එල්.ටී.ටී.ඊ.සංවිධානයට අයත් බවට සැක කෙරෙන ටී-56 වර්ගයේ ගිණි අවි අත් බෝම්බ ඇතුළු යුද උපකරණ 32 ක් පොලීසිය විසින් 21 දා රාත්රී ගොඩ ගෙන තිබේ.
Posted on October 22nd, 2018

දිනසේන රතුගමගේ

වවුනියාවේ කනගරායන්කුලම ප්රදේශයේ වළ දමා තිබූ එල්.ටී.ටී..සංවිධානයට අයත් බවට  සැක කෙරෙන ටී-56 වර්ගයේ ගිණි අවි අත් බෝම්බ ඇතුළු යුද උපකරණ 32 ක් පොලීසිය විසින් 21 දා රාත්රී ගොඩ ගෙන තිබේ.

වවුනියාව කනගරායන්කුලම  පොලීසියට ලබුණු තොරතුරක් මත මේ යුද උපකරණ තොගය  පොලීසිය වීස්න් සොයා ගෙන තිබේ.

කනගරායන්කුලම පොලීසිය මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට තොරතුරු දැණුම් දීමෙන් පසුව යුද උපකරණ ගොඩ ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කනගරායන්කුලම පොලීසියේ නිලධාරීන්ට සහය වී තිබේ.

මේ යුද උපකරණ සම්බන්ධයෙන් 22 දා වවුනියාව දිසා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ඒවා විනාශ කිරීමට දිසා අධිකරණයෙන් නියෝග ලැබී තිබේ.

කනගරායන්කුලම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress