තොත් තුවෙන් රජවෙන්න හදන ලංකාවේ නිකිලියෝ හා කඩා වැටෙන පවුල් සංස්ථාව
Posted on February 18th, 2018

පාලිත ආරියරත්න

  • විවාහ  යුවලක්  පවා එය ප්‍රසිද්ධියේ සිදුකිරීම නොකරන්නේ තමාගේ ගෞරවය, පෞද්ගලිකත්වය රැකගැනීමේ උදාර  අරමුණ ඇතිවය.
  • කාමය වරදවා හැසිරීම මුලික කරගෙන අපර දිග සංස්කෘතීන් තුල බලු කපුටන් නොව ඕනෑම මිනිසෙකු ගැහැනියකු සිප ගැනීමට උත්සාහ  කරයි.
  • එන්රිකේ ඉග්ලෙසියස් ගයකයා නමින් ආරම්භ කල වියාජ ටුවිට‍ර් පණිවිඩය.
  • විවාහ වී සිටින යුවලකට හෝ ප්‍රසිද්ධියේ සිප වලද ගැනීම නීතියෙන් තහනම් කාර්යයකි.
  • අද දින වන විට ලාංකීය ජනතාව විසින් හදවතින්ම රැක ගත  යුතු බොදු සිරිත් විරිත් රාශියක් අමු අමුවේ විනාශ කිරීමට මාන බලන කල්ලි කුට්ටම් කාරයන් ලොව විවිධ පුදගලයන් හා එකතුවී රට තුලට ඇතුළු වී නොයෙකුත් වේශයන් ගනිමිනින්  අප සත් සාරධර්ම පද්ධතිය විනාශ කරමින්  සිටියි.
  • තම දරුවන් බේරාගැනීමට, තත්පරයක් තත්පරයක් පාසා අප  උත්සහ කල යුතුය.
  • ගණිකා ඇසුර නිසා මුලින්ම කඩා වැටෙන්නේ පවුල් සංස්ථාවය .පවුල් සංස්ථාව විනාශ වීම යනු සමාජ පිරිහීමක ඇරඹුමයි.

මානවවේදීන් පවසන ආකාරයට යම්  කිසි වස්තුවකට හෝ පුද් ගලයෙකුට තම තොල පටවල් යුගල උපයෝගී කොටගෙන කරන චුම්බනය (ඉබිමක් ) සිප ගැනීමක් වසයෙන් සදහන් කර තිබේ.සිප ගැනීමක්  සිදුවෙන  අවස්ථාවක එකී  නෙකාට දැනෙන හැගීම් කෙසේවුව හැකිවුද විවිද සංස්කෘතීන්  තුල විවිධ  ආකාරයෙන් (එකිනෙකා) සිප ගැනීම හා වස්තුන් සිප ගැනීම සිදු කරයි.

Pope Francis kisses a statue of baby Jesus as he leads the Christmas night Mass in Saint Peter’s Basilica at the Vatican December 24, 2015. REUTERS/Tony Gentile

:පාප්තුමා ජේසු බිලිදාගේ පිළිරුව සිපගැනීමක්:

Back on dry land! Kendall Jenkins kisses the ground after stepping off the Carnival ship Triumph at the Alabama Cruise terminal on February 14-2013

:දින පහක පමණ නැවු අනතුරකට පසු දිවි බේරාගෙන ගොඩබිමට ආ මඟියෙක් (කෙන්ඩල් ජෙන්කින්ස් )  දිවි බේරීම සම්භන්දයෙන් පොලව සිප ගැනීම:

චුම්බනය අර්ථකථනය

(නිරුපණය,ආදර්ශය,කියාපෑම,නියෝජනය )කිරීම ඉතා දුෂ්කර කාර්යයක්  විය හැකි උනත් (වැඩි වියට පත් ) නන්නාදුන මිනිසුන් හෝ ගැහැනුන්  සිප ගැනීම (හදිස්සියේ) කිසිම සංස්කෘතියක සිදු නොකරන අතර (සමහර තිරිසන් සතුන්ගේ ලෝකය තුල පවා ) කාමය වරදවා හැසිරීම මුලික කරගෙන අපර දිග සංස්කෘතීන් තුල බලු කපුටන් නොව ඕනෑම මිනිසෙකු ගැහැනියකු සිප ගැනීමට උත්සාහ  කරයි. මෙම වැරදි කාමුක අරමුණ සහිත සිප ගැනීම ආරම්භය කවදා  කෙසේ  සිදුවුන බව සදහන් කල නොහැකි අතර අභිනවයෙන් වැඩි ගෙන යන කාම  රැල්ල තුල නන්නාදුන මිනිසුන් හෝ ගැහැනුන්  සිප ගැනීම යමකිසි ප්‍රවනතාවයකින් වර්ධනය වී යන බව සමහර සිද්ධීන් මුලික කොටගෙන පැවසිය හැක.

මෑතකදී ක්‍රිකට්‍ ක්‍රීඩකයින් දෙදෙනුක වන මහේල ජයවර්ධන සහ කුමාර්  සංගක්කාර විසින් මැදිහත්ව පිහිටුවන  ලද ලයිව් ඉවෙන්ට් ආයතනය හරහා එන්රිකේ ඉග්ලෙසියස් නමැති ගායකයා ගෙන්වා පැවැත්තු සෙක්ස් ඇන්ඩ්  ලවු සංගීත ප්‍රසංගයේදී එන්රිකේ ඉග්ලෙසියස් නමැති ගායකයා විසින් ලොව පුරා හිතා  මතා සිදුකරගෙන යන( ඔහුට අනුව එය ඔහුගේ සංස්කෘතිය පවත්වාගෙන යන ආකාරයක් වේ ) ලෝව වෙනත් ජාතින්ගේ ගැහැනුන් සිප ගැනිමේ සිද්ධීයකට සංගීත සංදර්ශනය නරබමින්  සිටි තරමක් දුරට විලිභිය නැතිවුන ගැහැනියකු වේදිකාව මත නැගී එන්රිකේව සිප ගැනීම සිද්ධිය උදාහරණයක් වසයෙන් පළමුවෙන්ම හදුනවා දිය හැකිය. සිරිසේන ජනාධිපති තුමන් මෙම සංගීත සංදර්ශනය සම්බන්දයෙන් ඇතිවුන පිලිකුල් සහගත සමාජ  තන්ත්වය ගැන විවේචනය කල අතර ගැහැනුන් තමන්ගේ විලි වසා ගැනීමට උපයෝගී කොටගන්නා වස්ත්‍ර ගලවා එන්රිකේ ඉග්ලෙසියස් වෙත විසිකිරීම වරදක් නොවන බව හුවා දක්වන්නන් වෙතද නිසි පිළිතුරක් දුන්නේය.

එන්රිකේ ඉග්ලෙසියස් නැමති එම ගායකයා අපරට ඇති සාරධර්ම පද්ධතිය ගැන දැනුමක් උවමනා  වෙන්නේ නැත එයට හේතුව ඔහුගේ වල්කම හෙවත් නොදියුණු ශිෂ්ටාචාර ලක්ෂණ ඔවුන්ට සැමදා ඉතා අගනා කටයුතක් වන බැවිනි . අප රට තුල සාර  ධර්මපද්ධතියට වඩා බටහිර සාර  ධර්මපද්ධතින් ආවඩන්නාවූ කව්රු හෝ එන්රිකේ ඉග්ලෙසියස් ගයකයා  නමින් ටුවිට‍ර් පණිවිඩ සකසා ලාංකීය ජනාධිපති තුමන්ට උපහාස  කිරීමට ගත උත්සහදයක් ද අප වෙබ් අඩවියන්  තුලින් නැරබුවේය.

FAKE/Duplicate twitter account of Enrique Iglesias, singer not liability for this message

:එන්රිකේ ඉග්ලෙසියස් ගයකයා නමින් ආරම්භ කල වියාජ ටුවිට‍ර් පණිවිඩය:

ඉහතින් කව්රුන් හෝ විසින් සදහන් කල පණිවිඩයේ ”ෆනී -funny ” හා ”ලවු ටූ  ටෙක් පාර්ට් ඉන් එනි කල්චර් ඉවෙන්ට්-love to take part in any cultural event” යන්න ඉතාම සියුම් විග්‍රහා කර  බැලීමේදී පෙනී යන්නේ සමහර බටහිර සංස්කෘතීන් තුල ඇති නිරුවතින් දිය නෑම , මග තොටේ ඇවිදීම යනාදී කාරණා යහපත් හැසිරීම් වශයෙනුත් අප බොදු සංස්කෘතිය තුල පවතින අශිලා චාරකමට එරිහි ලක්ෂණ විහිළුවක් වශයෙන් හොවා දැක්වීමට ඉතා සියුම්  ආකාරයෙන් උත්සහ කිරීමකි.

ඉහතින් සදහන් කල කරුණු කාරණා කෙසේවුවද මෙම සිදුවීම් සම්බන්දයෙන් අත් අඩංගුවට පත්වූ කිසිම  කෙනෙකු  නැති අතර විවාහ වී සිටින යුවලකට හෝ ප්‍රසිද්ධියේ සිප වලද ගැනීම නීතියෙන් තහනම් කාර්යයකි. මේවට වගකිව යුත්තෝ කව්රුන්දොදැයි අප නොදනිමි . නමුත් මෙම සිදුවීම අරාබි කරයේ සිදුවුවානම් අනිවාර්යෙන්ම එන්රිකේ ඉග්ලෙසියස් ගයකයා හා සිප වැළදගත් ගැහැනිය වසර ගණනකට  හිරේ යාම හෝ හිස ගසා දැමීමට නීතියෙන් දඩුවම් දෙනු නොවනු මානයි.

අද දින වන විට ලාංකීය ජනතාව විසින් හදවතින්ම රැක ගත  යුතු බොදු සිරිත් විරිත් රාශියක් අමු අමුවේ විනාශ කිරීමට මාන බලන කල්ලි කුට්ටම් කාරයන් ලොව විවිධ පුදගලයන් හා එකතුවී රට තුලට ඇතුළු වී නොයෙකුත් වේශයන් ගනිමිනින්  අප සත් සාරධර්ම පද්ධතිය විනාශ කරමින්  සිටියි. මේවට එරෙහිව නැගී සිට නිතිය මගින් කටයුතු කිරීමටද සාර ධර්ම පද්ධතිය රැක  ගැනීමටද අවස්ශ්‍ය වපසරිය දැන් වහා  වහා අප විසින් ක්‍රියාකිරීමට කාලය එළබි තිබේ. මානව හිමිකම් මුවාවෙන් ඉදිරියේදී මේ ප්‍රසිද්ධ අශිලාචාර නන්දන වින්දනයන් හට නිත්‍යානු කුල තත්වයන් ලාභ අපේක්ෂාවෙන් ඇති කරදීමට පුද්ගල පුදගලයන් ඇතිවිය හැකි බැවින් ඒවාට කලින් පිළිතුරු දිය හැකි මානවයාගේ ශිස්ඨත්වය අගයන, මානව හිතවාදී සීලාචාර සමාජයන් අගයන මිනිසුන් විසින් කටයුතු සිදු කිරීම අත්‍යවාශය වී තිබේ.

ලාංකීය සමාජයේ අශිලචරකම, නිරුවත ප්‍රසිද්ධි කිරීම හා අමුතු තාලයේ ඉල්ලීම්, සංගීත සංදර්ශන චිත්‍රපට ගැන විවිද මාධ්‍යයන් තුල සදහන් කර තිබු අවස්ථා කිහිපයක් :

1.තනි තටුවෙන් පියාඹන්න- මෙහි  රඟපෑ  පැ නිළිය (නිරුවත් වීමට )ඇය කුඩා කල සිටම පුරුෂාධිපත්‍ය නිසා පීඩනයට පත් කාන්තාවක් බව බොහෝ අවස්ථාව වල පවසා තිබේ.

  1. කොළබ රෝයල් පාසලේ පැවත්තු කාන්තා නිරුවත් වීම් සහිත රාත්‍රී සංගීත සංදර්ශනය මෙහි ගායක මඩුල්ල වුයේ අප කාගේත් සිත්ගත් ජිප්සිස් කණඩායමයි. මෑතකදී මහේල ජයවර්ධන ක්‍රිකට්‍ ක්‍රීඩකයා වෙනුවෙන් ජිප්සිස් කණ්ඩායම ගීතයක් ද නිර්මාණය කර තිබේ.
  2. කොල්ලු පාටිය- මෙම සාදයට අරධනා කිරීමට කාන්තා යට ඇඳුමක් ආරාධනයට යැවීම සිරිතක් වසයෙන් සිදු කර තිබේ. දැනට ලංකාවෙන් මෙම සාද ක්‍රමය තුරන් විගොස් තිබේ
  3. ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරන්න මන්ත්‍රී යෝජනාවක් යන මැයෙන් මැතකදී පුවත් පතක වාර්තාවක් ද පලවී තිබුණි

විවිධ  සමාජ ශාලා ආයතන, විවිධ  පුද්ගලයන් විසින් නොයෙකුත් කරුණු  ගෙනහැර දක්වමින් කාන්තාව තම ලිංගික වහලකු වසයෙන් ගොදුරු කරගැනීමට ඔවුන්ව වැරදි කාමයෙන් මත්  කොට තම තමන්ගේ මන දොළ සපුරා ගැනීමට අවස්ස්‍ය කරනු කාරණා සකසමින්  සිටින කාලයක කාන්තාවන් විසින්ද මේවට නිසි පිළිතුරැ සොයා දීමට වෙහෙස විය යුතු කාලයකට පැමිණ තිබේ. කට වසා  සිටි පමණින් කල නොහැකි සමාජ යුතුකම්  රාශියක්  තිබේ හිමින් සීරුවේ ටිකින් ටික අප බොදු හැදියාවන් විනාශ කරමින් අටවන්නාවූ මේ සංස්කෘතික මර උගුල් වලින් බේරීමට, තම දරුවන් බේරාගැනීමට, තත්පරයක් තත්පරයක් පාසා අප  උත්සහ කල යුතුය. තම පුතා දුව නොව ගමේ අහල පහල සිටින්නාවූ අනෙකුත් මිනිසුන්ගේ දුව පුතා  වුවද රැකගත යුතු යන අධිෂ්ඨානය පෙර දැරි කොටගෙන අප සැම කටයුතු කල යුතුවේ.ලිංගික අවශ්යතවයන් ගණිකාවන් මගින් සපුරා ගත යුතුයි කියා සමාජ විද්යාවේ කෙසේවත්  සඳහන් නොවන අතර සමාජ විද්දියාවේ නැති කාරණා එම විෂය ආශ්‍රයෙන්  කතා  කරන්නේ  සමාජ මග මරුවන් බව ඔබ දැනගත යුතු තවත් කරණයක්  වන්නේය. ගණිකා ඇසුර නිසා මුලින්ම කඩා වැටෙන්නේ පවුල් සංස්ථාවය පවුල් සංස්ථාව විනාශ වීම යනු සමාජ පිරිහීමක ඇරඹුමයි.

කාමය වරදවා හැසිරීම මුලික කරගෙන අපර දිග සංස්කෘතීන් තුල බලු කපුටන් නොව ඕනෑම මිනිසෙකු ගැහැනියකු සිප ගැනීමට උත්සාහා කිරීම අප හෙලා දැකිය යුතුය ඒවා වීර  ක්‍රියා නොවේ . අප සංස්කෘතියේ බහාලු ඉතා උසස් සංස්කෘතික ලක්ෂණ අප රැක ගත යුතුය. අප සංස්කෘතිය අනුව එකිනෙකට ආදරය ප්‍රකාශ  කරගැනීමට සිප වැලද ගැනීම බාදාවක් නොවන අතර විවාහ  යුවලක්  පවා එය ප්‍රසිද්ධියේ සිදුකිරීම නොකරන්නේ තමාගේ ගෞරවය, පෞද්ගලිකත්වය රැකගැනීමේ උදාර  අරමුණ ඇතිවය.

තම නිරුවත ප්‍රසිද්ධ කිරීම තුලින් ලෝකය ජය ගත හැකි බව කාන්තාවන්ට හුවා දක්වන්නන් හදුන්ව දෙන්නන්  හුදෙක් උත්සහා ගන්නේ කාන්තාවන් විකුණාගෙන කෑමටය. ඒඩ්ස් වැනි මාරාන්තික රෝග වලින් අද දින වන විට කොපමණ මිනිසුන් ප්‍රමාණයක් මිය යන්නේද , කාමය වරදවා හැසිරීමේ ප්‍රථිපල ඉතා භයානකය.

Global Health Observatory data repository by Estimates by WHO /Number of deaths due to HIV/AIDS
Estimates by country

:2013 ළමා සහ වැඩිහිටි  මරණ සංක්‍යාව ඒඩ්ස් රෝගය මගින් වාර්තාව ලෝක සෞඛ්‍යය සංවිධානය මඟින්:

අවසාන වසයෙන් සදහන්  කල  හැක්කේ බටහිර කතිර සමාජ(X socity ) හා  මුග්ධ ආදර්ශ නිරූපණය කරගන්නන් ගේ අවසාන අරමුණ වී තිබෙනේ ලිංගික නිදහස යනු පරම සුවය බවත් එය ප්‍රසිධියේ  තැන නොතැන  බලා  කිරීම  මානව හිමිකමක් වශයෙනුත් හුවා  දැක්වීමටයි. ඔවු එදා  ඒ සීත පරිසරයේ සිටි මානව වර්ගයා යාන්තමට හිරු පායන  විට තම ගල්ගුහාවෙන් පිටතට  වැද  උනුසුම් ආහාරයක් වශයෙන්  සතෙකු  මරාගෙන තම ගුහාව වෙත ගොස් එහි සිටිනා ගැහැනිය සමග තම ලිංගික  කත්වයේ  යෙදී අවසානයේ වින්දනයක් පමණක් ලබා ගැනීමේ පුරුදක් ඔවුන් තුල ඇතිවිය. ඔවුන්ට එයින් එහාට දෙයක් කිරීමට පරිසරය ඉඩ ලබාදුන්නේ නැත අවරුදු දහස් ගණනක් ඔවුන් එම පුරුද්ද දිගටම කරගෙන ගියේ තම ජාන තුලටම එම  පුරුදු කා වැදෙන තරමටය, සිසිල් පරිසරය ඔවුන්ගේ ජිවිතයට විශාල බාදාවක් විය. විවිධ නිර්මාණ  කිරීමට ඔවුන්ට කාලයක් නොතිබුණු අතර ඔවුන්ගේ පෙර මානව  වර්ග විසින් සිදුකල දෙය ඔවුන් වැඩිමනක් පිරිසක් අදටත් සිදුකරමින් පවසන්නේ මිනිසෙකු උපදින්නේ අහාර ගැනීම, කාමයේ  යෙදීම, මිය යාම සඳහා වශයෙනි.

ජේසු තුමාගේ දහම බටහිර තුල විශාල  ලෙස පැතිර  ගියේ රෝමන් අධිරාජයාගේ බලපෑමෙනි. ඔවුන් එම දහම තුලින් තරමකට සාමාජිකව , දේශපාලනිකව , සදාචාරාත්මක වර්ධනය වුවද ඔවුන්ගේ ප්‍රාතමික ගති ගුණ මුලුමනින්ම  අත  හැරියේ නැත. සීත පරිසරයෙන් ආරක්ෂා වීමේ ක්‍රම වේදයන් සොයාගත්  පසු ”හොඳම රූම් පාර්ට්නර් -best room partner” එනම් හොඳම  කාමර ලිංගික සගයා සොයාගන්නා වෙනතෙක් ඔවුන්ගේ පෙර තිබු පුරුද්ද වෙනස් වී ඇති බව සියුම්ව බටහිර සමාජය විග්‍රා කර බලන්නන්හට සොයාගත හැකිය.

අප පරිසරයින් සිටි  මුල්  අවදියේ මනවයන් හට දහසකුත් යහපත් පාරසිරික සාධක තිබු අතර ඔවුන්ගේ නිදහස් කාලයන් වල කලාව, දැනුම , මිනුම, වර්ධනය කරගැනීමට කාලය  ගත  කලෙය ලිංගිකත්වය මතම වින්ධනය ලැබීමේ  ක්‍රමයකට වඩා (අවසානයේ වින්දනයක් පමණක් ලබා ගැනීමේ පුරුද් ද ) වෙනත් අරමුණු  තුලින් ද  ජිවිත තෘප්තිමත් කරගැනීම සාර්ථක බව අප රට ආසන්න පරිසරයන් තුල  සිටි මානවයන් දන ගත්තේය.

මෙම කරන විමසීමේදී මතක තබා ගතයුතු විශේෂ කාරණයක් වන්නේ මෑත යුගයේ ඇතිවූ කාර්මික දියුණුව තුලින් පමණක් ලොව දියුණුව නොසිදුවුණ වගබවය.

හෙළ කතුනගේ ගහම්බිර භාවය ,චරිතවත් භාවය රැකගැනීමට අප සැම උත්සහා කරමු හය හතර නොදනවුන් හට හය හතර කියා දීමට හා ඔවුන්ව දුසරිතයෙන් වලක්වා සුචරිතයේ පිහිට වීමට අප සැම  එක්ව කටයුතු කරමු.

ළමයින් අපේ සම්පත වේ ගුණ ගරුක ළමයින් ජාතියක් සතු වීම ජාතියේ  ආරක්ෂාවට හා පැවැත්මට හේතුවේ.

ඔබ සැමහට තෙරුවන් සරණයි!

Article By Palitha Ariyarathna -පාලිත ආරියරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress