තැන්නේ ඥාණානන්ද හිමියන්ට තර්ජනය කර පහරදීමට තැත් කළ ඌව මහ ඇමතිවරයා වහා එම තනතුරෙන් ඉවත් කරන්න
Posted on February 4th, 2018

කීර්ති තෙන්නකෝන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන්ට  තර්ජනය කර පහරදීමට තැත් කළ ඌව මහ ඇමතිවරයා වහා එම තනතුරෙන් ඉවත් කරන ලෙස කැෆේ ඇතුළු මානව හිමිකම් සංවිධාන ජනාධිපතිවරයා වෙත විවෘත ඉල්ලීමක් සිදු කරයි.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ඌව පළාත් ගුරු විභාග සමතුන්   දැනට පවත්නා පුරප්පාඩු සදහා බදවාගන්නා ලෙස සිදු කළ උද්ඝෝෂණය අතරතුර මහ ඇමතිවරයා විසින් තැන්නේ ඥාණානන්ද හිමියන්ට පහරදීමක් සිදු කර ඇත.  ඌව පළාත් සභා ගොඩනැගිල්ලේ දී මෙම පහරදීම සිදුවන විට මාද්‍යවේදීන් ද එම ස්ථානයේ සිටි නමුත්  මෙම සිදුවීම ඔවුන් වාර්තා කර නැත.   එයට හේතුවී ඇත්තේ එම වාර්තාකරුවන් පළාත් සභාවේ වැටුප් ලබන්නන් වීමය.

විදුහල්පතිනිය දණගැස්සවීව හා භික්ෂුන්වහන්සේ නමකට පහරදීම පිළිබද චෝදනා එල්ල වී ඇති ඌව මහ ඇමති වහා එම තනතුරෙන් ඉවත් කළ යුතුයැයි, කැෆේ සංවිධානය ජනාධිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් සිදු කරයි.   

උද්ඝෝෂණයෙන් පසුව ප්‍ර‍ධාන අමාත්‍යවරයා හමුවීමට ඔහුගේ කාර්යාලය ගිය අවස්ථාවේ දී මෙම තර්ජනය හා පහරදීම සිදුව ඇත.  ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍යවරයා විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය හෙළිදරව්වීමෙන් පසුව ඔහු විසින් සිදු කළ තවත් මෙවැනි තර්ජන හා බැනවැදීම් කිහිපයකට සම්බන්ධ තොරතුරු මේ වන විට හෙළි වී ඇත. 

සිද්ධිය පිළිබද කිසිදු සාක්ෂියක් නොමැතිවීමත්, ජංගම දුරකථනයක් මගින් සිදුකළ පටිගත කිරීම මකා දැමීමත් හේතුවෙන් මෙම සිදුවීම යටපත් විය.  ගුරුවරියන් දණගස්වන, භික්ෂුන්වහන්සේලාට පවා බැනවැදී තර්ජනය කර පහරදීමට ඉදිරිපත් වන අයෙකු මහ ඇමති ධූරයට කිසි ලෙසකින්ම සුදුසු නොවන බැවින් ඔහු වහා එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

කීර්ති තෙන්නකෝන්

2018 පෙබරවාරි 4

2 Responses to “තැන්නේ ඥාණානන්ද හිමියන්ට තර්ජනය කර පහරදීමට තැත් කළ ඌව මහ ඇමතිවරයා වහා එම තනතුරෙන් ඉවත් කරන්න”

  1. Ancient Sinhalaya Says:

    Sorry we can’t do any thing since it is a Buddhist monk. If you want to punish one, send the details, we will take
    action straight away. Refer to 1960s Vietnam under die diem. It is like that in Sri Lanka now. Under him Vesak
    celebrations, flying Buddhist flags were etc. not tolerated. Only self immolation of two Buddhist monks and a coup
    ousted their jaathidhrohee/Buddhism dhroheen finally. Sri Lanka? No chance of that since a lot of Sinhala
    modayas still revere these thieving, murderous (Sinhalese only) monsters!

    No point asking the traitor puppet the rubber stamp vairapala sorry sena. If you want MR insulted, he will be very
    very willing. That’s the only thing he is good at. Don’t ask him to deduct 1948 from 2017 by the way.

  2. Ancient Sinhalaya Says:

    http://www.lankagrid.com/soma-thero/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress