20 වගන්ති 38න් 36ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය තීරණය කරයි
Posted on October 9th, 2018

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ උපුටාගැණීම ලංකාදීප

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ 20 වැනි සංශෝධනයේ ඇති 38 න් 36 ක් ජනමත විචාරණකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.

ඒ අනුව 20 වැනි සංශෝධන පත්‍රයේ ජනපති බලතල අහෝසි කෙරෙන සියලුම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කර ඇත.

පනත් කෙටුම්පතේ නාමය දැක්වෙන පළමු වගන්තිය සහ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල භාෂා පාඨය බලගැන්විය යුතු බව දැක්වෙන අවසන් වගන්තිය වන 38 වගන්තිය පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් වලට අදාල තීන්දුව කතානායකවරයාට යවා ඇති බව දක්වමින් නියොජ්‍ය කතානායකවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

4 Responses to “20 වගන්ති 38න් 36ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය තීරණය කරයි”

  1. Vaisrawana Says:

    So, the federal/separatist constitution through the back door is dying a natural death!

  2. Ananda-USA Says:

    Mey PARA-GATHI Yamapalana rajaya wagey DESHADROHI rajayak Lankawey kisima kalaka thibuney naha! Mey Hora Kalliya WAHA BALAYEN PANNAMU!

    Mathiwarana margeyen STHIRA NAWA AANDUWAK pihitawana thuru, thawakalika BARAKARA (CARETAKER) AANDUWAK PIHITAWAMU!

  3. Ananda-USA Says:

    Apita epa eka angalakwath
    Annugey deseka mey Maha Polowey,
    Malath nodemu eka angalakwath
    Apa ipadunu mey Mau Polowey!

  4. Dilrook Says:

    This was well known. But the real deal is it can be done. If 2/3 of parliament and a referendum approve it, executive presidency goes. JVP is not after passing it now. What the JVP is after is to make this an election issue. Now that it has been decided it must be passed by 2/3 in parliament, JVP will present it to parliament at the right time.

    If SLPP wins the presidential election in 2019 or likely to win, JVP will present it to parliament. UNP+JVP+TNA+SLFP Sirisena camp has 2/3. They would rather abolish it than let the SLPP have it. Very likely it will be passed in a referendum given people’s frustration. A referendum must have a single issue. So the confederated amendments cannot get into it. It can only as if people support the abolition of EP.

    Don’t be fooled by media reports. JVP is very much part of the government and will not harm Sirisena’s position anytime soon. This matter does not end here. The court did not say it cannot be done.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress