සබ්මැරීනයක ගුවන් විදුලි උපකරණ වලින් බිහි වූ ලංකා ගුවන් විදුලි සේවය
Posted on December 16th, 2019

ජානක පෙරේරා විසිනි 

(මේ ලිපියේ අරමුණ ලංකා ගුවන් විදුලි සේවයේ වැඩි දෙනා නොදන්නා කරුනු හෙලි කිරීමය).   

මෙම දෙසැම්බර් 16 වනදාට මෙරට මුල්වරට ගුවන් විදුලි සේවාවක් පටන්ගෙන වසර 94 ක් සපිරෙයි. ඊට මග පැදුනේ කිසිවකු නොසිතු අයුරින්ය. පළමුවැනි ලෝක යුද්ධය (1914-1918) ඇරඹීම නිසවෙනි. එම යුද්ධයෙන් බ්රිතාන්යය ජර්මනිය පරදා ජයගත් පසු එවකට බ්රිතාන්යය යටත් විජිතයක් වූ මෙරටට බ්රිතාන්යයන් විසින් ඔවුන් විසින් අල්ලගන්නා ලද ජර්මන් සබ්මැරීනයක ගුවන් විදුලි උපකරණ කොටස් ගෙනෙන ලදී.

මෙරට විදුලි සංදේශ දෙපාර්තමේන්තු ඉංජිනේරුවෝ එම ජර්මන් නාවික උපකාර වල ආධාරයෙන් කුඩා ගුවන් විදුලි සම්ප්රේෂණ යන්ත්රයක් සාදා අත්හදා බැලීමක් වශයෙන් 1923 දී කොළඹ මධ්යම විදුලි පණිවුඩ කාර්යාලයේ කුඩා කාමරයක සිට ග්රැමෆෝන් තැටි සංගීතය විකාශනය කලහ යුරෝපයේ මුල් වරට ගුවන් විදුලි සේවාවන් ඇරඹීමෙන් වසර තුනකට පසුවය. අත්හදා බැලීම සාර්ථක වූයෙන් වසර 1925 දෙසැම්බර් 16 වන දා මෙරට ප්රථම ගුවන් විදුලි සේවාව ඇරඹින.එවකට එය හැඳින්වුනේකොළඹ ගුවන් විදුලියයනුවෙනි. ඊළඟ වසරේදී ගුවන්ව්දුලි සංගීත විකාශන ස්ටුඩියෝවක් කොළඹ ලංකා සරසවි කොලීජියේ අරඹන ලදී. වසර 1927 දී ශබ්ද ශ්රවණයට ගැලපෙන විකාශන ස්ටුඩියෝවක් ටොරින්ටන් චතුරශ්රයේදී (අද නිදහස් චතුරශ්රය) පිහිටුවින

ප්රථම සිංහල ගුවන් විදුලි නිවේදකයා වූ ඩී. එම්.කොළඹගේ මහතා සිංහල විකාශනය පටන්ගත්තේකොළඹින් කතාකරමියනුවෙනිප්රථම සිංහල නිවේදිකාව වුයේ ප්රභා රණතුංග මහත්මියයි.    

වසර 1934 දී ගුවන්විදුලි විකාශන උපදේශක මණ්ඩලයක් පිහිටුවන ලදුව සැතපුම් 40 දුරක වටප්රමාණයේ පැහැදිලිව ශ්රවණයවීම සඳහා අත්හදා බැලීම් වශයෙන් කෙටි තරංග විකාශනයක් අරඹන ලදී. එවකට බ්රිතාන් අධිරාජ්යය සඳහා විසුරුවා හරින වැඩසටහන් ශ්රවණය කිරීම සඳහා මධ්යස්ථානයක්ද  පිහිටුවින. වසර 1937 දී ශ්රී ලාංකික ඉංජිනේරුවෙක් කිලෝවොට් 3.5 කෙටි තරංග සම්ප්රේෂණ යන්ත්රයක් මෙම සේවාව සඳහා නිර්මාණය කලේය

ඉන් දෙවසරකට පසු දෙවන ලෝක යුද්ධය ඇරඹීමෙන් ගුවන්විදුලි සේවාවේ ප්රගතියට බාධා ඇතිවිය. වසර 1942 දී ජපානය යුද්ධයට අවතීර්ණ වීමත් සමග ගුවන් විදුලි මූලස්ථානය තාවකාලිකව බොරැල්ල කොටා පාරේ බංගලාවකට ගෙනයන ලදී. කොළඹට සහ ත්රිකුණාමලයට ජපන් ගුවන් ප්රහාර එල්ල  වුයේ එම වසරේ අප්රේල් මාසයේය. ටොරින්ටන් චතුරශ්රයේ ගුවන් විදුලි මධ්යස්ථාන භූමිය බ්රිතාන්යය රාජකීය ගුවන් හමුදාවට (RAF) පැවරින. මේ අතරතුර  බ්රිතාන්යයඇමෙරිකන් අග්නිදිග ආසියා යුද  මූලස්ථානයෙන් (South East Asia Command Headquarters) ආසියාවට ජපන්විරෝධී ගුවන් විදුලි ප්රචාරයන් විසුරුවා හැරීම සඳහා කොළඹ කොල්ලුපිටියේ ටරට් පාරේ (අද ධර්මපාල මාවත) විකාශනාගාරයක් පිහිටුවන ලදී. එය හැඳින්වුනේරේඩියෝසියැක් (Radio SEAC) යනුවෙනි.’  ජපනුන් විසින් යටත් කරගන්නා ලද අග්නිදිග ආසියා රටවලට ප්රචාර නිකුත් කල මෙය ඉතාමත්ම බලගතු විකාශනාගාරයක් විය. එය මෙරට පිහිටුවීමට පියවර ගත්තේ එවකට අග්නිදිග ආසියා යුද  මූලස්ථානයේ ප්රධානියා වූ ලුවී මවුන්ට්බැටන් අද්මිරාල් වරයාය. ඔහු 1944 දී නවදිල්ලියේ පිහිටි සිය කාර්යාලය මහනුවරට ගෙන ආවේය. බ්රිතාන්යයඇමෙරිකන් ආසියා  යුද මූලස්ථානය වූ ලංකාවේ සිට ජපන්විරෝධී යුද්ධය මෙහෙය වීම වඩාත් පහසු නිසාය.

ඊළඟ වසරේ යුද්ධය අවසන් වී 1948 දී මෙරටට නිදහස ලැබීමෙන් පසුරේඩියෝසියැක් පිළිබඳව ගතයුතු පියවර පිළිබඳව බ්රිතාන්යය සහ ලංකාව අවධානය යොමු කලහ. දෙරට අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව 1949 මාර්තු පළමු වැනිදා එහි අයිතිය ලංකාවට පවරන ලදී. එහි කොන්දේසිය වුයේ බ්රිතාන් සඳහාද ප්රචාරක පහසුකම් එමගින් සැලසිය යුතු වීමයි. සමගමරේඩියෝසියැක් සහ මෙරට ගුවන් විදුලි සේවාවන් ඒකාබද්ධ කරන ලද අතර අනුව 1949 දෙසැම්බර් පළමු වැනිදා ලංකා  ගුවන් විදුලි දෙපාර්තමේන්තුව බිහිවිය. ඊට පෙර මෙරට ගුවන් විදුලි සේවාව ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට විකාශනය කිරීමට නොහැකි වියගිවිසුමෙන් පසු තත්වය වෙනස් වුවද බලගතු සියැක් විකාශන වල තාක්ෂණික අයිතිය තවමත් බ්රිතාන්යයන් සතු විය  වසර 1949 වන විට මෙරට ගුවන්විදුලි යන්ත් බලපත් හිමියන්ගේ ගණන 27000 ක් විය. (අද  ගුවන්විදුලි ශ්රවණ යන්ත් තබා ගැනීමට බලපත් අවශ් නැත).  

දෙරට අතර ඇතිකරගත් ගිවිසුමට අනුව ‘රේඩියෝසියැක් සේවාවෙන් කලා සේ ලංකා  ගුවන් විදුලි සේවයද  අග්නිදිග ආසියා රටවල රඳවා සිටි බ්රිතාන් හමුදා වෙනුවෙන් ගුවන් විදුලි විකාශන පවත්වා ගෙන ගියේයබලගතු සියැක් විකාශන වල තාක්ෂණික අයිතිය තවමත් බ්රිතාන්යයන් සතු විය. එනිසා ලංකාව තවමත් ස්වාධීන රටක් නොවේ යයි තර්ක කල සෝවියට් රුසියාව අප රටට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකත්වය හිමිවීම වැලැක්විය     

.      

එවකට ලංකාව සහ රුසියාව අතර තානාපති සම්බන්ධතා නොපැවතිනි.

කෙසේ වෙතත් අවසානයේදී එකල ලකිසුරුව සිටි ශ්රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ ශූර බුද්ධිය නිසා ස්ටර්ලිං පවුම් මිලියන තුනකට සියැක් විකාශන යන්ත් මෙරටට විකුණන්නට තැත් කල බ්රිතාන්යයට ඒවා නොමිලයේම අපට දීමට සිදු විය.මෙය ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ ඉතා වැදගත් ජයග්රහණයකි

ඇත්ත වශයෙන්ම ඔලිවර් ගුණතිලක කලේ සුද්දන් රැවටීමකි. කාලයේදී  ඔහුලකිසුරු වීමට පෙරලන්ඩන් නුවර ලංකා මහ කොමසාරිස් විය.  හිටපු රාජ් ඇමති ආනන්දතිස්ස අල්විස් මහතා පුවත්පත් කලාවේදී ටාසි විට්ටච්චි මහතාට පැවසු අන්දමට සිද්ධිය වුයේ මෙසේය  එවකට ඔහු ශ්රීමත් ජෝන් කොතලාවල මහතාගේ (අගමැති වීමට පෙර) පුද්ගලික ලේකම් ලෙස මේ ගැන කතිකා කරගැනීම සඳහා බ්රිතාන්යට ගිය දූත පිරිසට එක් වියඑරටට ගොඩබැස රැස්වීමට යන අතරතුර ඔලිවර් සිය උපක්රමය සහ රඟපෑ යුතු අන්දම ගැන දූත පිරිසේ සෙස්සන්ට හෙලි කලේයඔවුන් ගමන් කල වාහනයේ රියැදුරා සුද්දකු වූ බැවින් ඔහුට නොතේරෙන ලෙස ඔවුන් කතා කලේ සිංහල බසිනි

 රැස්වීමේ මුලසුන හෙබවුයේ බ්රිතාන් පොදුරාජ් මණ්ඩල කටයුතු පිලිබඳ ඇමති ශ්රීමත් පැට්රික් ගෝඩ්න් වෝකර් මහතායරැස්වීමට බ්රිතාන් ගුවන් විදුලි සේවයේ සහ එරට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෝද සහභාගී වූහ. රැස්වීම අමතමින් ශ්රීමත් පැට්රික් කියා සිටියේ ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව (සියැක් විකාශන යන්ත් සහිතව) ස්ටර්ලිං පවුම් මිලියන තුනකට විකිණිය හැකි බවය

මොනවා “? ඔලිවර් මවාගත් විමතියකින් ප්රශ්න කලේය.

ඔව්ඔලිවර් පැට්රික් පිළිතුරු දුන්නේයඉතා ලබෙටයි ඔබට අප මෙය ලබාදෙන්නේ

ලාබෙට?. අපට ඕක මිලට ගන්න ඕන නැහැ. කීයටවත් එපා. ඔයිට වඩා අපේ විදේශ විනිමය වැය කලයුතු දේ තියෙනවා

එසේ කියමින් මවාගත් කෝපයකින් පුපුරමින් ඔලිවර් රැස්වීම් කාමරයෙන් පිටතට ගියේය. ජෝන් කොතලාවල ඇතුළු දූත පිරිසේ සෙස්සෝ එසේ රැස්වීමෙන් ඉවත් නොවන ලෙස ඔලිවර් බැගැපත් වූහ. ඊට සවන් දී  ඔහු ඉතා අකමැත්තෙන් මෙන් නැවතත් අවුත් සිය අසුනේ හිඳ ගත්තේයඑවිට ටික වේලාවකට රැස්වීම කල් තැබූ  ශ්රීමත් පැට්රික් මේ ගැන එවකට බ්රිතාන් අගමැති  ක්ලෙමන්ට් ඇට්ලී ගේ මතය විමසා විනාඩි කිහිපයකින් නැවත පැමිණ කියා සිටියේ සියැක් විකාශන යන්ත් සහිත සම්පූර්ණ ගුවන් විදුලි මධ්යස්ථානය ලංකාවට නොමිලේ ලබා දීමට බ්රිතාන් රජය තීරණය කර ඇති බවයි. එපමණක් නොව හමුදා සඳහා කෙරෙන ගුවන් විදුලි ප්රචාර වෙනුවෙන් මෙරටට මුදල් ගෙවීමටද ඔව්හු පොරොන්දු වුහ.

 ඊට බොහෝ කලකට පසුවය බ්රිතාන් පොදුරාජ් මණ්ඩල කාර්යාලයට ඔලිවර් ගේ උපක්රමය හෙලි වුයේසියැක් විකාශන යන්ත් ලංකාවෙන් ඉවත් කර වෙනත් රටකට ගෙනයාමට වැය වන මුදල පිළිබඳව ඔහු බ්රිතාන් අද්මිරාල්ත කාර්යාලයේ යම් කිසිවකු මාර්ගයෙන් රැස්වීමට පෙරාතුව දැනගෙන ඇත. අනුව එම විකාශන මධ්යස්ථානය තිබෙන තැනම තියෙන්නට හරිනවාට වඩා විශාල වියදමක් එය වෙනත් තැනකට ගෙනයාමේදී බ්රිතාන් රජයට වැය වන බව ඔලිවර්ට අවබෝධ වී ඇතඒවා නොමිලයේ ලබා ගැනීමට ඔහු සැලසුම් කලේ ඉන් පසුවය

ඉන්පසු වසර 1950 සැප්තැම්බරයේදී වත්මන් ගුවන් විදුලි සංස්ථා ගොඩනැගිල්ල අංග සම්පූර්ණ ගුවන් විදුලි මධ්යස්ථානයක් ලෙස ඇරඹින. ඉන් පටන් ගත් 1950 දශකයේදී ලංකා වෙළෙඳ ගුවන් විදුලි සේවය ලොව පුරා එවැනි සේවා අතුරින් ඉතා උසස් මට්ටමේ සේවාවක් ලෙස නමක් දිනා ගත්තේයඑය අපේ අසල් වැසි ඉන්දියාවේ සමස්ත ඉන්දියා ගුවන් විදුලි සේවයට වඩා එරට අසන්නන් අතරද ජනප්රිය විය.  

මෙරට ගුවන් ව්දුලි තාක්ෂණික නිලධාරීන් සහ නිවේදකයින් ප්රධාන වශයෙන් පුහුණු කරනු ලැබුවේ බ්රිතාන් ගුවන් විදුලි සේවය මගිනි

ලංකා ගුවන් විදුලි සේවයේ ස්වර්ණමය යුගයේදී එහි වාර්තාකරුවෝ විදේශ රටවල සිදුවූ වැදගත් සිදුවීම් පවා වාර්තා කලහ. ඒවා  අතර එවකට ඇමරිකා ජනපතිව සිටි ඩ්වයිට් ඩී අයිසන්හවර් ගේ ඉන්දීය සංචාරය සහ.එංගලන්තයේ මාගරට්  කුමරියගේ විවාහ මගුල විය. ලංකා ගුවන් විදුලි සේවය තුලින් අසන්නට ලැබුනු වැදගත් කතා අතර මෙරට ප්රථම අගමැති ඩී. එස්. සේනානායක, බ්රිතාන්යයේ දෙවැනි එලිසබෙත් රැජින, බ්රිතාන් අගමැති හැරල්ඩ් මැක්මිලන්, ඉන්දියාවේ ප්රථම අගමැති ජවහර්ලාල් නේරු , කාම්බෝජයේ සිහනුක් කුමරු, ජපන් අගමැති නොබුසුකේ කිෂි, චීන අගමැති චෞ එන් ලායි සහ කැනේඩියානු අගමැති ආර්. ඩීෆන්බේකර් යන අයගේ කතාද විය.  

මේ කාලයේ ලියුම් කරුට අමතක නොවන සිද්ධියක් වන්නේ දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ දේහය රැගත් අවමගුල් පෙරහැර කොළඹ සිට හොරගොල්ල දක්වා ගමන් කරද්දී  කරුණාරත්න අබේසේකරයන් ගුවන් විදුලියෙන් කල විචිත් විස්තර කථනයයිඅසා සිටි අයට එය රූපවාහිනී දසුනක් මෙන් විය. එය මට තවමත් ඇසෙන්නා සේය.   

රූපවාහිනී සේවාවන් මෙරට නොතිබුණු කාලයේ රේඩියෝ රඟමඬල අසන්නන් අතර ඉතා ජනප්රිය වියනවසිය පණහේ දශකයේ තවත් ජනප්රිය වැඩ සටහනක් වුයේ රහස් පරීක්ෂක නාට්යයයි සාජන්ට් පෙරේරාගේ වික්රම (පසුව ඉන්ස්පෙක්ටර් පෙරේරාගේ වික්රම) යිමුවන් ප්ලැස්ස නාට්යය හැටේ දශකයේදී ජනප්රිය විය  

ලංකා ගුවන් විදුලි සේවයේ කැපී පෙනුණු නිවේදක නිවේදිකාවන් සහ වෙනත් දැවැන්තයින් අතර ඩී. එම්. කොළඹගේ, ප්රභා රණතුංග, තේවිස් ගුරුගේ, ලිවී විජේමාන්න, ජිමී බරුචා, කරුණාරත්න අබේසේකෙර, ලලිත් එස් මෛත්රිපාල, එච්. එම්.ගුණසේකර, විජය කොරෙයා, පාලිත පෙරේරා,ප්රියා සමරවීර, සුමනා නෙල්ලම්පිටිය, මර්වින් ජයසුරිය, ආරියදාස පීරිස්, සිරිල් රාජපක්ෂ, ආරියසේන මිල්ලවිතානච්චි, ප්රොස්ප්ර් ප්රනාන්දු, සුධර්මන් සිල්වා, නන්දා ජයමාන්න අමරබන්ධු  රූපසිංහ බර්ටි ගලහිටියාව හඩ්සන් සමරසිංහ, ප්රේමකීර්ති අල්විස්, ඇල්ෆ්රඩ් පෙරේරා. එච් ඩී. විජේදාස, තිස්ස ජයවර්ධන, චන්ද්රා වයිමන්, කුසුම් පීරිස් යනාදීහුද වෙති.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress