සිරිසේන ජනාධිපති තුමාගේ දේශපාලන කතා, රැස්වීම්වල කතා කරන්න කුලියට ගත් මිනිහෙකුගේ කතා වගේ.
Posted on February 1st, 2018

චාර්ල්ස් ඇස් පෙරේරා විසින්

ඔහු කරන චෝදනාවල ඇත්ත කොච්ච්රද නැත්ත කොච්චරද මැනලා  බලන්න  තියෙනවා.

 ලංකාවේ උඩරට පවුල්වල කෙනෙක් මැරුණාම  අඬන්න ගෑනු කුලියට ගන්නවා
හුඟක්වෙලාවට දෙමළ ගෑනු. උන් මළ ගෙදරට එන ම්නිස්සු වැඩිවෙන්ට වැඩිවෙන්ට
මුලු ගමටම ඇහෙන්න මර ලතෝනි තියනවා.

ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ ත් එහෙම කුලියට ගන්න කටහැකර කථිකයොත් හිටිය
උන් කුනුහරූපත් කියල විරුද්ධපාක්ෂකයින් ලැජ්ජාකරන කථා කියනවා. මට තාමත්
මතකයි  මාතලේ කච්චේරියගාව පිට්ටනියේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක්
තිබුණා.  එතකොට ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ නායිකාව සිරිමාවෝ බන්ඩාරනායක
මැතිනිය. එක්සත් ජාතික පක්ෂයේ කතිකයා මටමතක හැටියට ජයමාන්න කියල මහා වනචර
කුපාඩි කථිකයෙක්. ඌ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියට  ඇගේ ගැහැනුකමට පහර
දෙන්න  මහනින්දිත හැටියට කතා  කීවා .

එදා එක්සත් ජාතිකපක්ෂය මෙන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  එස් බී
දිසානායකත් විලිලජ්ජා නැතිව පාහර කතා කියනවා.  ඔහු විරුද්දපක්ෂයක එක
මන්ත්‍රීවරියක් නම්කරමින් ඇ රෙදිත් කඩාගෙන ගිය හැටියක් නින්දිත විධියට
කීවා. මෙවැනි කථා පාරලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කිව යුතු නොවේ. ඇරත්
ගැහැනුන්ට දේශපාලන චන්ද සඳහා ඉදිරිපත්වීම නීතිගතකර තිබෙන අවධියක
මන්ත්‍රීවරියකට අපහාස්මකව කිලිටි බස් දෙඩීම කිසිසේත් පිළිගත නොහැක.

ඊයේද පෙරේදාද සිරිසේන ජනාධිපති තුමා රිකිල්ලකඩ රැස්වීමක කතාකරනකොට මට එදා
මාතලේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමේ කතාකල ජයමාන්නද කොහෙද මිනිහා කරපු
පාහර කතාවයි මතක් උනේ.  ජී.එල්. පීරිස් මැතිතුමාගේ සභාපතිත්වයෙන් පවතින
ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ගැන කථා කරමින්  ජී එල්ගේ  කුනුකානුව තියෙන්නේ
හොරු රකින්ට යයි කීම ජනාධිපතිවරයකු විසින් කිව නොයුතු අසීලාචාර  කතාවකි,
ඒ කතාව නැණවත් මිනිසුන් කෙසේ පිලිගන්නේදෑයි නොදනිමු.

යමක් කමක් දන්නා අධ්‍යාපනයක් ලත් සීලාචාර  යහපත් මිනිස්සු තමන්ගේ තත්වය
අනුව ත කරන ක්‍රියා, හා කථා කරන වචන හසුරුවා ගතයුතුයි නොඑසේනම් ඒ මිනිස්
කමට කරන අගෞරවයකි.

 මට  මතකයි උම්මග්ගජාතක කතාවේ ද කොහෙදෝ  තියෙනවා රජ තුමා මහෝසධ පඬි තුමා
රජමාලිගාවට කැඳවාගෙන එන්ට ඇමතිවරයෙක් යවනවා . මහෝසධ පඬි තුමා පොඩි
කොලුගැටයෙක්  ඔයු ඇමතිවරයාත් එක්ක රජමාලිගාවට යනකොට දඩබ්බර  කොලුකමට පාරේ
වළ වල්  උඩින් පැන පැන   පාරට නැමී තියෙන අතුවල කොළ  කඩ කඩ යනවා.
මාලිගාවට ඇවිල්ල රජතුමා බැහැ දකිනවා, රජ්ජුරූවෝ කුමාරයට කතාකරලා ඔහුට
මාලිගාවේ නිලයක් භාර දෙනවා.

මහෝසධ පඬි තුමා නිලයභාරගෙන ඔහු සමග පැමිණි ඇමතිවරයාත් සමග ආපහු ඔහුගේ
ගෙදරට යනවා. මහෝසධ පඬි තුමා මාලිගාවට එනකොට පාරේ උඩින් පැන පැන ආපු
වලවල්  හොඳ තැන්පත්ව පසුකර පාරට නැවී තිබුණ අතුවල  කොළ කඩන්නේ නැතිව
සංවරසීලීව ගෙදරට පැමිණියා. එතකොට අර ඔහුත් එක්ක පැමිණි ඇමතිවරයා  මහෝසධ
පඬි තුමාගෙන් අහනවා පඬි තුමානෙනි ඔබ රජ මාලිගාවට යනකොට වලවල් උඩින්
පැනපැන ගියේ නමුත් ආපහු එනකොට  ඒ වලවල් උඩින් පනින්නේ නැතිව හොඳ පිළිවෙලට
සාන්ත දාන්තව පැමිණියා  ඒ මොකද කියලා.

මහෝසධ පඬි තුමා කියනවා ඇමති තුමනි මම මාලිගාවට යනකොට කිසි වගකීමක් නැති
කොලුගැටයෙක් නමුත් ආපසු  එනකොට මම  රාජ්‍ය නිලයක්දරන වගකිව යුතු
පුද්ගලයෙක්. ඒ නිසා ඒ නිලයට ගරුකරන පුද්ගලයෙක් වශයෙන් ඒ නිලයට ඔබින
අන්දමට හැසිරිය යුතු නිසයි  මම සැලකිලිමත්ව හීන්සිරුවෙන් යහපත්ව ගමන්කළේ
.

රටක ජනාධිපතිවරයෙක්ද හැසිරිය යුතු කතා කලයුතු පිළිවෙලක් තියෙනවා. ඔහු රටේ
වග කිව යුතු නායකයෙක්,  බෞද්ධයෙක් ඔහු මුළු රටටම ආදර්ශයක් විය යුතුයි.
ජනාධිපති වශයෙන්  ඔහු කිසිවෙක් හතුරෙකු වශයෙන්  හෝ අප්‍රිය පුද්ගලයකු
වශයෙන් හෝ සැලකිය නොයුතුයි. හැමොටම එක විධියට  සලකන උපේක්ඛා ගුනයතිබෙන
යහපත් කාරුණික පුද්ගලයකු වියයුතුයි. කෙනෙකුට තදින් යමක් කියනවානම්, ඔහුගේ
තනතුරේ බලය අනුව ක්‍රියා කරනවානම් එයත් හොඳට හිතා බලා යහපත්ව උපාය
මාර්ගිකව කාරුණිකව  කලයුතුයි.

නමුත් අපේ ජනාධිපති ඒ කිසි උපායමාර්ගයක් සලකන්නේ නැ. අර ඉංග්‍රීසි
කියමනක් තියෙනවා වීදුරුභාන්ඩ වෙළඳ සැලකට පැනපු ගොනෙක් වගේ කියලා. එවිධියට
රාජ්‍ය පාලකයෙකුට කටයුතුකරන්න බෑ.

සිරිසේන ජනාධිපති තුමා තමන් කරපු වැරදි වලින් ඉගෙන ගන්නේ නැති බවක්
පේනවා. 2015 අගෝස්තු මාසයේ ඔහු මැතිවරණයකට පැමිණි  මහින්ද රාජපක්ස මහතාට
විරුද්ධව ගත ක්‍රියා මාර්ගය නැණවත් ශිස්ඨ සධාචාරමත් කිසිවෙක් සුදුසුයි
කියන්නේ නැ. මහින්ද  රාජපක්ෂ මැතිතුමා  ඒ මැතිවරණයෙන් දිනන බව දැනගත්
ජනාධිපතිතුමා චෝදනා රාශියක් ඇතුලත් ලිපියක් යැව්වා, දෙවනුව දැනුම් දුන්නා
 දිනුවත් අගමැතිකම දෙන්නේ නැ කියල.

තෙවනුව මැතිවරණයට දවස් කීපයකට ඉස්සෙල්ල පක්ෂයේ  ලේකම් දෙපලම අස්කරලා
අලුත් ඔහුගේ සගයන් දෙදෙනෙක් ලේකම්වරුන් වශයෙන් පත් කලා.  මේ සියලු අසොභන
ජනාධිපතිවරයෙකුට තරම් නොවන ක්‍රියාවන්ගෙන් සිදු උනේ මහින්ද  රාජපක්ෂ
මැතිතුමාගේ පක්ෂයට  ලැබෙන්ට තිබුණු චන්ද සංක්‍යාව අඩුඋනා.

 මොහු අදත් ගෙනයන්නේ ඒ  ඔහුගේ නිලයට සුදුසු නැති නුවණැති පුද්ගලයන්
විසින් හෙළාදකින අසොභන හැසිරීමක්.

2015 ජනවාරි මාසයේ බලයට  පැමිණි මේ දෙබිඩි  ආණ්ඩුව රටට මොනවාද කරලා
තියෙන්නේ. මෙතුමන්ලා කියන හැටියට ප්‍රජාතන්ත්‍ර වාදය ඇතිකරලා තියෙනවලු .
නමුත් ප්‍රජාතන්ත්‍ර වාදය රටෙන් නැතිවීගියබවක් ජනතාවනම් දන්නේ නැ. සුදු
වෑන් සන්ස්කෘතියක් නැතිකලාලු. නමුත් තාම  මිනිසුන් වෑන් රථවලින් පැහැරගෙන
යෑම් පිළිබඳව ආරංචි ලැබෙනවා, මාද්‍යවෙදීන්ට සම්පුර්ණ නිදහස් දීලාතියෙනවා
කියනවා. නමුත් ඔවුන්ට අග්‍රාමාත්‍යවරයා විසින්ම පාර්ලිමේන්තුවේදීත්
මාද්‍යාවේදීන්ට තරවටුකරනවා  හැමෝම දෑකලා තියෙනවා.  හොරකම් කරන්නේ නෑ කීවා
නමුත් මහබැන්කුවත් මහදවාලේ  බිඳලා හොරකම් කළා.  නමුත් මේ ඔවුන් කියන
දියුණුවේ ලකුණු නිසා මිනිසුන්ගේ බඩගිනි අඩු වෙලාද?

ජීවන වියදම  පහතවැටිලාද ? නෑ.  ඉතින් මොනවාද  මේ දෙබිඩි ආණ්ඩුව රටට කල දියුණුව?

සිරිසෙන ජනාධිපති තුමන්නම් විරුද්ධ වාදීන්ට පතුරුයනකන් බනිනවා.  විපක්ෂයෙ
 හිටියාකිව් හොරු සේරම දැන් දෙබිඩි ආණ්ඩුව පැත්තේ.  බැංකුව හොරා කෑම
පිලිබඳ කොමිසන් වාර්තාවේ  නොකියපු දේවලුත් තියෙනවා කියනවා. තියෙනවා කියපු
 දේවල් නෑ  කියනවා. තව කොච්චර කාලයක් මේ නාඩගම නටන්න හදනවද?

ඉන්දියාවත් එක්ක වෙළඳ ගිවිසුම් තියන්න ඉස්සර සින්ගප්පුරුවත් එක්ක
ගිවිසුම්තියාගෙන. ලෝකයේ පිරිසිඳු නගරයක් බවට පථත්වූ කොළඹ අද දුගඳ හමන
නගරයක් වෙලා. විග්නේස්වරන්ට ලෝකයේ හැමපැත්තෙන්ම ඩොලර්  මිලියෙන ගණන්
ගලාගෙන එනවා. උතුරේ අනාගමික දෙමළ විතරක් පලාතක් නිර්මාණය කරන්න උත්සාහ
ගන්නවා. ඉන්දියන්  කාරයෝ ලංකාවේ හැමපලාතකම රැකි රස්සාවල් ලබාගෙන පල
පදියම් වෙනවා.  නමුත් දෙබිඩි ආණ්ඩුව ඇස් පියාගෙන  හොරුඅල්ලන්න කෑකෝ
ගහනවා.

එදා ලංකාව දෙකඩවීමේ සලකුනුපහල උන අවස්ථාවේ ජාතියේ වාසනාවකට  ජනාධිපති බවට
පත්වූ මහින්ද  රාජපක්ස මැතිතුමා ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් පරාජයකොට රට
එක්සේසත් කර, ලංකාව එතෙක් නොදුටු මහා සංවර්ධනයක් කරා ගෙනගිය ශ්‍රේෂ්ඨ
නායකයා. නමුත්  දැන් ඔහුගේ පුරවැසි අයතිවාසිකම් නැතිකරන්න  මෛත්රිපාල
ජනාධිපතිගේ  දෙබිඩි ආණ්ඩුවේ සැලස්මක් තියෙන බවද ආරංචි මාර්ගවලින් හෙළිවේ.

මෙන්න මෙහෙමයි, සුදුපාට රෙදි ඇඳගෙන මහා කරුණා ගුනයෙන් හෙබි බෞද්ධනායක
ජනාධිපති සිරිසේන මැතිතුමා 2001 සිට 2014 දක්වා ශ්‍රී ලංකා නිදහස්පක්ශයේ
මහ ලේකම්වරයාව සිට දැන් දෙබිඩි ආණ්ඩුවක නායකත්වය ලෑබ ජනාධිපතිවරයා බවට
පත්ව සිට ඔහුත් සමග වසරගනනාවක් එක්ව සිට ඒ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්වද වී  ඒ
 ආණ්ඩුව කල හැමදේකටම සම්බන්දව සිට ඒ සියල්ල අමතක වී වසර ගණනාවක්
කුම්භකර්නයෙකුමෙන් නිදා සිට අවදි උවකුමෙන් ඔහුගේ ඒ සගයන් ගැන කියන කතා

ඒ ගොල්ලන්ට ජී. ඇල්. පීරිස්‌ගේ හොර පක්‌ෂෙන්, දේශපාලන කුණු කානුවෙන්,
වසංගත රෝග වාට්‌ටුවෙන් මිදෙන්න බෑ. ඒක හොරු ආවරණය කරන පක්‌ෂයක්‌. හොරු
නිදහස්‌ කරපු පක්‌ෂයක්‌. මගේ ප්‍රතිපත්ති පිළිගෙන ඔය හොරුන්ට මාත් එක්‌ක
හිටගන්න බැරි බව මම පැහැදිලිවම දැනගෙනයි එහෙම කිව්වේ. රටේ කොච්චර හොරු
හිටියත් දූෂිතයෝ හිටියත් මේ රට අපි හදන්න ඕන ජාතික සමගියෙන් ගොඩ නැඟුනු
රටක්‌ විදිහට.”

නමුත් ඒ සගයන් සමග සිටිකාලයේ ඔවුන් කල හැමදේකටම ජනාධිපති තුමත්
සම්පුර්ණයෙන්ම වග කිව යුතු බවත් ඔවුන් කල හැමදේකටම සම්මාදන් උන බවත්
අමතකවෙලාද ? ඔවුන් එදා හොරු නම්  ඒ කාලයේ හොරකම්වලට ජනාධිපති තුමත්
සම්බන්ධව සිටියා නොවේද ?

වෛරයෙන් වෛරය නොසන්සිඳේ. වෛරය කරන්නා වෛරයෙන්ම නසී. සටනට කඩුවගන්නා
තැනැත්තා කඩුවෙන්මනසී.

මේ  දෙබිඩි   ආණ්ඩුවට මෙසේ තව කාලයක් පැවතීමට ඉඩදුන්නොත්  එය අපේ රටේ ද
අවසානයයි.  එබැවින්  මේ  දෙබිඩි   ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදය පෙන්වන්න
ලබන පළාත් පාලන චන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට ඔබේ වටිනා චන්දය
දෙන්න

7 Responses to “සිරිසේන ජනාධිපති තුමාගේ දේශපාලන කතා, රැස්වීම්වල කතා කරන්න කුලියට ගත් මිනිහෙකුගේ කතා වගේ.”

  1. ranjit Says:

    People who brought this Yamapalanaya in to power, crying and suffering like no other times and it should come to an end soon. I haven’t seen any president in the past talks and acts like the current Yamapalanaya president. His heart is full of hatred and jealousy towards the former President Mahinda Rajapaksa. His foul mouthed talk is good for the gallery crowd in a cinema hall. When you appoints an uneducated person as president what more can you expect? He came to power with lies and still after three years he still continues telling lies and fairytale stories to hoodwink the people in this country. Don’t be stupid to give your valuable vote to these thieves and rascals. Pohottuwa is the only symbol which can bring peace and prosperity to our country led by our greatest saviour of motherlanka Mahinda Rajapaksa. So remember pohottuwa not hand or the beetle or the wild 🐘 elephant. Rally round pohottuwa and Mahinda to save our motherland. JAYAWEWA.

  2. Christie Says:

    There is a difference between a living thing and a puppet.

  3. jay-ran Says:

    How can a grama sevaka rule a country in a respectable manner??? This illiterate man openly shows his illiteracy by speaking attacking the forme President Hon MAHINDA RAJAPAKSA WHO SAVE SRI LANKA FROM THE CLUTCHES OF THE KILLERS TAMIL LTTE.Also as Mr Charles says above DURING THE PERIOD OF HON MAHINDA RAJAPAKSA,MANY IMPORTANT PROJECTS WERE DONE AND MADE THIS COUNTRY TO MARCH TOWARDS DEVELOPMENT.THE REAL “KANU KATA” IS NONE OTHER THAN GRAMASEVAKA SIRISENA.His son-in-law and also his daughter ARE ROBBING THE GOVT BY VARIOUS WAYS,PEOPLE ARE FULLY AWARE OF THAT!!!

  4. SA Kumar Says:

    pohottuwa not hand or the beetle or the wild 🐘 elephant. Rally round pohottuwa and Mahinda to save our motherland. JAYAWEWA.- ranjit, what about our veeddu (house) symbol ????

  5. Susantha Wijesinghe Says:

    KAANU KATAA VAIRAVAYEN ANGILI DIK KORA KORA, DAWASA GATHA KARANNEY.

  6. Senerath Says:

    “මේ දෙබිඩි ආණ්ඩුවට මෙසේ තව කාලයක් පැවතීමට ඉඩදුන්නොත් එය අපේ රටේ ද
    අවසානයයි. එබැවින් මේ දෙබිඩි ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදය පෙන්වන්න
    ලබන පළාත් පාලන චන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට ඔබේ වටිනා චන්දය
    දෙන්න”

    Is Lankaweb official propaganda news paper of PoHottuwa ?

  7. NAK Says:

    Sirisena is a hired hand of the UNP. Dayasiri said in public. Hecsais Ranil hired Fonseka in 2010 and Sirisena in 2015 and he will have to findanother for 2020.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress