ හොරුන් ආරක්ශාකල එකයි.  රටේ  හා මාද්යයේ  උද්ඝෝෂණ  වැඩිවෙන්ට පටන්ගත්තාමයි කොමිසන් සභාවක් පත්කළේ. සය්ටම් වයිද්‍යා විද්‍යාලය සම්බන්ධව තාමත් ජනාධිපති තුමා තීරණයක් අරන් නෑ. එව්වා නේද අවශ්‍ය හොරු අල්ලනෙකට වඩා

මේ තක්කඩි යහපාලනයෙන් ගැලවෙන්නට නම  ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පොහොට්ටුව ලකුණට චන්දය දෙන්න. ඒ පක්ෂයට පමණයි ලංකාව වැටිලාතියෙන අගාදියෙන් ගලවාගන්නපුලුවන්.

One Response to “සිරිසේන ජනාධිපති  හා රනිල් අගමැති එකම කාසියේ  පැතිදෙක.”

  1. Christie Says:

    both Indian puppets.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress