ගමනක අවසානය-නාගානන්දගේ අනාගතය
Posted on November 12th, 2019

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

නාගානන්ද, සජිත් ප්‍රේමදාස සමඟ ගිවිසුමක් අත්සන් කරන්නට යනවා යන කතාව සත්‍ය බව දැන් අනාවරණය වී ඇත. අවසාන මොහොතේවත් ඔහු මේ දේශපාලන සියදිවි නසාගැනීම නොකරාවියයි මා සිතන්නේ, එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට බලවේගයක් වශයෙන් ඊට ඇතුළුවීමට ඇති ඉඩකඩ නිසාත්, ඒ මඟින් ඉදිරියේදී ඔහුට කල හැකි සේවයත් නිසාය.

නාගානන්ද හා පල්ලෙවත්ත අතරින් නාගානන්ද වඩා සුදුසුවුවත් ඒ දෙන්නා එකතුව ක්‍රියාකරතැයි මම සිතුවෙමි. ඒ වෙනුවට දැන් සිදුවී ඇති අච්චාරුව හෙවත් වඳුරන්ට දැලිපිහිදීම හෙවත් චන්දබලය නිසා ඉදිරිපත්‌ව සිටිනා 33 කගේ පමණ ඇප රාජසන්තක වන බව නිසැකය. නාගානන්දට විරුද්ද්ධ කුමණ්ත්‍රනය එක අතකින් වෙස්‌වලාගත් භාග්‍යයක් වන්නේ ඒ මඟින් ඔහුට ඔහුගේ දේශපාලන ගමන ශක්තිමත් කරගත හැකිවන නිසාය. පක්‍ෂයක් වශයෙන් ඉදිරිපත්‌ව රටේ ආසන දෙක තුනක්වත් දිනාගන්නට ඔහුට ඉඩ තිබේ. පකිස්ථානයේ ශාරුක්ඛාන් අවුරුදු 30 ක් දේශපාලනය කලේය, බණ්ඩාරනායකටත්, ජෙොර් ටත් එසේ කල්ගත විය. ඇන්. ඇම්. පෙරේරා 1935 සිට 1964 දක්‌වාම බංගවේවා කිය කියා සිටියේය.

එතරම් කාලයක් නාගානන්ද සිටිය යුතුයයි මින් අදහස් නොකෙරේ. නමුත් ඔහු විසින් ඔහුගේ පොතට දැඩිලෙස ඇලී නොසිට ඉන් යම් අදහස් පමණක්වත් ක්‍රියාවට නැඟිය හැකිදැයි නොසැළකීම ඔහු කල වරදකි. මෙහිදී ඔහුට තිබූ වරණය ගෝඨාභයගේ වියත් මඟ, එළිය හරහාය. ඒ වෙනුවට දැන් අන්තිම මොහොතේ මේ ගැන ඥානය පහලවී, ඒ සඳහා සජිත්ට හේත්තුවීමට සිතීම ඔහු රටේ සමාජ-දේශපාලන ඉතිහාසය නොදන්නා බව එලිකරයි.

රනිල් ප්‍රධාන යහපාලන මරාලයේම කොටසක් වන සජිත් රටේ ජනාධිපති කමට නුසුදුස්සෙකු වන්නේ රොබට් බ්ලේක්ලා සරත් ෆොන්සේකාවත්, මිෂෙල් සෙසන් මාදුළුවාවේ සෝභිත හිමියන්වත ගොනාට ඇන්ඳුවාසේමය. බටහිර ඊළම් හිතවාදී බලවේග ලංකාවේ ථේරවාද බෞද්ද්ධ සමාජය විනාශ කිරීමේ අධිෂ්ඨානයට ඉත්තන් රවටා ගැනීම පුදුමයක් නොවේ. 2014 දී සිරිසේනව රවටා ගත්තේද ඔහුට රාජපක්‍ෂලා දුන් මානසිකවදය ප්‍රයෝජනයට ගෙනය. ඒ සමඟම ජේවීපීකාරයින්ද බා ගන්නට ඇමෙරිකාව ප්‍රධාන පිරිසට හැකිවිය. දැන් නාගානන්ද හිතන්නේ කතානායකට උපදෙස්දීමට ඇමෙරිකාවෙන් පඩිගන්නා අයෙක් සිටිනා කට්ටියකට මුක්කු ගැහීමද? නාගානන්දගේ බෙල්ල මිලේනියම් හොරු නොකපාවිද? මේ ගැන සජිත් වචනයක්වත් කියනවාද? මාදුළුවාවේ හිමියන් කරණ වරද ගැන උන්වහන්සේට ලියා දැන්‌වූවත් ඉන් පලක් නොවීය. සෝම හාමදුරුවන් සිතා සිටියා මෙන් උන්වහන්සේ වෙනම චන්දය ඉල්ලුවා නම් රටේ ඉරණම වෙනස්වීමට ඉඩ තිබුණේය. දැන් උඩුවේ ධම්මාලෝක හිමියන් කියන්නේ මාදුළුවාවේ හිමියන්ව අපවත්කලා යන කතාවකි.

මෑතදී කරලියට ආ උගත්, විද්‌වත්, වෘත්තික යන එකි නොකී පිරිස් ජේවීපිිෙක හා මහේස් සේනානායකට ආ වඩතත්, ඔවුනුත්, නාගානන්ද හා පල්ලෙවත්තත් වටහා නොගත් කරුණක් නම් මේ රටේ පන්සල අමතක කර, රට අවුරුදු 2000 කට වඩා කාලයක් රැකගත් හාමුදුරුවරු අමතක කර, ශ්‍රී සද්ද්ධර්‍මය ගැන පමණක් කතාකිරීම දේශපාලන අතරමංවීමක් පමණක් වන බවය. ලංකාවේ බුද්ද්ධාගම විනාශ කිරීමට ක්‍රියාකරණ ඊළම් නඩ, ශාරියා කඩ, ක්‍රිස්තියානි මූලධර්‍මවාදීන් ගැන මොවුන් කියන්නේ මෛත්‍රීභාවනාව, නවගුණවැල ගණින්නට කියාද? එය මානව අයිතිවාසිකම් සළුවද? බොහෝ සිල්වත් හා සිල්වත් භික්‍ෂූන් අතර අසිල්වත් හා බොහෝ අසිල්වත් හා හික්‍ෂූන් සිටින්නේ සුද්දගෙ නීතිය යටතේ ඇතිකල ක්‍රමයක් විසින් එයට අවකාශ ලබාදුන් නිසාය.

මේ උගුලෙන් ගොඩaේමට පැවිදි-ගිහි දෙපක්‍ෂයම අසමත්වී ඇත. නමුත් අසිල්වත් භික්‍ෂූන්ගේ හිස්‌වලට උඩින් ගොස් අතීත හා වර්‌තමාන ලංකාව දෙස බලනවිට දක්නට ලැබෙන එකම අඛන්ඩ, ස්ථාවර භූමිකාව වන්නේ හගට පොත්තමෙන් බැඳුනු බෞද්ද්ධ සාසනයය. අනුර කුමාරගෙන් චන්දය දිණූවිට ඉස්‌ඉස්සෙල්ලාම දළදා මාළිගාවට යනවාදැයි ඇසූවිට ඔහු නිහඬව සිටියේ, විමල් වීරවංශට හා සෝමවංශ අමරසිංහට පෙණුන දේ ඔහුට නොපෙනෙන නිසාය. මෙය සියුම් ජන විඥානය ආශ්‍රිත මානසික සංසිද්ද්ධියකි. මාක්වාදියා කෙසේවෙතත් සිංහල බෞද්ද්ධයා උගතෙක්, විද්‌වතෙක් වෙන්නේ මානව අයිතිවාසිකම්, ඉන්ටර්ෆේත් බොරුව බදාගෙන පන්සල දෙස අවඥාවෙන් බැලීමෙන් නොවේ.

ගෝඨාභය රජයක් යටතේ ඔහු කතාකරණ යම් වැදගත් දේ ක්‍රියාත්මක කිරීමට හොඳටම ඉඩකඩ ඇත. නමුත් ඔහු විසින් වඩුවා දකින ඇනය මෙන් හැම දෙනාටම මිටියෙන් ගස ගසා යෑම නොකළ යුතුය. නුසුදුස්සන් අතරෙන් අඩුම නුසුදුස්සා සොයා ගැනීමට නාගානන්දට හැකිවිය යුතුය. මේ නිසා සජිත්ට රැවටුණොත් නාගානන්දට ලන්ඩන් බලා ආපසු යෑමට සිදුවනු නිසැකය. ඔහු අවංකව අවුරුදු දහයකටත් වැඩිකාලයක් යුක්තිය හා සාධාරණත්‌වය වෙනුවෙන් තනිවම කල අනගිමත් ව්‍යායාමය, ගඟට කැපූ ඉණිමෙන් වන්නේය. ඔහු ඔහුට උපදෙස් (දිරව්වලණු?) දෙන අයගෙන් ප්‍රවේශම් විය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress