අගරදගුරු හිමිපාණන්ගේ කතාව ගැන මංගලගේ විවේචනය ජනපති-අගමැති අනුමත කරනවාද?
Posted on October 3rd, 2018

මීගමුව – නිමන්ති ප්‍රනාන්දු උපුටාගැණීම  මව්බිම

මංගල සමරවීර අමාත්‍යවරයා මැල්කම් රංජිත් හිමිපාණන්ගේ කතාව විවේචනය කරමින් නිකුත් කළ ප්‍රකාශ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අනුමත කරනවාදැයි යන්න ජනතාව ප්‍රශ්න කරනවා යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රි ගුණරත්න පවසයි.

ගුණරත්න මහතා මේ බව පැවැසුවේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මානව හිමිකම් පිළිබඳව කළ ප්‍රකාශයක් විවේචනය කරමින් ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කර තිබෙන අදහසකට විරෝධය පාමින් ඉකුත්දා (29දා) මීගමුවේදී පැවැති රැස්වීමකදීය.

මේ අවස්ථාවේ තවදුරටත් අදහස් දැක්වූ මෛත්‍රි ගුණරත්න මහතා,
යහපාලන ආණ්ඩුව ජනතාව තෝරා ගත්තේ මේ රටේ ආගමික සංහිඳියාව ඇති කිරීමටයි. මේ යහපාලන ආණ්ඩුව ගේන්න මීගමුව කතෝලික ජනතාව ගිහිල්ලා පෝලිමේ ඉඳලා ඡන්ද දුන්නා. මේ ආණ්ඩුව දැන් මොකද කරන්නේ, බලයට පත් කරන්න උදවු කළ සෑම කෙනාටම පස්සට පයින් ගහනවා කියන එක තමා කියන්න තියෙන්නේ.

මේ වගේ වගකීමක් නැති ප්‍රකාශ මංගල සමරවීර ඇමැතිවරයා පමණක් නෙවේ අනෙක් මැති ඇමැතිවරුද කරනවා. අද අගමැතිතුමා ගමක් ගමක් ගාණේ ගිහිල්ලා ලැජ්ජා නැතිව කියනවා අද ආර්ථිකය කඩාවැටිලා කියලා.

ජනතාවට කියනවා පටි තද කරගන්න කියලා. මේ රටේ ජනතාවගේ මහ බැංකුව මංකොල්ලකෑවා. මලික් සමරවික්‍රමගේ යාළුවෝ දාලා මහ බැංකුවේ සල්ලි ටික හොරකම් කළා, මහජන බැංකුවේ සල්ලි ටික හොරකම් කළා. වොක්ස්වගන් ගේනවා කියලා. අගමැතිතුමා ගමක් ගමක් ගාණේ යනවා. අප අහනවා අගමැතිතුමාගෙන් ඔබතුමා රෙදි ඇඳගෙනද මේ යන්නේ කියලා.

මීගමුව – නිමන්ති ප්‍රනාන්දු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress