කාදිනල් හිමිපාණන්ටත් විශ්වාසයක්
Posted on December 7th, 2019
Hiru News
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති වත්මන් ජනාධිපති කොමිසම තුළින් පීඩාවට පත් ජනතාවට සාධාරණත්වයක් ඉටු වේ යැයි තමන්ට විශ්වාස බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ අද දෙවන දිනටත් පැය 03 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
ඊයේ පස්වරු දෙකේ සිට 3.45 දක්වා කාදිනල් හිමිපාණන් ජනාධිපති කොමිසම සහ මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදුන් අතර, පසුව පස්වරු 4.15 ට සිට පස්වරු 06 දක්වා ජනාධිපති කොමිසම ඉදිරියේ රහසිගතව සාක්ෂි ලබාදුන්නා. අදත්, සාක්ෂි විමසීම සිදුවූයේ රහසිගතවයි.