ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවට ලංකාවේ ක්‍රියාත්මක වන්නේ පචතන්ත්‍ර වාදයයි
Posted on September 26th, 2019

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න හිමිනමක් පන්සලේ ආදාහනය කළ නොහැකි මහා බෞද්ධ රාජ්‍යය ”ශ්‍රී ලංකාව”  සිට

දැන් කුකුල් පොරය අවසන්වී තවත් වලියෙන් කලඑලියට පත් නව ජනාධිපති අපේක්ෂේකයෙක් අද දිනද අපේ මේ ලක්මැනියන් හට ලැබිය.

මේ සැම නව ජනාධිපති අපේක්ෂේකයෙක් දෙසම වක්‍රාකාරයෙන් බැලුවිට පෙනී යන්නේ

 (මේ පොදු ලක්ෂණය යම් තාක් දුරට හෝ ඔවුන් තුල තිබෙන බවයි).

කිසිවක් නොව. ප්‍රසිද්ධියේ මොවුන්  කව්රුත් මෙරට  සිංහලබෞද්ධ රටක් යැයි කීමට ජාතිකව මැලිකමක් දක්වනවා බවයි.

වලියෙන් එන, කකුලින් අදින, මාට්ටුදන, බොරු කියන, හිතුමතේට ව්‍යවස්ථා හදන, පොරක් වීමට නලියන, කාලකන්නි දන්නේ ස්වල්ප දෙයක්මයි පෙනේ. එනම් දවසින් දවස ටිකින් ටික මේ රට නොරටුන්ට හා විජාතිකයන්ට මල් බන්දේසියක තබා  පුජා කිරීමයි.

ප්‍රජාතන්ත්‍ර වාදය නමින් මතුවෙන  පචතන්ත්‍ර වාදයේ තැන් ස්වල්පයක් පහත ප්‍රශ්න ඔස්සේ සිහි බුද්ධියෙන් බැලීමෙන් පාඨක ඔබ හට දන ගත හැකිය.

1. බලය බෙදීම ඕනෑ  කාහටද ?

2. අලුත් ව්‍යවස්ථා ඉල්ලුවේ කවුද කවදාද ?

3. 19 න් වුන දේ මතකද ?

4. තවත් 20 ක් ඕනෙද ?

5. රට නිත්‍යානු කුලව හිමි කා හටද ?

6. රට හිමි මේ නව ජාතියක් වන ශ්‍රී ලාංකිකයන් ට ද නැත්නම්  සිංහලයන් ටද ?

7. රටේ ඊළඟ නම ‘ ඉල් ලංකාවද ?

8. රට ඉදිරියේදී බෙදීමේ කුමන්ත්‍ර හා පුද්ගලික න්‍යාය පත්‍ර හෝ සැඟවුණු න්‍යාය නැතිද ? නැතහොත් අපිව ගොනාට අන්දනවාද ?

9. මුස්ලිම් හා දෙමළ යනු ජනවර්ගයක්ද නැත්නම් අප හා සමාන ජාතීන්ද ?

10. ප්‍රජාතන්ත්‍ර වාදය යනු අනුනට අයිති රටක් කාලයක් තුල ටිකින් ටික නොරටු හට ප්‍රජාතන්ත්‍ර වාදී දේශ පාලනය නාමයෙන් බෙදා දීමද ?
එය සුද්දන් විසින් දමා ගැසූ ගුන්ඩුවක් නොවේද ?

11. අද ඔබ කතා කරන බහු ජාතික කොලොප්පම් ප්‍රජාතන්ත්‍ර වාදය යනු හොරෙන් හොරෙන් සිංහල දේශය විනාශ කිරීමක් නොවේද?

12. අපගේ මුතුන් මිත්තන් දිවී පරදුවට තබා රැකගත් මේ රට ඔබේ ඔය කියනා  සැබෑ ප්‍රජාතන්ත්‍ර වාදයෙන් ඔබ්බට ගිය ඔබ විසින් අප රටේ පමණක් නිර්මාණය කර ඇති පචතන්ත්‍ර වාදය නිසා විනාශ වීමට උඩ බලාගෙන චන්දය ගැසීම යනු සැබෑ ප්‍රජාතන්ත්‍ර වාදය දන්නා මිනිසෙකු වීමට සුදුසු කමක්ද ?

13. ප්‍රජාතන්ත්‍ර වාදය යනු විදෙස් වැසියන් (මෙහි ආ හෝ වෙළදාමේ පැමිණි ) මානව පාලනය කිරීම අත්  හිටුවිමක්ද ?

14. තුන් සිංහලේම නෑදෑයන් වන බව ඔබ නොදන්නේද ?  නෑදෑයන් , සහෝදරයන් නැති පක්ෂයක් ඔබට දැනට තිබේද ? එවන් ආකාරයේ පක්ෂයක් තැනීම අපහසු බව ඔබ දන්නේද ?

15. 2500 කට වඩා ඉතිහාසයක් තිබෙන සිංහල අපි රට කරවුයේ  නෑදෑයන් , සහෝදරයන්, දෙමවුපියන් සමග එක්වී බව ඔබ දන්නවද ?

16. පසුගිය ජාතිවාදී දෙමල ඊලම් ත්‍රස්තවාදයට මුහුණ දෙද්දී ඔය කියන රට අදෙරේ බව ඔබ විහිළුවකට පෙන්නුවද ? තවද ජාතික  හා රටේ ආරක්ෂාව හා බුදුදහමේ ආරක්ෂාව පතා අඩුම ගනනනේ එක අකුරක් හෝ ඔබ ලිවාද ? නැත්නම් ගෙදර ඉන්න අඹුව පමණක් රකිමින් සිටියාද ?

17. නීති විරෝධී අන්‍යාගමික කරණය ඔබේ ගජ මිතුරන්ගේ අතින් අදත් සිදුවෙන බව ඔබ දන්නේද ?

18. ඔබලාගේ පවුල්වල අම්මාගේ  සිට නැගණිය,සහෝදරයා ,දු දරුවන් ,අඹු සැමි සියලන්ම නීති විරෝධී අන්‍යාගමික කරණයේ  ගොදුරක් හා ඉත්තන් වී ඇති බව ඔබ දන්නවා නේද ?

  19. පන්සිල් රකින පුද්ගලයත් මස් බුදින දුර චාරයේ යෙදෙන මිනිසාත් යනු දෙන්නාම සමානද ?

20. විදෙශ් කුමන්ත්‍රණ රාශියක් හොරෙන් අප රටේ ක්‍රියාත්මක වන බව හා හා පසුගිය බෝම්බ ප්‍රහාරයේ අතකොලුවූ බොහෝ මැති ඇමතිවරු ඔබ පිටිපස්සේ කෙල හලමින් (අනාගතේ හිරේ විලංගුවේ වටෙවිදෝයි සිතමින් ) ඔබව රජ කිරීමට සැදී පැහැදී සිටින බව ඔබ දන්නවද ?

21. පසුගිය අප්‍රේල් ප්‍රහාරයේ වග උත්තර කරුවන් කව්රුන්ද ඔවුන්ගේ සහය කාටද ?

22. පසුගිය එල්.ටි.ටි ත්‍රස්වාදයට උඩගෙඩි දුන්නෝ කවුද? ඔවුන්ගේ සහය කාටද ?


23. විරෝදාර රණවිරුවන් අන්තර් ජාතික පොරේකට දැක් වීමට උත්සුක වන්නේ කවුද ? ඔවුන් ඔබ ලගම නේද ?

24. නපුංසක විවාහ නීති පද්ධති හා ලෙස්බියන් විවාහ සම්මත කරගන්න උත්සහා කෙරු නායකයන් දිගටම ඔඅබ හා සිටීමෙන් හා ඒවා නැවත ජනාධිපති  පුටුව වෙත ඒමට පෙර අනුමත වීමට නව ජනාධිපති බල සංසෝදන හේතුවක් වේද නොවේද ?

25. එන.ජි .ඕ මාරයන් කි දෙනෙක්‌ ඔබහට මෙදවස්වල් මුදල් විසිකරන්නේද ?

26. භික්ෂුන් වහන්සේ නමක් ආදාහනය කරගැනීමට දුෂ්කර වන භයානක තැනකට දේශපාලක ඔබ මේ රට ගෙනගොස් ඇති බව දන්නවද ?

27. උතුර දෙමල නිජබිමක්ද ?

28. ටැමිල් නෙට් වැනි අන්තවාදී වෙබ් තීරයන් අපේ රට තුල නැවතත් දර්ශනය වන්නේ කවද සිටද ? මේවා ලියන්නේ අන්තවාදී ත්‍රස්තවාදී නොවේද ?

29. වෙනම මුස්ලිම් කලාප අධිකරණ පද්ධති ,පාසල් ඉල්ලන්නෝ කවුද ? එම කණ්ඩායම් කා සමගද ?

30. 9 වෙනි ව්‍යවස්ථා උතුරට අදාල නැතිද ? නව ජනාධිපති අපේක්ෂේකයන ඒ ගැන නිශ්ශබ්ද,තුෂ්ණීම්භූත ඇයි ?


අවසාන වශයෙන් කිව හැක්කේ :  

අපට හට ඇත්තේනව ශ්‍රී ලංකාවක්ගොඩනැගීමේ ක්‍රියාදාමයට අත වැනිම නොව අපේ සිහල බොදු අයිතීන් සුරක්ෂිත කොට මේ මා ඇතුළු ඔබ උපන් දේශය සිංහලයන්ට අයිති ලෝකයේ තිබෙන ථෙරවාදී බුදුදහම ලොවට බෙදන එකම රට (සිංහලේ ) බව නැවතත් ලොවට ඔප්පු කර සිටීමටය.

කරුණා කර ඔබ විසින් කරණ ගොන් කතා, ගොන් පොරය දැන් වත්  නවත් වමුද?

අනුන්ගේ  පෙර වැරදි කියමින් තපුලන ඔබලා බොරදියේ මාළු බාන්නන් වන බව අපි දනිමු.

අද දිනම ඔබලා හට සත්‍ය වැටහෙවා යැයි ප්‍රාර්ථනා කරමි.
 
ඔබගේ පචතන්ත්‍ර වාදයයට තවදුරටත් ඉඩ නැත.

ඔබ සැමට තෙරුවන් සරණයි !

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න
හිමිනමක් පන්සලේ ආදාහනය කළ නොහැකි මහා බෞද්ධ රාජ්‍යය ”ශ්‍රී ලංකාව”  සිට
2019-9-27

4 Responses to “ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවට ලංකාවේ ක්‍රියාත්මක වන්නේ පචතන්ත්‍ර වාදයයි”

  1. Randeniyage Says:

    සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න,

    You are talking about everything but dreaded 13A. Why ?

  2. Dilrook Says:

    සොරි ලංකාවේ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව ප්‍රජනන-තන්ත්‍රවාදයයි.

    සැමියාගෙන් බිරිඳට.
    තාත්තාගෙන් පුතාට.
    අයියාගෙන් මල්ලීට.

    ප්‍රජනන-තන්ත්‍රවාදය රජ කරන තාක්කල් ලංකාවට කෙළවීම වැළක්විය නොහැක. ප්‍රජනනය යන්නට පොදු ව්‍යවහාරයේ ඇති වචනය අර්ථයේ පරිසමාප්තියෙන්ම ගැළපේ.

  3. DR M D P DISSANAYAKE Says:

    This time we have a candidate who lied and continue to lie about his education. Why not tell the truth because you don’t have to be a graduate to be president. He will not only lose election, but also will not be Unp candidate for Ge.

  4. Randeniyage Says:

    Ability to lie is a compulsory qualification to be the president. Sorysena raise the bar and all are following him. Others are not far behind deceiving people in various ways.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress