නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ හෙට දිවුරුම් දෙයි
Posted on November 20th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

මහින්ද රාජපක්ෂ මහතා හෙට පස්වරු 1ට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව විපක්ෂ නායක මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා හෙට පස්වරු 1ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයක දිවුරුම් දෙන තෙවන අවස්ථාව මෙයයි.

එම දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 3ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී ඇරඹීමට නියමිත බව රොහාන් වැලිවිට මහතා සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress