අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදින් සමග කි‍්‍රයාකරන බව දැන හිටියත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න රටේ නිතිය ප‍්‍රමාණවත් නැහැ කියන එක අමූලික බොරුවක් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ පළවෙනි වගන්තිය නීතීඥවරයෙක් වුනු අගමැතිවරයා කියවලා නැහැ
Posted on May 2nd, 2019

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුව

අද (02 දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
x ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ ප‍්‍රධාන ලේකම් අතුල ද සිල්වා මහතා
x නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා
x නීතීඥ පියුම් පෙරේරා පෙරේරා
x ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතීඥ සංගමයේ නියෝජ්‍ය ලේකම් සාගලා අබේවික‍්‍රම මහතා

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ ප‍්‍රධාන ලේකම් අතුල ද සිල්වා මහතා
ත‍්‍රස්ත ප‍්‍රාහරයෙන් පස්සේ අගරදගුරුතුමා ජාතායට දුන්න නායකත්වය අපි අගය කරනවා. මේ සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂඛ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න බැරි බව කාදිනල්තුමා සදහන් කර තිබෙනවා. අගමැතිවරයා ලංකාවේ පිරිස් අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදින් සමග කි‍්‍රයාකරන බව දැන හිටියත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න රටේ නිතිය ප‍්‍රමාණවත් නැති නිසා ත‍්‍රස්තවාදය තුරන් කරන්න ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කරලා දෙන්නයි රටේ අගමැතිවරයා සදහන් කර තිබෙනවා. මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යයක්.
ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ පළවෙනි වගන්තිය නීතීඥවරයෙක් වුනු අගමැතිවරයා කියවලා නැහැ. ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදි කි‍්‍රයා වැළෑක්වීම සදහාද, ශී‍්‍ර ලංකාව තුළ හෝ ශී‍්‍ර ලංකාවෙන් පිටත යම් පුද්ගලයෙක්, පුද්ගලික කණ්ඩායමක, සමිතියක, සංවිධානයක හෝ සමිතියක නැතහොත් පුද්ගලික මණ්ඩලයක නීතිවිරෝධී කි‍්‍රයාවැළැක්වීම සදහාද ආනුෂංගික වූ කරුණු සදහාද තාවකාලික විදිවාධාන සැළැස්වීම සදහා වු පනතකි. මේ පනතෙන් ශී‍්‍ර ලංකාව තුළ හෝ පිටත කිසියම් නිතිවිරෝධී කි‍්‍රයාවක් හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් වැළැක්වීමේ ප‍්‍රතිපාදන සළස්වා තිබෙනවා.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රයෝජනයට ගෙන එයත් සමග නිතිය කි‍්‍රයාත්මක කිරීම මගිනුයි මහින්ද රාජපක්ෂ මහතා තිස් වසරක යුද්ධයක් අවසන් කලේ. තමන්ගේ නොහැකිව වසා ගන්න කියන කාරණයකුයි මෙය. අගමැතිවරයා නොහැකියාව වසා ගන්න කරන ප‍්‍රකාශයක් නම් අපිට මේක විහිලූවකට අරන් බැහැර කරන්න පුලූවන්. ඔහු ඒක කියමින් කියන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ පොල් ගාන්නේ නැතිව ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කරන්නලූ. මේක ගේන්නේ ත‍්‍රස්තවාදය වැළෑක්වීමේ පනත ඉවත් කරලා ඒ වෙනුවට නව පනතක් විදියටයි. මේක දෙයාකාරයකින් රටට අහිතකරයි. මේ විධි විධාන දැනට තියෙන පනතට වඩා ලිහිල්. අරමුණ ත‍්‍රස්තවාදය වැළැක්වීම නම් ඒක තියෙන පනතෙන්් කරන්න පුලූවන්. නව පනත ගෙනත් 45 වෙනි වගන්තියෙන් අපරාධ විධිවිධාන සංග‍්‍රහයේ 115, 116, 120 වගන්ති අත් හිටුවනවා. 115 තියෙන්නේ පැය 24ක් ඇතුළත විමර්ශන අවසන් කළ නොහැකි නම් දින 15ක් බන්ධනාගාරගත කරලා ප‍්‍රශ්න කිරීමේ හැකියාව. ඒ වගන්තිය අත්හිටුවීම ත‍්‍රස්තවාදය වැළැක්වීමට ප‍්‍රයෝජනවත්ද,නැද්ද? විමර්ශනය සදහා බන්ධනාගාර නිලධාරීන් යටතේ පොලිස්නිලධාරීන්ට සැකකරුවන් විවිධ ස්ථානවලට ගෙනිහින් පරීක්ෂණ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගන්තියත් අත් හිටුවනවා. මේ අත් හිටවීම මගින් පරීක්ෂණවලට වෙන්නේ බාධාවක්. විමර්ශන කටයුතු අවුරුදු 5යි 10යි අතර කාලයකට අත් හිටුවීමේ හැකියාවත් තියෙනවා. අත් හිටවලා මොහුව සමාජගත කරනවා. මේවායින් වෙන්නේ ත‍්‍රස්තවාදය වැඩි කිරීමයි. ත‍්‍රස්තවාදය ගැන කළකිරෙනවා වැනි ප‍්‍රකාශයක් මගින් නඩු කටයුතු අහෝසි කර ගැනීමේ හැකියාවත් තියෙනවා. මේවා ත‍්‍රස්තවාදය වැළැක්වීමට හේතු වෙනවාද.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට අවශ්‍ය වෙලා තියෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමටද? නැත්නම් ත‍්‍රස්වාදය වැඩිකිරිමටද? මේ වගේ පනතක් ගේන්නේ ඇයි. මෙයා ජාත්‍යන්තර කොන්ත‍්‍රාත්තුවක් ඉටු කරමින් සිටින්නේ. තමන්ගේ හිනවල ජනපි‍්‍රයත්වයත් එක්ක බලය පවත්වා ගැනීමට අවශ්‍ය කරුණු මේ පනතට ඇතුලූ කරලා තියෙනවා. රටේ වෘත්තිය සමිති ශිෂ්‍ය ව්‍යාපාර, වැනි දේට රාජ්‍ය මර්ධනයට ගොදුරු වෙන වගන්තිත් මෙහි තියෙනවා. ආන්ඩුවේ කි‍්‍රයාවක් වැළැක්වීම, ආන්ඩුවට යමම්කිසිවක් කරන්න පෙලඹීමත් මේ පනට අනුව ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක්. ෂරියා නිීතිය ඉගැන්වීමේ පනතක් ගෙනත් ඒකට කවුරු හරි විරුද්ධ වුනොත් ඔවුන් ත‍්‍රස්තවාදින් කියලා නම් කරන්න පුලූවන්. මැතිවරණය නොපැවැත්වීමට එරෙහි ජනතා අරගල ත‍්‍රස්තවාදය කියලා නම් කරන්න පුලූවන්. අත්‍යවශ්‍ය සේවාවය බරපතල හානි කිරිමත් ත‍්‍රස්තවාදි කි‍්‍රයාවක්. වෛද්‍යවරු වර්ජනයක් කලොත් ඔවුන් ත‍්‍රස්තවාදින් කියලා ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න ඉඩ තියෙනවා. මේක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් කියනවා නම් මීට වඩා තියෙන පනත හොදයි. ත‍්‍රස්තවාදය නමින් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන වැඩපිළීවෙල වැළැක්විමයි මෙමගින් වෙන්නේ. මේකේ නිසි බලධාරියා විදියට නම් කරලා තියෙන්නේ නිතිය හා සාමය විෂය භාර ඇමැති. හැබැයි පනත ඉදිරිපත් කරන්නේ විදේශ කටයුතු ඇමැති. මේකේන්ම පේනවා අවශ්‍යතාවය මොකක්ද කියලා. මේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කරන්නේ බොරදියේ බාලූබෑමක්.

නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා
මැලිකම් රංජිත් කාදිනල් තුමන්ගේ භූමිකාව අපි අගය කරන්න ඕනේ. ව්‍යවසන වුනු තැන්වලට සංවේදීව ගමන් කළා. කිතුණු බැතිමතුන් ළගට ගිහින් උන් වහ්නසේ කි‍්‍රයාකළ ආකාරය පරමාර්ශීයි. ත‍්‍රස්තවාදයට ගොදුරු වුනු කටුවාපිටියට නුදුරින් මුස්ලිම් ජනතාව ජිවත් වන ප‍්‍රදේශයක් තියෙනවා. ආගමික සුහදතාවය සමග තත්ත්වය බරතපල විම වැලැක්වුවා. ආගමික නායකයින් සමගත් දේශපාලන නායකත්වය සමගත් සාකච්ඡුා කරලා අවශ්‍ය පියවර ගත්තා.පහුගිය දින කිහිපයේ රජය වෙඩි නොවදින වාහනයක් දුන්නත් අන් වහ්නසේ එය ප‍්‍රතික්ෂේප කරමින් මගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ ආරක්ෂාවයි වටින්නේ කිව්වා. කාදිනල්තුමා වචනයේ විදියට නෙවේ වගකිම් සහගතව නායකත්වය පෙන්නුම් කෙරුවා. රජයේ වගකිවයුත්තන් වගකිම භාර ගන්න සූදානම් නැහැ. ජේසුස්තුමා එදා අසාධාරණයට අයුක්තියට එරෙහිව පෙනි සිටියා. සාධාරණය හා යුක්තිය වෙනුවෙන් කිතුණුවන් පෙනි සිටින්නේ. එදා සමාජයේ හිටපෙු හෙරේත්ලා, පිලාත්ලා වැනි වගකිම භාරගන්න බැරි නායකයෝ ඉන්න සමාජයක කාදිනල්වරයාගේ හැසිරීම අපිට වැදගත්.
අපේ සමාජයේ ප‍්‍රගමනයට සාධනීය විදියට යොදා ගන්න පුලූවන් අදහස් කාදිනල්තුමා ලපහුගිය කාලයේ ප‍්‍රකාශ කළා. ත‍්‍රස්තවාදය මඩින්න නව පනතක් අවශ්‍ය නැති බවත් කාදිනල්තුමා කිව්වා. පවතින පනතින් ත‍්‍රස්තවාදය නැති කළ හැකි බවත් එතුමා කිව්වා. අවශ්‍ය නම් සංශෝධන ගෙනත් මේ ත‍්‍රස්තවාදය මඩින්න හැකියාව තියෙනවා. මේ ම්ලේච්ඡු ප‍්‍රහාරය වුනු මොහොතේම උන් වහන්සේ කිව්වා මේ පිටුපස විදේශීය හස්තයක් තිබිය හැකි බව කිව්වා. ත‍්‍රස්තවාදය මර්දනය මුවාවෙන් සමහර රටවල්වලට කරපු මැදිහත්වීම් නිසා වුනු දේ උන් වහන්සේ දුටුවා. වහාම මේ ත‍්‍රස්තවාදය මර්ධනයට විදේශ බලපෑම් වලින් ඉවත් වෙලා දේශීය ක‍්‍රම පිලිබද විශ්වාසය තැබිය යුතු බව අන් වහන්සේ කිව්වා. මෑත ඉතිහාසයේ දරුණුම ත‍්‍රස්තවාදය වුනේ, මරාගෙන මැරෙන සංකල්පය හදුන්වා දුන්න එල්. ටී.ටී. ඊ මර්දනය කළා නම් මේ ත‍්‍රස්තවාදය මර්ධනය කරන්න අපේ හමුදාවන්ට බැරි මොකද? සිරියාවට ලිබියාවට වුනු දේ අපි දැක්කා. උන් වහ්නසේ මේ සියලූ කාරණා පෙන්නා දුන්නා. බුද්ධි අංශයට ලැබුණූ තොරතුරු පමණක් ප‍්‍රමාණවත් නැහැ. ඒ තොරතුරු විමර්ශනය කළා නම් ඒ තොරතුරේ තියෙන දේවල් හොයා ගන්න බැහැ. මේ ත‍්‍රස්තවාදී ව්‍යවසනයේ තියෙන අක් මුල් සොයන්න අවශ්‍ය බව උන් වහන්සේ ප‍්‍රකාශ කළා. පවතින විමර්ශනයන් ගැන අන් වහන්සේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. යුද හමුදාව අත් අඩංගුවට ගැනීම් කළාට ප‍්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ. අත් අඩංගුවට ගත්ත සමහර පුද්ගලියින් කෙටි කාලයක් තුල නිදහස් වෙනවා.
දේශපාලනපක්ෂ ආගම හා ජාතිය මත පදනම්ව නිර්මාණය වීම මේ විදියේ ව්‍යසනයන්ට හේතු වුනු බව අන් වහන්සේ සදහන් කළා. මිට වසර 10ට පෙර කිතුණු බැතිමතුන් පිරිසක් ඇවිත් කිතුණ්ුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂයක් බිහිකරන්න යෝජනා කළත් උන් වහන්සේ ඒ මොහොතේම ඔවුන්ට පිටව යන්න කිව්වා. අගරදගුරුතුමන්ගේ වගකීම, අදහස් නිසා මේ ව්‍යසනයෙන් අපේ රටට යහපත් මාර්ගයකට පැමිණීමේ හැකියාව උදා කළ බව අපි ගෞරවයෙන් සිහිපත් කරනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ගම්පහ දිස්ති‍්‍රක් නීතීඥ සංවිධානය නියෝජනය කරමින් නීතීඥ පියුම් පෙරේරා පෙරේරා
අපිට පේනවා මේ රට අරාජික බව. කාදිනල්තුමා නොසිටින්නට රටේ තත්ත්වය නරක අතට පෙරලෙන්න ඉඩ තිබුණා. මේ රටේ මිනිස්සු මෙතරම් අරාජික වටපිටාවක හමුදාව හා පොලීසිය කෙරෙහි නෙත් අයාගෙන බලන් ඉන්නවා. මිට වසර 10ට පෙර හමුදාවන්ට නිවැරදි නායකත්වය ලැබීම තුළින් කෲර ත‍්‍රස්තවාදයක් අවසන් වුනු නිසා අපි තුළ රණවිරුවන් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියෙනවා.
දැන් අපි 19 අඩුපාඩු ගැන කතා කරනවා. ඒ වගේම 15 වෙනි සංශෙෘ්ධනයත් අපි කතා කළ යුතුයි. ජේ. ආර්. ජයවර්ධන මහතා හදුන්වාදුන්න සමානුපාතික නියෝජන ක‍්‍රමයෙන් මන්තී‍්‍රවරයෙක් පත් වෙන්න 12.5%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ගත යුතුව තිබුණා. සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියා රණසිංහ පේ‍්‍රමදාස මහතා තමයි 15 වෙනි සංශෙෘ්ධනය ගෙනත් තමන්ට ජනාධිපති වෙන්න අෂ්රොප් මහතාගේ ඡුන්ද මිටිය වෙනුවෙන් ගෙනාවේ. මේවා මිනිස්සු කතා කළ යුතු මාතෘකා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගෝලීය ත‍්‍රස්තවාදයක් ගැන කියනවා. ප‍්‍රති ත‍්‍රස්ත පනත ගේන්නෙම කොන්ත‍්‍රාත්තුවක්විදියටයි. නැත්නම් විදේශ කටයුතු ඇමැතිවරයා මෙම්පනත ගේන්නේ ඇයි. මේවගේ දේවල් වෙන්නේ අපේ රටේ විතරයි. රටේ මිනිස්සු කොන්ඬේ බැදපු චින්නු කියලයි මේ පාලකයෝ හිතන්නේ. එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු ඇස් අරගෙන ඉන්නේ.
මේ පින්තූරය රිවයින් කරද්දි මේ පිටපස විදේශිය අත පෙවීමක් තියෙන බව පේනවා. බැලූ බැල්මට අයි. එස් සංවිධානයේ අත පෙවීමක් මෙහි තියෙනවා. මේවිදේශ අත පෙවීම් කෙර’ම් වලට, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට සෙල්ලම් පිට්ටනියක් බවට ලංකාවට පත් කරන්න මිනිස්සු කැමැති නැහැ. අපි දැක්කා මේ රටේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් වසර 30 යුද්ධය අවසන් කළා. අඩුපාඩුවක්තියෙනවා නම් සංශෙෘ්ධනයක් කරමු. නැතිව මැජික් පොල්ලක් වැනි පනතක් ගෙනා සැනින් ත‍්‍රස්තවාදයනැති වෙන්නේ නැහැ. එහෙම කියන්න හැකියාව තියෙන්නේ ත‍්‍රස්තවාය එන බව දැන දැනත් හිටපු අයට විතරයි. මේ ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්පූර්ණයෙන් හකුලා ගත යුතුයි. මෙහි තිරය පිටුපස ත‍්‍රස්තවාදයාටත් රණවිරුවාටත් එකම හැන්දෙන් බෙදීමක් සිද්ධ වෙනවා. ජිනීවාවලට ලංකාවේ නීතිය වෙනස් කරන්න දුන්න පොරොන්දුවයි මේ ඉෂ්ට කරන්න හදන්නේ.
සේපාල ඒකනායක සිද්ධිය වෙලාවේ අතීතයට බලාපන විදියට නිති හදලා සති තුනකින් දඩුවම් කලේ ජේ. ආර්. ජයවර්ධන මහතායා.මාතෘ භූමියට ආදරය නොකරන අයයෙ හිස් ප‍්‍රකාශ කරමින් සිටින්නේ. මේ සියල්ල පසෙක දමා බල දේශපාලන වෙනුවෙන් පෙනි සිටින්නේ ඒ වගේ අයයි. සේපාල ඒකකානායකට දඩිවම් දෙන්න මාමාට හැකිවුනා නම්බෑනට බැරිද. මේ විදේශ අත පෙවීම් අපේ විරෝධය දක්වනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතීඥ සංගමයේ නියෝජ්‍ය ලේකම් සාගලා අබේවික‍්‍රම මහතා
ඵසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විපතට පත් පවුලිවලට සංවේගය පළ කරනවා. රටක් අරාජික වුනු අවස්ථාවක ආගමික නායකයෙක් විදියට මැදිහත් වෙමින් මග පෙන්වීමක් කරන අගරදගුරුතුමන් නොසිටින්නට අපි අසරණ වෙනවා. මවක් විසියට තිස් වසරක යුද්ධයෙන් බැට කමින් ගත කරපු කෙනෙක් විදියට අපි කාලයක් ගත කළා. ත‍්‍රස්තවාදයට වගේම එජාප භීෂණයටත් අපි ගොදුරු වුනා. නිල ලත් ඇදිරි නිතියට වගේම රතු සහෝදරයින්ගේ නිල නොලත් ඇදිරි නිතියටත් අපි මුහුණ දුන්නා. දරුවාගේ පාසලත් මුරකළා. ත‍්‍රස්තවාදය නිම වුනාම අපි සතුටු වුනා. අගමැතිකම අහිමි වුනු රනිල් වික‍්‍රමසිංහගේ මුහුණත් පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ මුහුනේ තිබුණ ෂතුටත් අපි දැක්කා. මිනිස්සු මැරිලා තියෙද්දිත් මේ සිද්ධිය වෙස්වලාගත්ත ආශිර්වාදයක් කිව්වේ ප‍්‍රතිත‍්‍රස්ත පනත ඉදිරිපත් කරපු එවකට සිටි විදේශ ඇමැති වත්මන් මුදල්අමාත්‍ය ඇමැතිවරයායි. ලෝකයේ බිහිසුනුම ත‍්‍රස්තවාදය වළක්වන්න ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප‍්‍රමාණවත් වුනා නම් වෙනත් පනත් අවහ්‍ය නැහැ. අපි ගෙවල්වල ඇඩූ කදුලින් හිටපු කාලය නිමා වුනා. 2015 ජනවාරි 8 වැනිදා අරලිය ගහ මන්දිරයෙන් නික්මෙන මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ මම ඔබතුමාට තිළින කරන්නේ සම්පූර්ණයෙන් නිවහල් රටක්. ඒ රට ආරක්ෂා කරන්න කියලයි. නමුත් ඒ අයට බැරිවුනා ගෙවුනු වසර හතරහමාරේ රට ආරක්ෂා කර ගන්න.
හරීන් ප‍්‍රනාන්දුගේ තාත්තාට වගේම අපිටත් දරුවෝ ඉන්නවා. අපිට හමුදාවන් විශ්වාස වුනාට ඔවුන්ට අණදෙන පුද්ගලයෝ විශ්වාස නැහැ. විනාඩි 15න් වගකිව යුතු ඇමැතිවරයාගේ සහෝදරයා, සහෝදරිය නිදහස් වෙනවා. ලේකම්වරයා නිදහස් වෙනවා. කාදනල්තුමා පාරට බැස්සේ අන් වහන්සේ පිටුපසින් සියලු ජනතාව එනවා. අපේ දරුවන්ට නිදහසේ පාසල් යන්න නිදහස අවශ්‍යයි. ස්වාමියාට නිදහසේ රැුකියාවට යන්න අවශ්‍යයි. රටේ ආරක්ෂාව එක්ක දියුණුව එක්ක පොල් ගෑවා ඇති දැන් ගෙදර යන්න රනිල් මහත්තයෝ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress