මුළු රටම බාල්දුවීමේ අභියෝගයකට මුහුණ දීලා
Posted on October 8th, 2018

උපුටාගැණීම අද දෙරණ

රුපියල මෙන්ම මුළු රටම බාල්දුවීමේ අභියෝගයකට අද ශ්‍රී ලංකාව මුහුණ පා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මහාබ්‍රිතාන්‍යයේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් ලන්ඩන් නුවර ඊයේ(06) සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකදී එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන 20 වන සංශෝධනයේ  අරමුණ වනුයේ ෆෙඩරල් ක්‍රමය රට තුළ සම්මත කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේ ජනමත විචාරණයක් මඟින් කිසිවිටක ආණ්ඩුවට  20 වන සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress