යහපාලනය සත්‍ය වශයෙන් උදා වී ඇති බව පූජ්‍ය අංකුඹුරේ පේමවංශ හිමි කියයි
Posted on November 24th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවට දැන් යහපාලනය උදාවී ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය අංකුඹුරේ පේමවංශ හිමියන් පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැණික්හින්න – හුරීකඩුව ශ්‍රී විද්‍යා සාගර පිරිවෙනට පැමිණි අවස්ථාවේදියි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දළදා සමිදුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන කිරි පිඩු පූජාවට ද එක් වුණා.

අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා, මැණික්හින්න – හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙනට පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි  හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියන් සහ පූජ්‍ය ගල්කැටිවල රතනවංශ හිමියන් බැහැ දුටුවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress