දෙමළ සන්ධානයේ, නැදුන්කර්නි සභාපතිගේ සහය ගෝඨාභය රාජපක්ෂට
Posted on November 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

>යාපනය – නැදුන්කර්නි ප්‍රාදේශිය සභාවේ සභාපති පී. රොෂාන් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන බව ප්‍රකාශ කළා.

ඒ, යාපනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින්.

තමන්, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයෙන් නැදුන්කර්නි ප්‍රාදේශීය සභාවට තේරී පත්වුවද ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු ආධාරයක් හෝ සහයෝගයක් ලබාදීමට දෙමළ සන්ධානයට නොහැකිවූ බවටයි ඔහු එහිදි චෝදනා කළේ.

‘අපි ප්‍රාදේශීය සභාවේ පාලනයට ඇවිල්ලා අවුරුදු 2 ක් වෙනවා. කිසිදු සංවර්ධන කටයුත්තක් සිද්ධවෙලා නැහැ. මම මේ සභාවට තේරී පත් වුණේ දෙමළ ජාතික සන්ධානයෙන්. හැබැයි අවුරුදු දෙකක් ගිහිල්ලත් ඒකේ කිිසිදු මන්ත්‍රීවරයෙක් මොනවද වෙන්න  ඕන කියලා මේ දක්වා විමසීමක්වත් කරලා නැහැ. ගම්පෙරළිය වැඩසටහන හරහා පමණක් මිලියන 65 ක මුදලක් අපට ලැබුණා. ඒ හැර මේ රජය හෝ දෙමළ ජාතික සන්ධානය කිසිදු ආධාරයක් අපිට කරලා නැහැ. ඒ නිසා අපි ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් මෙම තීරණයට ආවා. ඒ නිසා අපි එළඹෙන මැතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබාදෙන්න තීරණය කළා. මම අවුරුදු තුනක් පුනරුත්ථාපන කඳවුරේ හිිටියා. වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇවිත් මම ඇතුලූ 800 දෙනෙකු එකවර පුනරුත්ථාපන කඳවුරෙන් නිදහස් කළා. ඒකෙන්ම ඔහුගේ විශ්වසනීයත්වය තහවුරු වෙනවා. ඒ නිසා ඔහු පිළිබඳව විශ්වාසය තියලා තමයි අපි මේ වගේ තීරණයකට එළඹුනේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress