රනිල් ජයවර්ධන යළි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට
Posted on December 13th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පසුව, අගමැති බොරිස් ජොන්සන් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා වන බ්‍රෙක්සිට් ගිවිසුම ජනවාරි 31 සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650 ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට ඊයේ පැවති ඡන්ද විමසීමේදී ආසන 364ක් දිනාගත් කොන්සවේටිව් පක්ෂය බහුතර බලයක් හිමිකර ගත්තා.

ප්‍රධාන විපක්ෂය වූ කම්කරු පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 203ක් පමණයි.

නව ආණ්ඩුවක් පිහිටුවන බවට බ්‍රිතාන්‍යයේ මහරැජින වෙත සැළ කර සිටීමට අද පෙරවරුවේ බකිංහැම් මාලිගය වෙත ගිය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ඩවුනින් වීථියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණ අද දිනයේම වැඩ භාර ගනු ලැබුවා.

මේ අතර, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන යළි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරීපත් වී තිබෙනවා.

කන්සවේටිව් පක්ෂයෙන් හැම්පෂෙයර් මැතිවරණ කොට්ඨාශය සඳහා තරඟ  කළ ඔහු එය ජය ගත්තේ වැඩි ඡන්ද 35,000කින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress