ජනාධිපතිවරණය කැඳවා තිබියදී නීති විරෝධීව කරනු ලබන පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරයට පත්කිරීම වහා අත්හිටුවන ලෙස කරන ඉල්ලීම
Posted on September 19th, 2019

ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය.

දිනය:- 2019.09.19

මහින්ද දේශපි‍්‍රය මහතා
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව
තැ.පෙ. 02,
සරණ මාවත,
රාජගිරිය,
ශී‍්‍ර ලංකා.

ජනාධිපතිවරණය කැඳවා තිබියදී නීති විරෝධීව කරනු ලබන පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරයට පත්කිරීම වහා අත්හිටුවන ලෙස කරන ඉල්ලීම


ජනාධිපතිවරණයක් සඳහා දින නියමකොට තිබියදී රජයේ කිසිදු පත්වීමක් ලබාදිය නොහැකිය යන පොදු තීන්දුව කඩ කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද දින සවස් භාගයේ දී පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරය සඳහා කිසියම් අයෙකු පත්කිරීමේ උත්සායක් පවතී. පෙර දින යොදමින් මෙම පත්වීම සිදුකිරීමට යන බව කරුණු වාර්තා වී ඇත.

මෙම නීතිවිරෝධී පත්වීම වහාම අත්හිටුවන ලෙස ඉතා  ඕනෑකමෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු. යම් ලෙසකින් මෙකී ඉල්ලීම නොසලකා කටයුතු කරන්නේ නම් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයන්ට එළඹීමට සිදුවන බවද දන්වනු කැමැත්තෙමු.

ස්තූතියි.

මෙයට,
සභාපති
ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress