චීනයෙන් ලංකාවට සැර කණේ පහරක්.. [Video]
Posted on October 19th, 2018

lanka C news

ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණයවලින් චීනය වෙත ගෙවීමට ඇත්තේ 10%ක ප්‍රමාණයක් පමණක් බව චීනය අවධාරණය කරයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය ප්‍රකාශක ‘ලු කන්ග්’ මහතා මේ බව සඳහන් කළේ එරට දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

චීන රජය විසින් ශ්‍රී ලංකාව ණය උගුලක සිර කර ඇතැයි පැවසෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොළඹ චීන තානාපතිවරයාද සඳහන් කර ඇති බව ඔහු කියා සිටියේය.

ලොව පුරා විවිධ රටවලට ණය ලබාදී චීනය සිය ආධිපත්‍යය ලොව පුරා පතුරුවන්නේ යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේද ‍ආණ්ඩුවේ දේශපාලකයන් කිහිප දෙනකු මෑතදී කියා සිටියේ චීනය විසින් ශ්‍රී ලංකාව ණය උගුලක සිරකර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress