DIG නාලක සිල්වා මරා දැමීමේ සැලසුමක්..?
Posted on October 1st, 2018

 lanka C news

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

නියෝජ්‍ය පොලිස්පති නාලක  සිල්වා මරා දැමීමේ සැලසුමක් තිබේ ද?

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් කියන්නේ තවත් එක් මිනීමැරීමේ උත්සාහයක් නොවේ. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක්.  රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් පිළිබඳ ආරංචි වුණු වහාම සිද්ධ කරන පළමු දේ තමයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම.  1962 රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය ආරංචි වුණු වහාම එහි සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගත්තා.  නියෝජ්‍ය පොලිස්පතිවරු වගේම හමුදාවේ කර්නල්වරු ඒ අතරේ හිටියා.  රටේම ගෞරවයට පාත්‍ර වුණු පූජ්‍ය හේනපිටගෙදර ඥාණසීහ නායක හිමියන් තමයි රාමඤ්ඤ නිකායේ අධිකරණ සංඝ නායක හිමියන්.  1966 දී රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකට උන් වහන්සේ සම්බන්ධ බවට බොරු තොරතුරක් ලැබුණාම උන් වහන්සේගේ ගෞරවණීය තත්වය නොබලා අත්අඩංගුවට ගත්තා.

ඒ වගේම 1971 දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වුණු වාසුදේව නානායක්කාර මන්ත්‍රිතුමා රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට බොරු තොරතුරක් ලැබුණාම තමන්ගේ කෙනා කියලා බැලුවේ නෑ ආණ්ඩුව වහාම අත්අඩංගුවට අරන් සිර ගත කළා.  ලංකාවේ විතරක් නොවේ.  ලෝකය පුරාම තත්වය ඒකයි.  නමුත් මේ ලෝක දහම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට පමණක් ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

නාලක සිල්වා කට ඇරියොත් තව කී දෙනෙකු අත්අඩංගුවට ගන්න වේවි ද දන්නේ නෑ.  ඒ නිසා මෙම කුමන්ත්‍රණය ඇත්ත නම් නාලක සිල්වා පිටුපස සිටින අයට දැන් තිබෙන හොඳම විසඳුම වන්නේ නාලක සිල්වා ඝාතනය කිරීමයි.  නාලක සිල්වාගේ දේහය වල දාන කොට එයා දැන ගෙන සිටි රහස් සියල්ලත් සදහටම වැලලෙනවා.  නාලක සිල්වා අත්අඩංගුවට නොගන්නේ ඔහු මරා දැමීමට ද යන සාධාරණ සැකය අපට දැන් තිබෙනවා.

ඔය අතරේ නාමල් කුමාර මානසික රෝගියෙක් බවට ප්‍රචාරයක් යවනවා.  කිසිම මානසික රෝගයක් නැති අය තමන්ට තර්ජනයක් වන විට ඔහුට පිස්සු කියන ලේබලය අලවා අංගොඩ නතර කිරීම පිළිබඳ මනා පලපුරුද්දක් සහ විශේෂඥ දැනුමක් තිබෙන ඇමතිවරයෙකු ආණ්ඩුවේ ඉන්න නිසා නාමල් කුමාරටත් සුකී තිලකසිරිට අත් වුණු ඉරණම අත් වෙන්න ඉඩ තිබෙනවා.  අවසානයේ දී  නාලක ඝාතනය වෙලා පස්යට වැලලී යාවි.  නාමල් අංගොඩ යාවි.  ඝාතන කුමන්ත්‍රණය ඝාතනය වේවි.

– අරවින්ද අතුකෝරල

One Response to “DIG නාලක සිල්වා මරා දැමීමේ සැලසුමක්..?”

  1. Christie Says:

    ගම්මන්පිලටත් අමු කැවිල. සිරිසේනයි ගෝටයි එකට බැඳල දක්කන්න හදන්නෙ ඉන්දියාව ගෝටට වැඩක් දෙන්න.

    මෙවැනි කතා තමයි ඉන්දියාවේ කුලවත් උන් කුලහීනයන් මරන්න කරන උප්පර වැට්ටි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress