මියගිය තම ඥාතීන් තිස් තුන්දෙනෙකු සමරා 21 දා පහන් දල්වා ඔවුන්ට පින් අනුමෝදන් කළහ.
Posted on October 22nd, 2018

දිනසේන රතුගමගේ

මුලතිව් ඕට්ටමලෙයි ප්‍රදේශයේ වැසියෝ යුද සමයෙදී එකම ස්ථානයකදී මියගිය තම ඥාතීන් තිස් තුන්දෙනෙකු සමරා 21 දා පහන් දල්වා ඔවුන්ට පින් අනුමෝදන් කළහ.

සිද්ධිය දුටු පිරිසක් මුලතිව් ඔට්ටිසුඩාන් පොලීසියට දන්වා තිබුණේ සංවිධානාත්මක පිරිසක් විසින්  එල්.ටී.ටී.ඊ.සංවිධානයේ මියගිය සාමාජිකයින් පිරිසක් සමරණ බවටයි.

පොලීසිය පළාතේ ග්‍රාම නිලධාරීවරයා සමග අදාල ස්ථානයට පැමිණ පරීක්ෂා කළ අවස්ථාවේදී සිද්ධියේ සැබෑ තත්ත්වය අවබෝධ වීමෙන් පසුව පොලීසිය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

මේ තිස්තුන් දෙනා මේ ස්ථානයේදී මියගොස් ඇත්තේ 1984 වර්ෂයේ ඔක්තෝබර් මස 21 වෙනිදාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress