මන්නාරම මුල්ලිකුලම් ගම්මානයේ අක්කර 77 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන්ට බාර දෙයි
Posted on October 22nd, 2018

දිනසේන රතුගමගේ

නාවික හමුදාව විසින් මන්නාරම මුල්ලිකුලම් ගම්මානයේ අක්කර 77 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන්ට බාර දීමෙන් පසුව ගම්මානයට ඇතුළුවන ප්‍රධාන මාර්ගයේ බාධකද 21 දා ඉවත් කරණු ලැබීය.

මන්නාරම මුල්ලිකුලම ගම්මානයේ වැසියෝ යුද සමයේදී මේ ප්‍රදේශය අතහැර යාමෙන් පසුව නාවික හමුදාව එහි කදවුරක් ඉදිකොට පළාතේ ආරක්ෂක කටයුතු තහවුරු කරණු ලැබීය.

මේ වන විට මුල්ලිකුලම ගම්මානයේ වැසියෝ කණ්ඩායම් වශයෙන් මුල්ලිකුලම ගම්මානයට පැමිණෙමින් සිටින අතර ඔවුන්ට නාවික හමුදාවෙන් බොහෝ සහන සලසා දීමද සිදු කරණු ලබයි.

මුල්ලිකුලම ප්‍රධාන නාවික හමුදා කදවුරේ ආරක්ෂාවට යොදා තිබූ මාර්ග බාධක ගම්මානයේ වැසියන්ගේ ගමනාගමන කටයුතු වලට බාධාවක් වී තිබූ බැවින් ඒවා ඉවත් කිරීම නාවික හමුදා නිලධාරීන් විසින් සිදු කළහ.

මේ අවස්ථාවට මුල්ලිකුලම කතෝලික දේවස්ථානයේ ප්‍රධාන පියතුමා හා ගම්වාසීන් විශාල පිරිසක් පැමිණ නාවික හමුදාවට ඔවුන්ගේ සතුට ප්‍රකාශ කොට සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress