මන්නාරම සමූහ මිනී වළෙන් 29 දා සවස් වන විට මිනිස් ඇටසැකිළි 207 ක් හමු වී තිබේ
Posted on October 30th, 2018

දිනසේන රතුගමගේ

මන්නාරම සතොස තොග වෙළද සැල අසලින් හමුවූ සමූහ මිනී වළෙන් 29 දා සවස් වන විට මිනිස් ඇටසැකිළි 207 ක් හමු වී තිබේ.

මෙම මිනිස් ඇටසැකිළි 207 න් 199 ක් සමූහ මිනීවළෙන් ගොඩගෙන ඇති අතර  ඒවා පරීක්ෂණ කටයුතු සදහා ඉදිරිපත් කොට තිබේ.

මෙම සමූහ මිනීවළේ කැණීම් කටයුතු පරීක්ෂා කොට බැලීම සදහා මන්නාරම දිසා විනිසුරු ආර්.ස්වර්ණරාජ් මහතා ඇතුළු පිරිසක් 29 දා මේ ස්ථානයට පැමිණි අතර එහිදී කැණීම් කටයූතු හා එහි වත්මන් තත්ත්වය පිළිබදව කැණීම් බාර නිලධාරීන් සමග සාකච්ඡා කොට තිබේ.

මෙහිදී දැනට හමුවී ඇති මිනිස් ඇට සැකිළි 207  අතර කාන්තා පිරිමි හා ළමා යන තුන් කොටසටම අයත් ඇටසැකිළි ඇති බව කැණීම් බාර නිලධාරීන් දිසා විනිසුරුවරයාට ප්‍රකාශ කොට ඇති අතර කැණීම් කටයුතු වලට බාධාවක් වී ඇත්තේ ඉද හිට මන්නාරමට ඇද හැලෙන වර්ෂාව පමණක් බවද ඔවුන් ප්‍රකාශ කොට තිබේ.

වර්ෂාවෙන් මේ ස්ථානය ආරක්ෂා කර ගැනීම පිණිසකූඩාරම් ඉදි කොට ඇති බවද නිලධාරීන් විනිසුරුවරයාට ප්‍රකාශ කොට ඇති අතර  නිලධාරීන්ට හා මෙම සමූහ මිනී වළට පොලීසියෙන් විශාල ආරක්ෂාවක් ලැබෙන බවද ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress