රටේ මුදල් සංසරණයක් නැහැ. ළමුන් පාසල් යන්නේ නැහැ. රාජ්‍ය සේවකයෝ සේවයට වාර්තා කරන්නේ නැහැ. රට අරාජිකයි.
Posted on May 6th, 2019

අද (06) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය සාකච්ඡාව

අද (06) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින් 

■             ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා 

■             පාර්ලිමේන්තු මන්ත්‍රී, රෝහිත අබේගුණවර්ධන මහතා 

■             මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද යාපා අබේවර්ධන මහතා 

දැන්වත් බුද්ධි අංශ නිදහස් කරන්නයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. බුද්ධි අංශ ශක්තිමත් කර ඔවුන්ගේ චිත්ත ශක්තිය වැඩිකිරීමට වහාම පියවර ගත යුතුයි. 

■             ආරක්ෂාව සම්බන්ධයෙන් තිබුණු ආයතන සියලුල විනාශ කරපු ආන්ඩුව දැන් ආයෙත් ඒ ආයතන පිහිටුවමිනි සිටිනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා 

මනුෂ්‍ය ජිවිත 280ට වැඩි ප්‍රමාණයක් හානිවී මේ වන විට ජනතාව බියෙන් කල් ගෙවන තත්ත්වයක් ඇති වෙලා. සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් බිදවැටිලා. ආයෝජන එනවා වෙනුවට තිබෙන ආයෝජනත් රටෙන් පලා යනවා.සිල්ලර වෙලදාම කඩා වැටිලා මුදුල් සංසරණයක් සිද්ධවෙන්නේ නැහැ. අපි රෝග නිධානය සොයා ගෙනයි මේ තත්ත්වයට ප්‍රතිකාර කළ යුතු වෙන්නේ. මේ ඛේදවාචකයට මුලික හේතුව විදියට අපි දකින්නේ රජය චේතනාන්විතව බුද්ධි අංශ බිද දැමීමයි. බුද්ධි අංශ නිලධාරීන් 40ට වඩා සිරභාරයට දමලා. ඒ පවුල්වල අය උසාවි ගානේ රස්තියාදුවුනා. මොවුන් ත්‍රස්තවාදය අවසන් කරන්න විශාල කාර්යභාරයක් ඉටු කරපු අය. එල්. ටි.ටී. ඊ ත්‍රස්තවාදියෙක්ට පලා යන අවස්ථාවේ වෙඩි තැබුවා කියලා වන්දි ගෙවන්නත් සිදුවුනා. වන්දි මුදල ගෙවාගන්න බැරිව සිටිය ඒ නිලධාරියා වෙනුවෙන් අපේ පක්ෂය උදව් කළා. තවත් බුද්ධි අංශ නිලධාරියෙක් ඇප ලබාගන්න බැරිව මාසෙන් මාසෙ බන්ධනාගාරගත කළා. අවසානයේ චිත්ත පීඩාවෙන් ඔහුගේ නැන්දම්මා සියදිවි නසාගත්තා.

මේ බුද්ධි අංශ සංහිදියාවට බාධාවක්, හිසරදයක් කියලා මතයක් ගොඩ නැගිලා තිබුණා. මේ රජය බලයට ගේන්න මුල් වුනු දේශීය විදේශිය බලවේග විසින් මේ මතය ගොඩැනැගුවා. ඒ වගේම අඩුවෙන් වැඩකරන එක ඇගට ගුණයි. ධෛර්යමත්ව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීමෙන් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් කියන දේ බුද්ධි අංශවලට දුන්නා. ඒ නිසයි මේ ඛේදවාචකය වුනේ. දැන් කතා කරලා වැඩක් නැහැ. බුද්ධි අංශවලට ප්‍රසංසා කරලා වැඩක් නැහැ. දැන්වත් මේ අයව නිදහස් කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ අයගෙන් අති බහුතරය සිරගත කලේ දේශපාලන හේතු නිසා. සාක්ෂි ඇති පිරිස් ඉන්නවා නම් රදවා ගැනීම සම්න්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඩයස්පෝරාව, ජනිවා මානව හිමිකම් කවුන්සිලය, දෙමළ සන්ධානය තෘප්තියට පත්කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක් මිස මේ පුද්ගලයින්ට එරෙහිව සාක්ෂි තිබිලා ඒ සාක්ෂි උසාවියට ඉදිරිපත් කරලා ඒ අය වරදකරුවෝ කියලා ඔප්පුවීම නිසා නෙවෙයි මේ අය අත් අඩංගුවට පත්වුනේ. දැන්වත් නිදහස් කරන්න. ඒ පුද්ගලයින් දිරිමත් කළ යුතුයි. ඒ අය දුක් වින්දා හොදටම ඇති. ඔවුන් නිදහස් කිරීම විනා ගත හැකි අර්ථවත් පියවරක් නැති බව අපි මේ රජයට පවසනවා. 

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රජයට තොරතුරු ලැබුණා. 2016 ජුලි 15 මේ විදියටම තුර්කියේ පාර්ලිමේන්තුවට පහර දුන්නා. ඊට සම්බන්ධ 50ක් පමණ ලංකාවට පැමිණි බවට තොරතුරු ලැබීමෙන් පසුව තුර්කි තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නා. ජනතා ඡන්දයනේ පත් වුනු රජයක් විනාශ කරලා අගමැතිටත් හමුදාවන්ටත් පහරදුන්න බව කියමින් රටවල් 22ට තොරතුරු ලබා දී තිබුණා. ඒ රටවල් නම් මේ සම්බන්ධයෙන් පියවර ගත්තා. මද්‍රරසා පාසල් වසා දැම්මා. මේ සම්බන්ධයෙන් ඒ රටවල් ගත්ත පියවර සම්බන්ධයෙන් තුර්කි රජයට දැනුම් දුන්නා. ජනතාවගේ ජිවිත බේරා ගැනීමට තොරතුරු ලබාදිම සම්බන්ධයෙන් ස්තූති කළා. නමුත් ශ්‍රී ලංකාව විදියට කිසිදු පියවරක් ගත්තේ නැහැ. තුර්කි තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් විටින් විට විමසන විට නිලධෘරීන්ට කිසිවක් කරන්න බැරිබවයි අනාවරණය වුනේ. අමාත්‍යංශය තුල ක්‍රියාත්මක වන ප්‍රබල දේශපාලන හස්තයක් නිසා නිලධාරීන්ට කිසිවක් කරන්න බැරි බවයි අනාවරණය වුනේ. මේ තොරතුරු අමාත්‍යංශයට ලැබෙන විට හේමසිරි ප්‍රනාන්දු මහතා එහි කිසිදු වගකීමක් දැරුවේ නැහැ. ඒ නිසා හේමසිරි ප්‍රනාන්දු මහතා ගෙදර යැවීමෙන් ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. එතුමා පිට වගකීම පවරා ජනතාව මුලා කිරීම මිස, සත්‍ය හෙළිකිරීමට හෝ ජනතාවගේ ආරක්ෂෘව තහවුරුකිරීමට කිසිදු පියවරක් ගන්නේ නැහැ. රටවල් 22ක් තම රටවල්වල ජනතාවගේ ජිවිත ආරක්ෂා කරන්න පියවර ගනිද්දි මේ ආන්ඩුව කිසිවක් නොකර ඡන්ද ලුහුබදිමින් සිටියා. මේ නිසා දේශපාලන තිරණයක් ගත්තා මේ සම්බන්ධයෙන් කිසිවක් නොකරන්න. එහි සෘජු ප්‍රතිඵලය වුනේ ජිවිත 280ක් පමණ අහිමි වීමයි. මේ සිද්ධිය නිසා අපි අවුරුදු 25ක් පමණ ආපස්සට ගියා. රට යථා තත්ත්වය පත් කිරීමේ වැඩපිළිවෙල ඇරඹිය යුත්තේ දේශපාලන වගකීම රජය භාරගැනීමෙන්. 2015 රට භාරදුන්නේ පොලිස්පතිට හෝ ආරක්ෂක ලේකම්ට නෙවෙයි. රටක ආන්ඩු දෙකක් තියෙන්න බැහැ. එකිනෙකා කකුලෙන් අදින්නේ හරි ආන්ඩුවක් නැති අරාජික තත්ත්වයක් නිසා. සිද්ධිය වෙන කොට ජනාධිපති සිංගප්පූරුවේ. අගමැති ආරක්ෂක අංශ නිලධාරීන් කැදෙව්වට ආවේ නැති නිසා අගමැතිට සිදුවුනා ආරක්ෂක අමාත්‍යංශයට යන්න. මේක තමයි රට අරාජිකයි කියන්නේ. බුද්ධි අංශය නැවත පිහිටුවලා එය ශක්තිමත් කළ යුතුයි.එය තමයි ආරක්ෂක යන්ත්‍රණයේ කොදු නාරටිය. හමුදාවේ බුද්ධී තොරතුරු අධීක්ෂණ ඒකකය නොයෙක් මුලාශ්‍රවලින් ලැබෙන තොරතුරු එක් කරලා, විශ්ලේෂණය කළා. ඒ විග්‍රහය යටතේ තමයි එක් එක් ආයතනයට අදාල තොරතුරු ලබාදුන්නේ. මේ ඒකකයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ නිලධාරීන් පුහුණූ කළා. එවැනි නිලධාරින් ඉවත් කළා. ඒ මේ ආන්ඩුව බලයට පත්කරපු බලවේග පිනවීමටයි. 

ජනතා ජිවිතයට බලපාන වාර්තාවක් ලැබුණාම එක යවන්න ඕනේ කොතනටද කියලා කවුරුත් දන්නේ නැහැ. පසුබිම පිළීබද දැනුමත් නැති නිසා සම්බන්ධීකරණයක් නැති නිසා විදෙස් රටවලින් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් පවා අවධානයක් යොමු කලේ නැහැ. සියලුම විනාශයන් වුනාට පස්සේ බස්නාහිර පළාත හා පුත්තලම දිස්ත්‍රික්කය පමණක් ආවරණය කරන ආයතනයක් හැදුවා සමස්ත ක්‍රියාන්තවිත මූලස්ථානය කියලා. මේජර් ජනරාල් සත්‍ය ප්‍රිය ලියනගේ එහි ප්‍රධානියා විදියට පත්කළා. ඡන්ද ගැන හිතලා පටු අරමුණු නිසා විනාහ කරපු ආයතන තමයි දැන් මේ ආයෙත් හදන්නේ. අද පිටරටින් ඇවිත් මද්‍රසා පාසල්වල උගන්වන 880ක් ඉන්නවා. පසුගිය රජය සමයේ මේ අයට විසා දුන්නේ නැහැ. එවැනි දේවල් ආරක්ෂක අංශවලට යොමු කිරිම අනිවාර්ය වුනා. 8000ක් සරණාගතයෝ විදියට ඉන්නවා.එයින් 1800ක් ඉන්නේ මිගමුව ප්‍රදේශයේ.  

දැන් විනාශ කරපු බුද්ධි අංශ නැවත ගොඩනගමු. නමුත් රජය බල්නනේ මේ තත්ත්වයත් දෙශාපලනික වාසි ගන්නයි. මේ මුවාවෙන් විදේශීය හමුදා මෙරටට එනවා. අපිට බුද්ධි තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වුවත් එෆ්. බි. අයි වැනි ආයතන රටේ මොකද කරන්නේ කියන දේ ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි. රහසිගතව අත්සන් කරන ගිවිසුම් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. මොවුන් නිතියේ ස්වාධිපත්‍යයට යටත් වෙන්නේ නැහැ. අපේ වරාය, ගුවන්තොටුපලට ගේන් භාණ්ඩ මේ රටේ රේගු නිීතිවලින් පිට යවන්න බැහැ. සන්නිවේදන පාලක අධීකාරියේ රැහැනට හසුනොවී ස්වාධීනව කටයුතු කරන්නේ හොර රහසේ. ලංකාවේ වෙරලේ ආරක්ෂාව පවා වෙනත් පාර්ශීවයන්ට දෙන්නයි යන්නේ. මේ ඛේදවාචකයේ මුවාවෙර් රජය කරන්නේ මේවා. අපේ රට යුදබිමක් විදියට භාවිතා කරන්න බඩ දෙන්න බැහැ. සිවිල් සංවිධාන විනාශ කරන ප්‍රතිත්‍රස්ත පනත ගේන්න දෙන්නේ නැහැ. සමාජ ජාලා වසා දමලා තොරතුරු වසන් කරලා ප්‍රශ්න විසදන්න බැහැ. 

මේ තත්ත්වය විරුද්ධ පක්ෂය දඩයම් කරන්න භාවිතා කරන්නත් බැහැ. රජයට විරුද්ධව හඩ නගපු මන්ත්‍රීවරුන්ගෙන් පැය ගාණක් ප්‍රශ්න කරන්න අවස්ථාවක් කරන්න බැහැ. රජයේ මන්ත්‍රීවරයෙක් පියල් නිශාන්ත මන්ත්‍රීවරයාට දුන්න තොරතුර සාකච්ඡාවකදී කිව්වා කියලා දැන් එතුමාව ලුහුබදිමින් සිටිනවා. ඇමරිකාව මේ සම්බන්ධයෙන් තොරතුරු දුන්න බවට බොරු ප්‍රකාශයක් රජයේ ඇමැතිවරයෙක් කළා විතරයි පැය 12ක් යන්න කලින් ඇමරිකානු තානාපති කාර්යාලය එය ප්‍රතික්ෂේප කළා. ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා කිව්වා නවසීලන්තයේ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් විදියට මේ සිද්ධිය වුනා කිව්වාම නවසිලන්ත අගමැතිවරිය එය ප්‍රතික්ෂේප කළා. නවසිලන්න නියෝජ්‍ය අගමැතිවරිය බොරු කියමින් මේ සිද්ධියට නවසීලන්තය පටලවා ගන්න එපා කිව්වා. මේ සිද්ධීයට අමරා මජීඞ් කියන ප්‍රසිද්ධ කාන්තාවක් සම්බන්ධයි කියලා කිව්වා. මේ විදියට අසත්‍ය ප්‍රකාශ රජය කරද්දි විපක්ෂ මන්ත්‍රීවරයෙක්ගෙන් කියවුනු දෙයක් සම්බන්ධයෙන් විතරක් කරන ලුහුබැදීම අනුමත කළ නොහැකියි. ආරක්ෂක තත්ත්වයට සම්බන්ධ, මනුෂ්‍ය ජීවිත රැක ගැනිමට ගන්න පියවර සම්බන්ධයෙන් අපි කොන්දේසි විරහිතව සහාය දෙන බව විපක්ෂ නායකවරයා කිව්වා. නමුත් මේ රජයට අපි සහාය දෙන බව එයින් ගම්‍ය වෙනවා. වාසනාවට මේ රජයට තව මාස පහයි තියෙන්නේ. රජය වරම ගත්තේ අපි දෙන්නාට බලය දෙන්න කිව්වා රට පාලනය කරන්න. වගකීමෙන් යුක්තව එය කරන්නයි කියලා අපි කියා සිටිනවා. 

■             අද දරුවන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය තමයි ආණ්ඩුවට රටේ තියෙන කැමැත්තේ ප්‍රතිශතය වෙන්නේ.

■             යුද සමයේ මානව හිමිකම් ගැන හොයන් ආපු අය අද මානව හිමිකම් ගැන හොයන්නේ නැහැ.

■             මානව හිමිකම් ගැන කතා කරපු අපේ රටේ ඩොලර් කාක්කෝ අද හොයා ගන්නවත් නැහැ. 

■             තමන්ගේ ආරක්ෂාව වැඩිකරන්නයි කියලා මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා සිටිනවා නම් ඔවුන්ගේ නම් හෙළි කරන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

අද පාසල් ආරම්භ කෙරෙනවා. අධ්‍යාපන ඇමැතිවරයා ආරක්ෂාව තරකර තිබෙනවා. 6 වසර සිට ඉහළ පන්තිවල දරුවෝ පාසල් එවන්න කිව්වා. අද දරුවන්ගේ පාසල් පැමිණීමේ තත්ත්වය කෙසේද කියලා තේරුම් ගන්න පුලුවන්. දෙමව්පියන්ගේ වස්තුව දරුවෝ. සදුදා වගේ වැඩ කරන දවසක දරුවන් පාසල් පැමිණීම වගේම සේවයට යන තත්ත්වයත් හොදින්ම පේනවා. අමාත්‍යංශය විවෘත කරපු පාසල්වල දරුවෝ මොන තරමක් පාසල් ආවද කියලා නිල වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. ඒ ප්‍රමාණය තමයි තවදුරටත් මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ. ජනතාවට ත්‍රිවිද හමුදාව කෙරේ විශ්වාසයක් තියෙනවා. පොලීසිය කෙරෙහි විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් නැති නිසයි ජනතාව භය වෙලා ගෙදරින් එළියට බහින්නේ නැත්තේ. දරුවෝ විභාග පාස් නොවුනත් කමක් නැහැ ජිවත් වීමේ අයිතිය දෙන්න කියලයි ජනතාව කියන්නේ. මේ ආන්ඩුව කෙරෙහි දැන් කිසිම විශ්වාසයක් නැහැ. ආන්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති වුනේ ඇයි. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධී අංශ රජය දැනුවත් කරලා තියෙද්දියි මේ ප්‍රහාරය වුනේ. මේ විශ්වාසය නැතිව රට දිනෙන් දින අරාජික තත්ත්වයට පත්වෙනවා. ව්‍යාපාර කඩා වැටිලා. රාජ්‍ය සේවය කඩා වැටිලා. දරුවෝ පාසල් යන්නේ නැහැ.  අල්ලපු ගෙදරට යන්නවත් පාරට බහින්න බයයි. දෙව්න්දරතුඩුවේ ඉදන් පේදුරු තුඩුව දක්වා රටේ ආරක්ෂාව තහවුරු කළා. යුද්ධය අවසන් වසර තුනයි භයානක. ත්‍රස්තවාදියාට ගහන කොටයි ප්‍රතිප්‍රහාර එල්ලවෙන්නේ. නමුත් ඒ කාලයේ ආර්ථිකය වගේම ජන ජිවිතයත් හරියට ගෙන ගියා. මේ ආන්ඩුව කෙරෙහි මිනිස්සුන්ගේ විශ්වාසයක් නැති බවයි පාසල් විවෘත කිරීමෙන් පෙන්නුම් කරන්නේ. 

2015 ජනවාරි 8 සිට මේ දක්වා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මොන තරම් නඩයක් අපේ රටට ආවාද. අධීකරණයේ ස්වාධීනත්වය පිළීබද විශේෂ නියෝජිත මොනිකා පින්තෝ,  වදහිංසාව පැමිණවීම පිළිබද විශේෂ නියෝජිතයෙක්, මානව හිමිකම් කවුන්සිලයේ මිසෙල් මහත්මිය වගේ අයත් ආවේ යුද්ධය අවසන් කිරීමෙන් පස්සේ අපේ රට මානව හිමිකම් උල්ලංඝනය කරන බවයි කියන්නයි. මේ අයගේ වාර්තාවලින් පස්සේ ඉඩම් මුදා හැරීම, ත්‍රස්තවාදය වැළෑක්වීමේ පනත අහෝසි කිරිම, අතුරුදන්වූවන්ගේ කාර්යාල පිහිටුවීම වගේ දේවල් තමයි අපේ රටේ වියදමින් ආපු මේ නෝනාලා මහත්වරු කලේ. එදාපල්ලි වල හෝටල්වල මියගිය දරුපැටව්, මිනිස්සු වෙනුවෙන් මේ නෝනාලා මහත්වරු කට ඇරියාද? අද  අපේ රටේ දරුවන්ගේ, ජනතාවගේ මානව හිමිකම් උලංඝනය කරනවා. මෙහෙයුම්වලින් අහුවෙන දේවල් අපි දැක්කා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපි ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට ස්තූති කරනවා. ඔය පරීක්ෂා කිරීම් අතරතුරදි මේ රටේ හිටපු මානව හිමිකම් ගැන කියමින් රට විකුණාගෙන කන පිරිස් ඉන්නවා නම් හොයලා දෙන්නා. මේ මානව හිමිකම් නඩය රටේම මානව හිමිකම් උල්ලංගණය වුනත් කිසිම පියවරක් අරන් නැහැ. රටේ අනාරක්ෂිතභාවය දැනෙන මහානායක හිමිවරු අගදරදගුරුතුමා තව සතියක්වත් පාසල් වහන්න කිව්වා. අගමැති ජනාධීපති දෙපැත්තට අදින කොට රට කොහෙමද ඉදිරියට යන්නේ. මෙවැනි තත්ත්වයක් ඇති වුනාම ලෝකයේ වෙනත් රටවල් කරන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වුනාම ජනතාවටයි රට භාරදෙන්නේ. සුදුසු පාලකයෝ ටිකක් පත්කර ගන්නේ ජනතාව. ලැජ්ජා නහර තියෙනවා නම් මේ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි. 

ආරක්ෂාව ගැන කතා කරන අතරේ 21 වැනිදායින් පස්සේ රටේ ආරක්ෂාව කෙසේ වෙතත් මැතිඇමැතිවරු තමන්ගේ ආරක්ෂාව වැඩි කරන්න කියලා ඉල්ලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් රට හමුවේ හෙළි කරන්න. එහෙම කරන්නේ රට ගැන නොහිතා තමන් ගැන හි’තන අයයි. අපිට ආරංචි එනවා එවැනි ආරක්ෂාව ඉල්ලීම් සම්බන්ධයෙන්. 

■             වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය අසුවුනු ඉඩමේ අයිතිකරු එජාපයේ ප්‍රබල ආධාරකරුවෙක්.

■             ළමයි පාසල් යවන්න කිසිම විශ්වාසයක් නැහැ. 

■             ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් රටවල් දැනුම්වත් කරන්න අපේ රටේ තානාපතිවරු නිසි පියවර අරන් නැහැ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා 

මේ එජාප ආන්ඩුව ජනතාවගේ සතුරෙක් වෙලා. මේ වෙනතුරු රටේ යහපතට කිසිදු පියවරක් අරන් නැහැ. බෝම්බ සිද්ධිය මේ ආන්ඩුව දැනුවත්වයි සිද්ධ වුනේ. වනාතවිල්ලුවේ පරීක්ෂා කරන වෙලාවේ එතෙක් කොටි සංවිදාන පාවිච්චි නොකළ පුපුරන ද්‍රව්‍යයත් තිබුනා. මේ ඉඩමේ අයිතිකරු කෝ. දකුනේ එවැනි දෙයක් වුනානම් අයිතිකරුගේ සිට සිරභාරයට අරන්. මේ වෙනතුරු ඉඩමේ අයිතිකරු අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඔහු එජාපයේ ප්‍රබල ආධාරකාරයෙක් නිසයි. ප්‍රවෘත්ති වලට කියනවා ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුනු එක් පුද්ගලයෙක් ජනවාරි මාසයේ අත් අඩංගුවට පත්වෙලා නිදහස් කළාලු. කවුද මේ නිදහස් කර ගැනීමට සම්බන්ධ වුනේ. මේ සියලු දෙනා එක විදියට සංවිධාන වෙලා මෙය කලේ. අගරදගුරුතුමා වගේම ජනතාවත් ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහිමකට පත්වෙන්නේ නැහැ. ළමයි පාසල් එවන්නේ නැත්තේ ඒ නිසයි. රටේ ආරක්ෂාව ගැන දන්නේ රටේ ඇවිදින ජනතාවයි. අද උදේ අන්තර්ජාතික මාධ්‍යයේ ගියේ මේ ප්‍රහාරය සිංහල බෞද්ධයින්ගේ වැඩක් කියලයි . අපේ තානාපතිවරු මොනවද කරන්නේ. එංගලන්ත තානාපති විතරයි මේ සම්බන්ධයෙන් සේවයක් කලේ. මේක රටට සතුරු වුනු දේශද්‍රේහී ආන්ඩුවක්. අදත් ආන්ඩුව උත්සාහ කරන්නේ පරික්ෂණ යට ගහන්න. ආන්ඩුවේ නොසැලකිල්ල, නොහැකියාව, දුෂ්ටකම නිසයි මේ දේ වුනේ. මේ රජයේ දුෂ්ඨ රට ගැන නොහිතන රටට සතුරු වැඩපිළීවෙල ජනතාවට හෙළිකළ යුතුයි. 

මාධ්‍ය – මධූෂ් හෝර පාස්පෝට්වලින් රට ගිහින් නේද?

රෝහිත අබේගුණවර්ධන – අපි දැක්කා මධූෂ් අත් අඩංගුවට අරගෙන තියෙන බව. 2015න් පස්සේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් මගින් රටින් පිටවෙලා. ඒ වෙලාවේ ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් කවුද, විෂය භාර ඇමැතිවරයා කවුද කියලා හෙළ කළ යුතුයි. 

මාධ්‍ය – ආරක්ෂාව ගැන විතරයි කතා කරන්නේ. ආර්ථකයත් මේ වෙද්දි වේගයෙන් කඩා වැටෙනවා 

රෝහිත අබේගුණවර්ධන – හෙට සංචාරක ව්‍යාපාරය හා ආර්ථිකය කඩා වැටිම සම් බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් අපි ඉල්ලා සිටිනවා. එක දවසක ආරක්ෂාව සම්බන්ධයෙනුත්, අනෙක් දවසේ සංචාරක ව්‍යාපාරය හා ආර්ථිකය සම්බන්ධයෙනුත් විවාද අවශ්‍යයි. ආණ්ඩුව වැරදි තොරතුරු කිව්වාට හෝටල්වලට ගියාම අම්බලම්වලට ගියා වගේ. සුද්දෝ නෙවේ වැද්දෙක්වත් නැහැ. සංචාරකයින්ට ආරක්ෂාව දෙනවා කියලා අගමැති කියනවා. ඒ කියන විදියට එයාර්පෝට් එක ළග ඉදන් සංචාරකයින්ට හමුදා ආරක්ෂාව දෙන්න වෙයි. විය යුත්තේ එය නෙවෙයි. රට ආරක්ෂිත කිරීමයි. කිසිදවසක සංචාරකයින් ඉලක්ක කරලා මෙවැන්නක් වෙලා නැහැ. 

මාධ්‍ය – ත්‍රස්තවාදින් හා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අයගේ වත්කම් රාජ සන්තක කරන බව කියනවා. ඉක්මනින් එවැන්නක් කරන්නේ නැද්ද

රෝහිත අබේගුණවර්ධන – යුද්ධය කාලෙදි’ත් මේ දේවල් වුනා. රටේ තියෙන නීතිවලින් අවශ්‍ය දේවල් කළා. එදා ප්‍රතිත්‍රස්ත පනතක් තිබුනේ නැහැ. ලංකාවේ නීතිවලින් අල්ලන්න පුලුවන්. දේශපාලන නායකත්වය දෙන්න කෙනෙක් නැහැ. 

මාධ්‍ය – මේ සංවිධාන දැන් තහනම්ද?

රෝහිත අබේගුණවර්ධන – තවම ඒ ගැසට් එක ගැහුවේ නැහැ. මේ අයට සූප්පු ටිකක් කටේ ගහලා පැම්පස් අන්දලා පැත්තකින් තියන්න වෙනවා. කවුරු හරි ඒ ගැන ප්‍රශ්න කලොත් දන්නේ නැහැ කියන අයයි ඉන්නේ. හකිම් ඇමැතිතුමාගෙන් මේ ගැන අහද්දි දන්නේ නැහැ කියනවා අපිත් දැක්කා. මේ සිද්ධිය වෙද්දි රටේ ජනතාව වෙනුවෙන් සැබෑ විපක්ෂයක් තිබීම ගැන සතුටු විය යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress