රට රැක දෙනු මැන සුරිදුනි!
Posted on October 18th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

 

විෂ්ණු කතරගම සුරිදුනි මෙසිරිලකට සුව සදනා

හනික බලනු මැනැ මැති අගමැතිදුන් මේ රට කරනා

යහපාලනයක් ගෙනවිත් ජනතාවට විනකරනා

පියඹා යන උන් සැමදෙන යලි මේ මත නොඑනු මැනා

 

මේ සැමදෙන හනි හනිකට ඇයි මේ පියඹන්නේ

රට රකිනා සුරිදුන් සැම පමණයි එය දන්නේ

රට වනසන බව දැන දැන ඇයි උන් සුරකින්නේ

රට වැසියන් උන් වැනසෙන ලෙස පතමිණි ඉන්නේ

 

දෙකෝටියක මේ ජනගග පිඩිතයන් කරලා

රට සතු හැම දෙයක්ම මුන් වනසන හැටි දැකලා

කියන්න මේ දුක කිසිවෙක් නැති බව ඇත දැනිලා

සුරිදුනි ඔබ වෙත පවසමි දෙනු මැන රට රැකලා

 

රට වනසන් උන් කිසිවෙක් යලි මේ පින්බිමට එපා

පියඹා යන අගමැති කැල යලි මේ මත තබනු එපා

සියලු දුෂ්ඨ කෙරුම් වලින් මේ රට සුරකෙතෙයි සිතා

අනුමෝදන් කරනෙමි පින් ඔබ හැම වෙත නිවන පතා

2 Responses to “රට රැක දෙනු මැන සුරිදුනි!”

  1. Hiranthe Says:

    Beautiful!

  2. Christie Says:

    විස්නු කිතර පර හොරිකඩයන්
    බලාගන්නවා උන්ගේ පරයන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress