පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන සියලුදෙනාගේ වත්කම් බැරකම් පරීක්ෂා කරන්න ඕනේ. චෝදනා එල්ල වෙන බොහෝ දෙනෙක්ගේ වත්කම් බැරකම් මැතිවරණ කොමාසාරිස් ළග
Posted on May 31st, 2019

අද (31) දින පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මාධ්‍ය සාකච්ඡාව

අද (31) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා
තේරීම් කාරක සභාව පත්කරලා කරන්නෙත් කල්මැරීමක්. මේ වෙද්දි පොලීසිය මගින් රිෂාඩි බදියුදින් ඇමැතිවරයා ප්‍රශ්න කර අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. එවැනි ක්‍රියාදාමයකින් පමණයි සැකසහිත කාරණයක් තියෙනවා නම් රැදවුම් නියෝගයක්, බැංකු ගිණුම් විමර්ශනය කිරීමේ නියෝගයක් ගැනීමේ හැකියාව තියෙන්නේ. රිෂාඞ් බදියුදින් ඇමැතිවරයා සහ එතුමාට අයත් මුදල්, හිතමිත්‍රයින්ගේ ගිණුම්වල, ඥාතීන්ගේ ගිණුම්වල තියෙන මුදල් විශාල ප්‍රමාණයක් ආපසු මෙරටින් පිටමං කිරීම හෝ තැන්පත් මුදල් නැවත ගැනීමක් සිදුවෙනවා. දරුවෙක් විදේශයේ පාසලකට යැව්වාම මුදල් යවන්න මහ බැංකුවෙන් අවසරය ගන්න විශාල කාලයක් ගත වෙනවා.  මහ බැංකු අධිපතිවරයා සහ නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අසාමාන්‍ය ලෙස මුදල් ඇති සියලු බැංකු ගිණුම් අත් හිටුවන්න. ඒ මුදල්වලින් කිසිදු මුදලක් දේශිය වශයෙන් බැහැර කරන්න හෝ ආපසු යවන්න හෝ ඉඩක් තියන්න එපා. මේ හරහා අපිට ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධය හොයා ගන්න පුලුවන්.  
මොහොමඞ් සාෆි එජාපය යටතේ පහුගිය මැතිවරණයට තරඟ කළා. එජාප පෙරමුනෙන් තරග කළ මොහොමඞ් සාෆිගේ වත්කම් බැරකම් ප්‍රකාශය තියෙනවා. වත්කම් බැරකම් හොයන්න අධිකරණ තින්දුවක් ගත්තා නම් අසාමාන්‍ය ලෙස මොහොමඞ් සාෆි ගේ ගිණුමට ආපු මුදල් මොනවාද හොයා ගන්න පුලුවන්. අලවුදීන් කියන්නේ රිෂාඞ් බදියුදීන්ගේ මාමණ්ඩි නම් ඒ මාමණ්ඩිගේ වත්කම් බැරකම් මොනවාද? මොහොමඞ් ඊබ්‍රාහිම් කුලුබඩු ව්‍යාපාරිකයා කියන මරාගෙන මැරුණු බෝම්බකරුවෝ දෙන්නෙක්ගේ පියා ජේ. වී. පී යෙන් මැතිවරණයට ආපු නිසා ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයත් මැතිවරණ කොමසාරිස්තුමා ළග තියෙනවා. මේවා ගන්න නම් රහස් පොලිස් දෙපාර්තමේන්තුව, පොලීසිය හෝ ත්‍රස්ත විමර්ශන ඒකකය කඩිනම් පරීක්ෂණ කරන්න ඕනේ. තේරිම් කාරක සභාවක් දාගෙන කල් මැරීමක් කරන්නේ. මේ රංගනයට මුවා වෙලා ත්‍රස්ත ක්‍රියාකාරිකයින්ට ආපු මුදල් මේ රටෙන් පිටයවන්න කිසිම වෙලාවක ඉඩක් තියන්න එපා කියලා මහ බැංකු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට සාමාන්‍ය මුදලක් පිටරටකට යවන්නත් නීති රිතී තියෙනවා. විදේශයෙන් අසාමාන්‍ය ලෙස මෙරටට මුදල් ආවා කියලාත් කතාවක් තියෙනවා. අපේ ආයතනයකින් කුඩා මුදලක් මෙරටට ආවාත් ප්‍රශ්න කරනවා. ත්‍රස්ත ක්‍රියාකාරකම් හා රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙතරම් මුදලක් මෙරටට එද්දිත් නිශ්ශබ්ද වුනේ ඇයි?.
පාස්කු ප්‍රහාරයට වගකිය යුතු දේශපාලනඥයින්ගේ අසාර්ථකත්වය හා නිරුවත හෙළිවන නිසා තේරීම් කාරක සභාව හොදයි. නමුත් බුද්ධි අංශ ගෙන්වලා ජාතික ආරක්ෂාව අවධානමට ලක්වෙන කරුණු සජිවීව දීම නතර කරන්න. ජාතික ආරක්ෂාවට වැදගත් බුද්ධි තොරතුරු එලියට යන ආකාරය අපි දැක්කා.
මේ තේරීම් කාරක සභාවේ තොරතුරු සජීවීව දීම නතර කරලා මාධ්‍යවේදීන් සමග සාකච්ඡා ජාතික ආරක්ෂාවට හානි නොවන තොරතුරු පමණක් හෙළි කිරීම වැදගත්. රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා මේ තේරීම් කාරක සබාවට ගෙන්වීමත් වැරදියි. අපරාධවිමර්ශන ඒකකය හෝ ත්‍රස්තවිමර්ශන ඒකකයි මොහුගෙන් ප්‍රශ්න කළ යුත්තේ. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන පාඨලී චම්පික ඇමැතිවරයාත් කියන්නේ රිෂාඞ් බදියුදීන් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. රිෂාඞ් බදියුදීන්ගේ නිසා ආණ්ඩුවම අද මත කිහිපයකට බෙදිලයි ඉන්නේ. මේක ආණ්ඩුවක්ද පෙර පාසලක්ද? රටක වගකිය යුතු ආණ්ඩුවක් කටයුතු කරන්නේ පෙරපාසලක වගෙයි. පෙරපාසල් දරුවෝ මීට වඩා බුද්ධිමත්. ඩොලර් මිලියන ගණනක් මේ ත්‍රස්ත සංවිධාන මගින් මෙරටට ඇවිත් දේශපාලනඥයින්ගේ හිතවතුන්ගේ ඥාතින්ගේ ගිණුම් වල තියෙනවා. රිෂාඞ් බදියුදීන්ගේවගේම ඥාති රන්බඩු අලෙවිකරු, මොහොමඞ් ඊබ්‍රාහීම්, මොහොමඞ් සාෆි, ඇතුලු පිරසගේ වත්කම් බැරකම් වහාම පරීක්ෂා කරන්න. ඒ තුළින්ම පුලුවන් මේ සිද්ධියේ මුල මැද අග හොයාගන්න පුලුවන්. සරම කමිසය විතරක් ඇදගෙන පාර්ලිමෙන්තුවට ආවා කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් රිෂාඞ් බදියුදීන් කියන්නෙත්.
ජනාධීපතිවරයා වෙලාවකට රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ කටයුතුකළත් රටේ ජනතාව අද වෙද්දි ජනාධීපතිවරයා අගමැතිවරයා ඇතුලු ඇමැතිවරුන් කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ත්‍රස්තවාදී ජාලයක් ක්‍රියාත්මක වෙන බවයි ජනතාව හිතන්නේ. අද රටේ පාතාල ක්‍රියාකාරකම් නැත්තේ ඇයි. හරි සෝදිසියකින් කටයුතු කරපුවාම පාතාල ක්‍රියාකාරකම් නැහැ. මේ රටේ ත්‍රස්තවාදය මෙහෙයවන්නෙත්, පාතාලය මෙහෙයවන්නෙත්, මත්කුඩු ව්‍යාපාරය මෙහෙයවන්නෙත් එකම කල්ලියක්. හොරුයි බඩුයි දෙකම රකින්නේ මේ ආන්ඩුවේ දේශපාකයින්. කිසිම දේශපාලන හෙංචයියෙකුට හිස නොනමා ප්‍රශ්න කළ යුතු ඕනෑම කෙනෙක්ගෙන් ප්‍රශ්න කරමින් මාතෘභූමිය වෙන්වෙන් ඕබේ වගකිම ඉටු කරන්න කියලා අපි ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා.

ඊළග විශ්වාසභංග යෝජනාව ගේන්නේ රාජිත සේනාරත්නටයි
■ අද පන්සල් පල්ලිවල කට්ටියක් ආගමික වතාවත් කරද්දි කට්ටියක් එලියේ
පන්සල පල්ලිය ආරක්ෂා කරනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා
දරුවෝ පාසල් යවලා දරුවොත් එක්ක දෙමව්පියොත් පාසල් යන්න වෙලා. පෙරපාසලට යන දරුවා ආරක්ෂා කරගන්න එක පුරවැසියාට භාර වෙලා. පන්සලට පල්ලියට යනවා නම් ඇතුලේ ආගමික වතාවත් කරද්දි තව කටිටියක් එළීයේ මුර. පාලකයෝ හරියට පාලනය කළානම් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මහ බැංකුව හොරකම් කරපු සිද්ධීයෙදි පාර්ශවයක් අගමැතිට චෝදනා කරනවා. අනික් පාර්ශ්වය ජනාධිපතිට චෝදනා කරනවා. වෙන ප්‍රශ්නයක් ඇති වුනාම පැවැති ආන්ඩුවට බනිනවා. විදුලි අර්බුදයක් ආවෙත් හිටපු ඇමැතිට චෝදනා කරනවා. කට්ටිය එකට මඟුල් කාලා දීගකාලා ආණ්ඩු පිහිටුවලා සුන්දර සුපුරිසිදු ලෝකයක් මවලා පෙන්නුවා. ග්‍රාමීය බැංකුවේ ඉදලා ආර්ථීකය පර්ස්සම් කරනවා.අධිකරණ ක්‍රියාවලිය හරියට කරන්න්නම් කියපු මහාචාර්යවරුන්ට අද පාරට බහින්න බැහැ. ජනතාව අහනවා රෙදි ඇදගෙනද පාරට බහින්නේ කියලා. අද ඒ මහාචාර්යවරු ආණ්ඩුව පත්කරපු එකට අපිම ශාප කරගන්නවාලු.
මේ ආන්ඩුව පත්වුන දවසේ ඉදලා ජනතාවට මතකයේ තියාගන්න බැරි විදියට පීඩාවන්ට ලක්වෙන්න ජනතාවට සිද්ධ වුනා. සමස්ත පුරවැසියාම දුක් විදිනවා. ජාතික ආරක්ෂාව අංක එක. ආර්ථිකය සංවර්ධනය සංහිදියාව කියන හැමදේටම ඉහළින් ජාතික ආරක්ෂාව තිබුනොත් තමයි හැම දේම කරන්න හැකි වෙන්නේ.මාස දෙකක් ආරක්ෂක මණ්ඩලය රැස්වුනේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කියනවා අපි දැක්කා. මේ ප්‍රහාරය ගැන දැනුම් දුන්නත් පියවර ගත්තේ නැති බවයි ඉන් හැගෙන්නේ. රටේ ආර්ථිකය වැටුනා. මිනිස්සු මැරුණා. බෝම්බ කෑලී තමන්ගේ ශරීරවල තියෙන දරුවෝ ඉන්නවා. දේශපාලනය කරන අපිට මේවාට වන්දි වෙනවා. ආණ්ඩුව හා ආන්ඩුවට උදව් කරන අය වරදාන වරප්‍රසාද විදිමින් පාර්ලිමේන්තුවේ 225ටම මේ සිද්ධියේ වගකීම පවරන්න හදනවා.
ශ්‍රී ලාංකිකයෝ විදියට අපි මුස්ලිම් සහෝදරත්වය පිළිගන්නවා. මුස්ලිම් නායකයෝ ඇවිත් ගණන්කාර පාට් දාන නිසයි අනෙක් අයටත් කරදර විදින්න වෙන්නේ. විශ්වාස භංගය ගෙනාවේ ආණ්ඩු පෙරලන්න නෙවෙයි. ඒ වුනාට රිෂාඞ් බදියුදීන් ඇවිත් කියනවා මම ඉවත් වෙන්නේ නැහැ කියනවා. ආයතන 42ක් මේ ඇමැතිවරයා යටතේ තියනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. මේ හැම තැනම ඉන්නේ එතුමාගේ හෙංචයියෝ. ඒ අය සියලු තොරතුරු හංගමින් සිටින්නේ. ඒ විදියට පරික්ෂඛයක් කරන්නේ කොහොමද? තේරීම් කාරක සභාවේ ඉන්නේ කවුද. පට්ටපල් හොරු ටිකක්. රජයේ නිලධාරීන් ඉන්නේ ඒ අයට උත්තර දෙන්නද? රටම විනාශ කරලා තේරීම් කාරක සබාවට ඇවිත් බුද්ධී නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනවා. දේශපාලනඥයෝ මේ විදියට තොරතුරු අරන් ඒ තොරතුරු එළියට ගියාම එදා මිලේනියම් සිටි වලටවඩා පාවාදිමක් වෙනවා. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ කියන තැනට අද ජනතාව ඇවිත්. එජාපයට ඕන විදියට පාර්ලිමේන්තුව මෙහෙයවිම නිසයි මේ විදියට පාර්ලිමේන්තුව හැල්ලු වෙන්නේ.
ඡන්දෙට කෑ ගහන අසාත් සාලිලට රැවටෙන්න එපා කියලා අපි මුස්ලිම් ජනතාවට කියනවා.අප ිදැක්කා ප්‍රගති සමාචෝචන රැස්විමකට අසාත් සාලි එද්දි ජනතා නියෝජිතයෝ නැගිටලා යනවා. ආන්ඩුකාරවරයගේ උවමනාවට පතිවීම් දෙනවා. මහජන මුදල් වියදම් කරනවා. මේ නීති පද්ධතියේ තියෙන වෙනස් කම් සංශෝධනය කරලා එක නීතිපද්ධතියක අපි කටයුතු කරමු. එක මුස්ලිම් සහෝදරයෙක් දරුවෝ 28ක් හදලා කාන්තාවෝ 4ක් තියාගෙන ඉන්නවා. එහෙම නිතියක් කොහෙද තියෙන්නේ.මේ දරුවෝ 28 වැඩ කොහෙම කළාද දන්නේ නැහැ. මැෂීමක් වගේ දරුවෝ හදලා විතරයි. ඒවිදියට නිතිය  එකිනෙකාට ඕන විදියට වෙනස් වෙන්න බැහැ. එක නිතියක් ලංකාවේ සියලු දෙනා වෙනුවෙන් ක්‍රියත්මක විය යුතුයි.අද මුස්ලිම් නායකයෝ සිංහල නායකයින් එක්ක ගැටෙනවා. දේශපාලන අධීකාරිය එක්ක ගැයෙනවා. කිසිම නිහතමානිත්වයක් නැහැ. ඒ අය හතන්නේ වීරයෝ කියලා.අපි දැක්කා හැම අයවැයකදිම ඡන්දේ භාවිතා කරන්න මේ අය කෝටි ගණන් ගත්ත හැටි. හැම විශ්වාසභංගයකදිම, හැම පනතකදිම මේ අය කලේ ඒ දේමයි.අපි ළග ඒ තොරතුරු තියෙනවා. මේ කිහිප දෙනා කිස සමස්ත මුස්ලිම් ජනතාවම අද අමාරුවේ වැටිලා තියෙන්නේ. මේ දරදඩු මුස්ලිම් නායකයොයි ඒ දේ කාලේ.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආන්ඩුව කතා කරනවා.ඒ වුනාට පත්තරේ තියෙන්නේ මොකක්ද? වසර 25ක් පුරා සමෘද්දි සහනාධාරය අහිමි වු එජාප පාක්ෂිකයින්ට සමෘද්දි සහනාදාරය දෙනවා කියලා ගොං ඇමැති කෙනෙක් අගැතිගේ පින්තූරයත් එක්කම පත්තරේ දාලා. අවුරුදු 25ක් පුරාවටම එජාප පාක්ෂිකයාට සමෘද්ධි සහනාදාරය ලැබිලා නැද්ද. මෙහෙම කරන්නද ආන්ඩු පත්වෙන්නේ.රටේ ආර්ථීකය කඩා වැටිලා තියෙන මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ එජාප පාක්ෂිකයෝ විතරද? සමස්ත ජනතාවම අසරණ වෙලා තියෙද්දි ආන්ඩුව පෝස්ටර් ගහලා මුදල් අවභාවිතා කරලා එජාප පාක්ෂීකයා තෝර තෝර සමෘද්ධි දෙන වැඩපිීළිවෙලක් කරන එකයි ආරම්භ කරලා තියෙන්නේ. සමෘද්දි නිලධාරීන් මේ වෙලාවේ තමන්ගේ කර්තව්‍යයි කරන්න ඕනේ. එජාප ශාඛා සමිති සභාපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීයි අද සමෘද්ධි දෙන අය තොර්න්නේ. තව මාස කිහිපයයි බලයේ ඉන්නේ. ඒ මාස කිහිපයේ මේවගේ දේවල් කරන්න එපා. සජිත් මහත්තයා කරන්නෙත් තෝර තෝර පාක්ෂීකයින්ට නිවාද ආධාර දෙනවා.
පහුගිය 21 වෙනිදා තිබුණු තත්ත්වය නෙවෙයි අද තියෙන්නේ. රිෂාඩි බදියුදීන් එක්ක හිටපු වෛද්‍යවරු, මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරු අහුවෙනවා. ඒ නිසා සාධාරණ පරික්ෂණයක් පවත්වන්න ඕනේ. ඊළග විශ්වාසභංගය ගේන්නේ මේ වගේ වෛද්‍යවරු වෙනුවෙන් පෙනීසිටින, ජනතාවගේ ප්‍රශ්න කර අරින, බිස්නස් කරන, තමන්ගේ පවුල් සංස්ථාව ගොඩනගන රාජිත සේනාරත්නටයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress