මංගල ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි
Posted on October 1st, 2018

උපුටාගැණීම අද දෙරණ

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකරන ඇතැම් ප්‍රකාශ ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව දේශවිමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් පවසයි.

අද (01)පැවති මාධ්‍ය හමු කිහිපයකදීම මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව අදහස් පළ කළේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන පරිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ජනප්‍රිය වීමට කිසිදු උවමනාවක් නොමැති බවත් උන්වහන්නේ අති උතුම් පාප් වහන්සේට පසුව සිටින ප්‍රධාන පුජකවරයෙක් බවද පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් පවසයි.

මෙවැනි අමාත්‍යවරු ඉවත් කිරිම ආණ්ඩුවේ වගකීම බවද උන් වහන්සේ ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රි වාසු දෙව නානායක්කාර මහතාද අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මෙම ප්‍රකාශය දැඩි ලෙස විවිචෙනය කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress