මංගල ඇතුලූ හිටපු ඇමතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – රාවණා බලය
Posted on November 20th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

දුෂණ වංචා සිදුකළ මංගල සමරවීර ඇතුලූ හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කිරිමට කටයුතු කළයුතු බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජන් රාමනායක, පාඨලී චම්පික රණවක ඇතුළු චෝදනාවලට ලක්වූ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ විවිධ ප්‍රදේශවල පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress