ගෝඨාභයට එරෙහි තවත් මඩ පත්‍රිකා තොගයක්, රුවන්වැල්ලෙන් සොයා ගැනේ- හර්ෂගේ ලේකම් ඇතුළු දෙදෙනා රිමාන්ඩ්
Posted on November 11th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මුද්‍රණය කළ තවත් මඩ පත්‍රිකා තොගයක් අද රුවන්වැල්ල – මාගම්මන ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම මඩ පත්‍රිකා තොගය මාගම්මන ප්‍රදේශයේ බෙදා හරින බවටලද තොරතුරකට අනුව ඒවා සොයා ගත් බවයි. දැනට ඒවා පොලිස් භාරයට ගෙන විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මිරිහාන ප්‍රදේශයේ මඩ පත්‍රිකා බෙදා හරිමින් සිටියදී අත්අඩංගුවට ගත් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ලේකම්වරයා ඇතුළු දෙදෙනා මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ මිරිහාන – ඇලෝතියාව පාර ප්‍රදේශයේ පදිංචි සිරිල් ප්‍රනාන්දු නැමැති 60 හැවිරිදි පුද්ගලයෙකු සහ නුගේගොඩ – දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි ජයන්ත හේමසිරි නැමැත්තෙක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress