වවුනියාව මඩුකන්ද හන්දිය අසලදී 21 දා සවස  බස් රථයක් පෙරළී ගොස් තිබේ.
Posted on October 21st, 2018

දිනසේන රතුගමගේ

වවුනියාව කොළඹ අතර ධාවනය වන බස් රථයක් එහි තිරිංග වල  දෝෂයක් නිසා ගරාජයක් වෙත යොමු කොට තිබේ.තිරිංග සවි කිරීමෙන් පසුව තිරිංග නිසිලෙස  ක්‍රියාත්ම ක වන්නේදැයි පරීක්ෂා කිරීම පිණිස වවුනියාව මඩුකන්ද මාර්ගයේ ගමන් කොට තිරිංග ක්‍රියාත්මක කළ අවස්ථාවේදී බස් රථය පෙරළී ගොස් තිබේ.

බස් රථය පෙරළී යන අවස්ථාවේදී එහි රියදුරා කොන්දොස්තරවරයා හා ගරාජයේ සේවකයෙකු පමණක් සිට ඇති අතර අනතුරෙන් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

මේ අනතුර සිදුව ඇත්තේ මීට සතියකට ඉහතදී ත්‍රී රෝද රථයක් හා  මෝටර් රථයක් එකිනෙක ගැටී දෙදෙනෙකු ඒ ස්ථානයේම මියගොස් තවත් අයෙකුට මාරාන්තික තුවාල සිදු වූ ස්ථානයේදීමය.

මේ අනතුර පිළිබදව  මඩුකන්ද පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress