ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු විභාග කරන භාෂාව වෙනස්කර ගැනීම සදහා මා පෙනී සිටින්නේ ඇයි?
Posted on March 3rd, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සහ නඩු තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පවත්වාගෙන යාම නිසා බහුතරයක් වූ නීතිඥවරුන්ට සහ ජනතාවට එම අධිකරණවලින් සහන ලබා ගැනීම වැළකී ඇති අතර එම අධිකරණවලින් යුක්තිය ඉටුකර ගැනීමට අධික මුදලක් වැය කිරීමට ජනතාවට සිදු වී ඇත.

නිදහස්, ස්වාධීන සහ අපක්ෂපාතී අධිකරණ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පවත්වාගෙන යාමේදී ලංකාවේ බහුතර ජනතාවට වැටහෙන භාෂාවෙන් එම අධිකරණවල නඩු කටයුතු පවත්වාගෙන යාමත්, ඕනෑම නීතිඥවරයෙකුට එම අධිකරණවලින් සිය සේවාදායකයන්ට සහන ලබා ගැනීමටත් හැකි විය යුතුය. 

නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන හෙයින් ජනතා පරමාධිපත්‍යය භාෂා වෙනස්කමකින් තොරව ක්‍රියාත්මකවන, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන, රටේ සංවර්ධනයට සියලු ජනතාවට දායකවිය හැකි, විදේශීය රටවල නෛතික ප්‍රහාරයන්ගෙන් ජනතාව බේරාගත හැකි යුක්තිය පසිදලන ක්‍රියාවලියක් රටකට අවශ්‍යම වෙයි. 

කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය අනුව සහ ඔවුන්ගේ සුඛවිහරණය් සදහා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු කටයුතු පවත්වාගෙන යන වත්මන් නඩු විභාග කරන ක්‍රියාවලිය වෙනස්කරමින් නඩු විභාග කිරීමේදී භාෂාව මත පුරවැසියන් වෙනස් කමකට ලක් කිරීම අවසන් කර රටේ සෑම පුරවැසියෙකුටම තේරුම් ගතහැකි භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු විභාග පවත්වාගෙන යාම සහ නඩු තීන්දු ලබා ගැනීම වෙනුවෙන් පෙනී සිටීම මාගේ අරමුණ වේ. 

ඒ වෙනුවෙන් මා විසින් දැනටමත් නීති කෘති 08ක් ලියා පළ කර ඇති අතර නොමිලේ පවත්වන නීති අධ්‍යයන වැඩමුළු 06ක් ද, සෙනසුරාදා දිනවල නීති අධ්‍යයන වැඩසටහන්ද පවත්වනු ලබයි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 

නීති කෘති සහ නීති වැඩමුළු සදහා විමසන්න

දුරකථන 0712063394

2 Responses to “ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු විභාග කරන භාෂාව වෙනස්කර ගැනීම සදහා මා පෙනී සිටින්නේ ඇයි?”

  1. Christie Says:

    When it comes to knowledge we are heading popular world wide languages and English is the most popular.

    So I think this issue is another non issue.

  2. Hiranthe Says:

    Great job Mr. Laksiri

    Our Supreme Court is working for foreign powers although paid by the tax money collected from citizen Silva. They have to show the West that they are equal to Sudda’s and they are brethren of suddas. They think that the more they behave like sudda’s they are closer to the white men.

    But we know how Sudda’s think after living with them for many decades. As long as you do their dirty works, you will be given their 3rd grade wine from a bottle they will open with you to show you are equal. They will pour more and more to make you happy. Once you are gone, they will take out their own favourite expensive wine and throw away the left over from the bottle opened for you.

    It is their attitude in everything they do. No matter how much you hate the rest of your country men and how much damage you bring forth to our Mother land due to their requests, you will be always a dirty black bastard.

    Thank you once again Mr. Laksiri for your hard work. Hope many will join you soon. Remember the forces who protect this blessed land will be behind you to look after you although you will get disturbances from evil forces.

    Keep your courage and move forward. Law is not a complicated science to use in our own language which lasted over 5000 years. This land should be for its people and the rules should be for its people to know and follow. We don’t need aliens to rule the natives.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress