රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිතට චෝදනාවක්
Posted on November 25th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන්ට විරුද්ධව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි එහි නියෝජිතයන් සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනමය වෙනසක් සිදුවිය යුතු බවයි.

මේ අතර පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදා දුන්නේ යැයි චෝදනා කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ගොනු කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress