ඇමති සජිත් පැය 7ක් ජනපති කොමිසමේ
Posted on September 23rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද පැය 7 කට වැඩි කාලයක් 2015 – 2018 වසර වල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදුන්නා.

ඒ,  නිවාස සංවර්ධන අධිකාරියට පසුගිය වසර 3 ක කාලය තුළ නිසි අනුමැතියකින් තොරව ප්‍රමාණය ඉක්මවා සේවකයින් බඳවා ගත් බවට එහි ශ්‍රී ලංකා නිදහස් වෘත්තිය සමිති සංගමය කළ පැමිණිල්ලට අදාළවයි.

/>එමෙන්ම පාසල් ළමයින්ට නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදිමේදී හා ටැබ් පරිගණක ලබාදීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද අද එම කොමිසම හමුවේ පෙනී සිටියා.

මේ අතර පිවිතුරු හෙළ උරුමය අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පාසල් ළමයින්ට ලබාදෙන ටැබ් පරිගණක සඳහා අවශ්‍ය ප්‍රමිති මට්ටම සැපිරීමට අපොහොසත්වූ සමාගමකට ඊට අදාළ ටෙන්ඩරය පිරිනමා ඇති බවට බවට චෝදනා කරමින්.

මේ අතර මොරටුව – සොයිසාපුර පිහිටි නිවාස සහ මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩකාමර කිහිපයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය දේශපාලන හිතවතුන්ට ලබාදීමේ උත්සාහයක් ඇති බවට චෝදනා කරමින් නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ ව්‍යාපාරය අද මැතිවරණ කොමිසම් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress