භාරකාර ආණ්ඩුවකට මම විරුද්ධයි
Posted on October 9th, 2018
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම මව්බිම
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ විශ්වාස කිරීම බරපතළ ගැටලුවක් නිසා ජනාධිපතිතුමා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බවත් එවැනි කාරණයකට තමා පෞද්ගලිකව විරුද්ධ බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන චසංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි විශ්වාසය තැබිය හැකි කාලය මේ වනවිට ඉක්ම ගොස් ඇති බවත් අවස්ථා ගණනාවකදීම ජනාධිපතිතුමා විසින් ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසය කඩකර තිබෙන බවත් රංජිත් ද සොයිසා මහතා පෙන්වා දෙයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලබා ගන්නා විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව ප්‍රකාශ කළද වසර 3 1/2ක් ගත වී ඇතත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු නොකිරීම,
2015 අගෝස්තු පාර්ලිමේන්තු මහ මැතිවරණයට දින 3කට පෙර දිනුවත් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බව ප්‍රකාශ කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරුන් වෙනස් කළා, ප්රජාතන්ත්ර විරෝධී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (ජ්ඛ්ධ්ච්) අහෝසි කරන බවට ප්‍රකාශ කළද තවමත් එය කළේ නෑ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර වීමට අවශ්‍ය කරන සහයෝගය ලබා දුන්නේ නෑ, ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු විපක්ෂයේ බහුතරය තිබිලත් විපක්ෂනායක ධුරය ලබා දුන්නේ නෑ. මෙවැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසය කඩකර තිබෙන බවද රංජිත් ද සොයිසා මහතා පෙන්වා දෙයි.
එම නිසා භාරකාර ආණ්ඩුව පිහිටුවීමට පෙර විශ්වාස කළ හැකි යම් යම් ක්‍රියා ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුතු බවත් ඒ වන තුරු ඒකාබද්ධ විපක්ෂයට ජනාධිපතිතුමා කෙරෙහි කිසිදු විශ්වාසයක් ඇති නොවන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.