වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසුරුවා හරින ලද බවට වන මාධ්‍ය නිවේදනය
Posted on March 26th, 2019

හසිත මානන්දුව ලේකම්.

විධායක සභාව සහ බහුතර සාමාජිකයින්ගේ කැමැත්ත සහ ඉල්ලීම මත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සමුහිකව විසුරුවා හරින බව මෙයින් දැනුම් දෙමි. 

වෙබ් සහ සමාජජාල මාධ්‍යය තහනමට ලක්වූ අවස්ථාවේදී මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉතා සක්‍රීයව සහ වේගවත්ව ක්‍රියාත්මක වූ වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය කලක් නිහඬ සහ අක්‍රීයව පැවතීමත්, ඇතැම් ඉහළ නිලධාරීන්ගේ විනිවිදභාවයෙන් තොර ක්‍රියාකලාපයත්, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සංවිධානයේ කීර්තිනාමය අවභාවිතාවේ යෙදවීමත් මත විධායක සභාවේ සහ බහුතර සාමාජිකයින්ගේ ඉල්ලීම සහ කැමැත්ත මත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය වන නාමය යටතේ වන සංවිධානය විසුරුවා හැරීමට තීරණය කරන ලදී. 

ඒ අනුව එම සංවිධානයේ සභාපතිවරයාගේ තනතුරේ සිට පහලට වන සියලු තනතුරු 2019 ක්වු මාර්තු මස 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි වන අතර සාමාජිකයින්ද එම සාමාජිකත්වලින් විසිරගිය බව මෙයින් දැනුම් දෙමි. එසේම මින් පසුව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නමින් පෙනී සිට විවිධ තනතුරු සහ වරප්‍රසාද ලබාගන්නා පුද්ගලයෙක් වෙත්නම් ඔහු සම්බන්ධයෙන් කිසිවෙකුත් වගවීමට බැඳී නොසිටින බවද මෙයින් දැනුම් දෙමි. එසේම මින් මතු මෙම නමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සිදුනොවන අතර එසේ කවුරුන් විසින් හෝ නිකුත් කරනු ලබන නිවේදන වල වගකීමක් මින් ඉදිරියට නොදරන බවද සඳහන් කරනු කැමැත්තෙමි. 

එසේම වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ආරම්භයේ සිට මේ දක්වා සිදුකළ සේවාවන් සහ වැඩකටයුතු සඳහා සහය ප්‍රචාරණ ලබාදුන් සියලු මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සහෘදයින් වෙනුවෙන් අප සියලුදෙනාගේ ගෞරව පූර්වක ස්තුතිය පළකිරීමටද මෙය අවස්ථාවක් කරගනිමි. 

ස්තුතියි!

මෙයට, 

හසිත මානන්දුව ලේකම්. 

(විමසීම් 077-2657400)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress