අමරපුර නිකායේ මහනාහිමිගෙන් ජනපතිට ඉල්ලීමක්
Posted on November 22nd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

රට තුළ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස නාහිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ අද පස්වරුවේ ජනාධිපතිවරයා තමන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress