ග‍්‍රාමීය පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවන ගුරු, විදුහල්පති දුෂ්කර දීමනා සම්බන්ධවයි
Posted on March 28th, 2019

ලංකා ගුරුසේවා සංගමය – Ceylon Teachers’ Services Union
Senaka Mahinda Jayasinghe



2019. 03. 28

ජනමාධ්‍ය නිවේදනයයි
ගරු අධ්‍යාපන අමාත්‍ය,
අකිල විරාජ් කාරියවසම් මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමණි,

ග‍්‍රාමීය පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවන ගුරු, විදුහල්පති දුෂ්කර දීමනා සම්බන්ධවයි


දුෂ්කර ග‍්‍රාමීය පාසල් වල සේවයේ නියුතු ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට මේ වන විට මසකට ගෙවනු ලබන රු: 1500 ක දුෂ්කර දීමනාව හා රු: 2500 ක දුෂ්කර දීමනාව ප‍්‍රමාණවත් පරිදි වැඩි කිරීමට වහා පියවර ගන්නා ලෙස ලංකා ගුරුසේවා සංගමය ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු. මෙම දීමනා මීට වසර ගණනාවකට පෙර ගෙවන ලද්දක් වන අතර වර්තමාන තත්ත්වයන් සම`ග එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවේ.

2.    විශේෂයෙන් ප‍්‍රධාන නගර වල සිට බස්රථයක් පවා හරිහැටි ධාවනය නොවන ප‍්‍රමාණවත් පරිදි නාවාතැන් පහසුකම් හෝ ගුරු නිවාස නොමැති දුෂ්කර ග‍්‍රාමීය පාසල් වෙත නියමිත වේලාවට සේවයට වාර්තා කිරීමට යන ගුරුවරුන්ට දවස් කිහිපයක් කුලියට ගැනෙන ත‍්‍රීවිල් රථවලට ගෙවීමට පවා මෙම මුදල ප‍්‍රමාණවත් නොවේ.

3.    මෙවැනි වටපිටාවක් තුළ දුෂ්කර ග‍්‍රාමීය පාසල් වලට පත්වීම් ලබන ගුරුවරුන්, විදුහල්පතිවරුන් බොහෝමයක් නැවත පහසු ප‍්‍රදේශ වල පාසල් වෙත ස්ථාන මාරුවීමට හෝ සේවය හැර යාමට පෙළඹි ඇත. මේ නිසා මෙම පළාත් වල උග‍්‍ර ගුරු හි`ගයට මෙය හේතුවක් බවත්, අප ඔබට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත.

4.    ඒ අනුව දශක කිහිපයක් පැවති මෙම ගැටළු නිසා අධ්‍යාපන අමාත්‍යාංශය පැවැත් වු පසුගිය සමීක්ෂණ වලින් හෙලි වී ඇත්තේ 1 වන ශ්‍රේණියට කිසිදු අයදුම්පතක් ඉදිරිපත් නොවු දුෂ්කර ප‍්‍රාථමික පාසල් 350 ක් පමණ ඇති බවත්, තවත් පාසල් 3000 ක පමණ අධ්‍යාපන ලබනුයේ සිසුන් 100 – 150 ක් අතර අඩු ප‍්‍රමාණයක් බවයි.

5.    මෙවැනි වටපිටාවක් තුළ පාසල් හැර ගිය සිසුන් ප‍්‍රමාණයද ඉතා ඉහළ අගයක් වන අතර කෝටිගණන් මුදල් වැය කර උත්සව පවත්වන 1-13 අනිවාර්ය අධ්‍යාපනය යථාර්ථයක් නොවන බවද පෙන්වා දිය යුතුව ඇත.

එහෙයින් මෙම බොහෝ ගැටළු වලට විසදුම් ගැනීම වෙනුවෙන් හා ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට දුෂ්කර දීමනා හා අනෙකුත් දීමනා වැඩි කිරීමට වහා පියවර ගන්නා ලෙස නැවතත් ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,

විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරුසේවා සංගමය           

Tags:

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress