නව මර්දන නීති වලට විරුද්ධ වන අතර විපතට පත් ජනතාවට වහාම වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු
Posted on May 6th, 2019

ඉන්ඩස්ටි‍්‍ර ඕල් ගොලිය වෘත්තීය සමිතියේ ශ‍්‍රී ලාංකීය මණ්ඩලය

මඩකලපුව, මීගමුව කටුවපිටිය සහ කොළඹ කොටහේන රෝමානු කතෝලික දේවස්ථාන 03 ටද අති සුපොඛභෝගී හෝටල් 03 ටද පාස්කු ඉරිදා එනම් 2019 අපේ‍්‍රල් 21 වැනි දින එල්ල කරන ලද ඉතාමත් බිහිසුනු ප‍්‍රහාරයන් හමුවේ මුළු ලෝකයම කම්පාවට පත් කළ අතර වෘත්තීය සම්ති වශයෙන් අපිද එළෙසින්ම කම්පාවට පත් වීමු. අපගේ සාමාජිකයින් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන්ද මේ භිහිසුණු ප‍්‍රහාරයට ගොදුරුව මිය ගොස් ඇති අතර ඇතැමුන් තුවාල ලබා ඇත. ‘‘ජාතික තව්හීඞ් ජාමාත්’’ සංවිධානය නම් දේශීය ත‍්‍රස්ත කල්ලියක් එම ප‍්‍රහාර සඳහා වගකිව යුතු යැයි රාජ්‍ය බුද්ධි අංශ හඳුනාගෙන ඇත. මෙම බිහිසුනු ප‍්‍රහාරයෙන් විපතට පත්වූ සියලූ දෙනාටම ඉන්ඩස්ටි‍්‍ර ඕල් ගෝලීය වෘත්තීය සමිතියේ ශී‍්‍ර ලාංකීය මණ්ඩලය ලෙස අපි අපගේ සාතිශය සංවේගය පල කරන්නේනමු. මෙම ඛේදවාචකයෙන් විපතට පත්වූ 250 ට වැඩි අහිංසක මිනිසුන් සහ ළමුන් මෙන්ම 500ට වැඩි තුවාල ලැබූ වන්ගේ පවුල් වල සාමාජිකයින් සහ ඥාතීන් සමග ඔවුන්ගේ දුක හා ශෝකය බෙදා හදා ගැනීමට අපිද හවුල් වන්නෙමු.

ලැබී තිබු තොරතුරු සහ මීට සති දෙකකට පෙර ඉන්දියානු බලධාරීන් විසින් දෙන ලද නිශ්චිත තොරතුරු ඔස්සේ අදාල රාජ්‍ය ආයතන විසින් නිසි පියවර ගනු ලැබුවේ නම් මෙම ඛේදවාචකය වළකා ගත හැකිව තිබුණි යැයි අපි තරයේ විශ්වාශ කරමු. රාජ්‍ය ආයතනයන්හි අලසකම්, අකාර්යක්ෂමතාව සහ වගකීම් විරහිත බව මේ සිද්ධිය තුලින් මනාව පිළිිබිඹු විය. පැහැදිලි නායකත්වයක් සහ රාජ්‍ය මෙහෙයවීමේ නිසි අධිකාර බලයක් නොමැතිවීම සහ වත්මන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් අතර වර්ධනය වූ බෙදීම සමග දේශපාලනික ප‍්‍රතිවිරෝධ ආරක්ෂක තත්ත්වයේ මග හැරීම් සඳහා බෙහහෙවින් දායකවී ඇත.

ජනතාව ඉතා අසීරුවෙන් දිනා ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හමුවේ දැඩි නීති හා දඩුවම් ඉල්ලා සිටින දේශපාලන තත්ත්වයක් වර්ධනය වීම පිළිබඳව වෘත්තීය සම්ති වශයෙන් අපි දැඩි විපරමින් සිටිමු. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා සාංගමිකව කටයුතු කිරීමේ නිදහස කෙරෙහි දැඩි සීමා පැනවීම සමග අත්අඩංගුවට ගැනීමටත්, සීමා රහිත කාලයක් රඳවා තබා ගැනීමට හැකිවන ලෙසත් හදිසි නීති රෙගුලාසි පනවා ඇත. මෙවැනි තත්ත්වයක ආරක්ෂක හමුදා සඳහා අවශ්‍ය බලතල තිබිය යුතු බැව් අප පිළිගන්නා අතර ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් සමාජ ස්ථාවරත්වය සහ සාමාන්‍ය සාමකාමී තත්ත්වය නොපමාව ස්ථාපිත කිරීමේත් වගකීම ආණ්ඩුව සතු බැව් අපි කියමු. එවගේම විශේෂයෙන් මුස්ලිම් ජනතාව ඉලක්ක කෙරෙන වාර්ගික සහ ආගමික වෛරයට හේතුවන ආකාරයේ, බියකරු සමාජ මානසිකත්වයක් හැදීම වළකාලීමේ වගකීම ආාණ්ඩුව සතු යැයිද අපි විශ්වාස කරමු.

කඩිමුඩියේ නව නීති සම්මත කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහ සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමු වී ඇත. හදිසි නීතිය යටතේ ත‍්‍රස්ත සංවිධාන දැනටද තහනම් කර තිබියදීත්, පවතින නීති රාමුව යටතේ මෙම ත‍්‍රස්ත සංවිධාන තහනම් කළ නොහැකි යැයි පවතින ‘‘ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත’’ වෙනුවට ‘‘ප‍්‍රති ත‍්‍රස්ත පනත’’ වහා සම්මත කළ යුතු යැයි අගමැති පවසා ඇත. ‘‘නීති සමූහයක් වෙනුවට තනි නීතියක්’’ ලෙස සේවා යෝජක ආයෝජකයින්ගේ වාසිය වෙනුවෙන් කම්කරු නීති අලූතින් සැකසෙමින් පවතී. සමාජය විනයකට යටත් කිරීමේ එවැනි නීති ආරක්ෂක අංශ වලට අවශ්‍යයැයි පවතින විවාද හමුවේ එම නීති සම්මත කර ගැනීමේ එකගත්වයක් දැන් සියලූ දේශපාලන පක්ෂ අතර දැකිය හැක.

මෙතෙක් පැවති සියලූ ආණ්ඩු විසින් විවෘත වෙළඳපල ආර්ථිකය තව දුරටත් ලිහිල් කිරීම සඳහා සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීමේ උත්සාහ දීර්ඝ කාලයක් පුරා පැවතුනකි. එම උත්සාහය යම් පමණකට නිදහස් වෙළඳ කලාප පිහිටු වීමෙන් සහ කම්කරු දෙපාර්තමේන්තු පරිපාලනය අක‍්‍රීය කිරීම් මගින් සිදුව ඇත. පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරය දේශපාලනිකව කියැවීමෙහි විවිධ ප‍්‍රවනතා ඇත. ඒ සියල්ලත් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සීමාකිරීමේ අවකාශයක් එමගින් ආණ්ඩුවට ලබාදී ඇත. ඒ සීමා කිරීම් සේවක අයිතිවාසිකම් වලටද අදාල වන්නේය.

ඉන්ඩස්ටි‍්‍ර ඕල් ගොලිය වෘත්තීය සමිතියේ ශ‍්‍රී ලාංකීය මණ්ඩලය වෙනුවෙන්

ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ීඛභීී*
නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සේවක සංගමය (ත්‍ඔ’ ඹබසදබ*
නැෂනල් යුනියන් ඔෆ් ෂීෆෙයාර්රස් ශී‍්‍ර ලංකා (භඹීී*
එක්සත් කම්කරු සම්මේලනය (ඹත්‍ඛ*
ලංකා වෙළ`ද කාර්මික හා පොදු කම්කරු සංගමය,

අත්සන් කළේ

ලෙස්ලි දේවේන්ද්‍ර පාලිත අතුකෝරල ඇන්ටන් මාකස්
සභාපති ලේකම් ඉන්ඩස්ටි‍්‍ර ඕල් ගොලිය වෘත්තීය සමිතියේ ඉන්ඩස්ටි‍්‍ර ඕල් ගොලිය වෘත්තීය සමිතියේ විධායක සභික

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress