වෝටර්ස් එජ් හෝටලයේ මූල්‍ය අක්‍රමිකතා ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනපතිට සහ අගමැතිට ලිපියක්
Posted on November 29th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

රජයට අයත් බත්තරමුල්ල – වෝටර්ස් එජ් හෝටලයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්ක ඩිනමින් පරීක්ක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා එහි සේවකයින් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට ලිපියක් යොමුකර තිබෙනවා.

මේ අතර අදාල අක්‍රමිකතාව සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන හිටපු අමාත්‍යවරුන්ගේ ඥාතීන් සහ හිතවතුන්ට මසකට රුපියල් මිලියන 5 ක පමණ වැටුප් සහ දීමනා ලබාදෙමින් ආයතනයට දරාගත නොහැකි මට්ටමේ මූල්‍ය බරපැනක් පටවා ඇති බව සදහන් කරමින අදාල ලිපිය ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

මේ සදහා ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ චමත් ද සිල්වා මහතාද වගකිව යුතු බවයි ලිපියෙන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ආයතනයට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන්ද අදාල දූෂණ සම්බන්ධයෙන් කටයුතු කරනවා වෙනුවට සභාපතිවරයාගෙන් උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාගත් බවද ලිපියෙන් අනාවරණය කර තිබෙනවා.

මෙම ලිපිය මගින් එහි සේවකයන් ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ වෝටර්ස් එජ් හෝටලයේ දියත් කළ ව්‍යාපෘතී සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මේ අතර අප කල විමසීමකදී විගණන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ වෝටර්ස් එජ් හෝටලයේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සිංහලේ ජාතික සංවිධානය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress