සත්‍ය ගවේශකයෝ සංවිධානයෙන් CIDයට පැමිණිල්ලක්
Posted on December 13th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පසුගිය රජය සමයේ ඇතැම් නඩු කටයුතු වලදී විනිශ්චයකාරවරුන්ට බලපෑම් සිදුකර ඇත්ද යන්න විමර්ශනය කල යුතු බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මේ බව සදහන් කළේ වසීම් තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ හිටපු පොලිස් පරික්ෂකවරයාට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුවයි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධව පරික්ෂණ මෙහෙයවූ නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්මික පෙරේරා මහතා පසුගිය 28 වැනිදා සත්‍ය ගවේශකයෝ සංවිධානය සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදාල පරික්ෂණය මෙහෙයවීමේදී තමන්ට එල්ල වූ බලපෑම් පිළිබඳ අනාවරණයක් සිදුකළා.

මෙම බලපෑම් සම්බන්ධයෙන් හිටපු පොලිස් පරික්ෂක සුමිත් චම්මික පෙරේරා මහතා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress