රාජගිරියේ අනතුරින් පසු චම්පිකගේ වාහනයේ රියදුරු මාරු කල පුද්ගලයා සාක්‍ෂි දෙයි.. චම්පික බිත්තයට හිරවෙයි..
Posted on December 24th, 2019

අරවින්ද අතුකෝරල උපුටා ගැන්ම ලංකාසීනිවුස්

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

නීතිය පිලිබඳ මහචාර්ය අජිත් පෙරේරා මැතිතුමාත් ජනාධිපති නීතිඥ නලින් බණ්ඩාර මැතිතුමාත් පුංචි දඩයක් ගහන්න ඕනෑ මාර්ග නීති වරදකට පාච රණවක මන්ත්‍රිතුමා බන්ධනාගාර ගත කර ඇති බවට ප්‍රකාශ කරනවා අපි දැක්කා. ඔය අජිත් පෙරේරා නීති විශාරදයා තමයි කිව්වේ ගීතා මන්ත්‍රිතුමිය ද්විත්ව පුරවැසියෙක් බව ඔප්පු වුණොත් ගාලු දිස්ත්‍රික්කයේ සංධානයෙන් පත් වුණු සියළුම මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධූර අහෝසි වෙනවා කියලා.

උසාවියට වාර්තා කළ කරුණු අනුව පාටලි මන්ත්‍රිතුමා අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ මාර්ග නීති කඩ කිරීමකට හෝ හුදු රිය අනතුරකට නොවෙයි. නොසැලකිලිමත් ලෙස රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරීම එක චෝදනාවක් විතරයි. ඊට වඩා බරපතල චෝදනා තිබෙනවා. අනතුරක් සිදු කර පලා යෑම, සැබෑ රියදුරා වෙනුවට වෙනත් රියදුරෙකු ඉදිරිපත් කර අධිකරණය නොමග යැවීම, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම, සාක්ෂි විනාශ කිරීම, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම කියන චෝදනා තිබෙනවා. සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ සාක්ෂි විනාශ කිරීම කියන්නේ ඇප ලබා දිය නොහැකි බරපතල වැරදි. අන්න ඒ නිසා තමයි එතුමා රක්ෂිත බන්ධනාගාර ගත වී තිබෙන්නේ. කොහොම නමුත් අද දින මහේස්ත්‍රාත්තුමිය ඇප ලබාදුන්න බවයි අපට දැන ගන්නට තියෙන්නේ. නමුත් දින හයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අවශ්‍ය කරුණු පැහිදිළිව තිබෙන බවයි පෙනෙන්නේ.

වාහනයේ පසුපස වැදීම නිසා වරද සංදීප්ගේ කියන්නේ බොරුවක්

පාච රණවකගේ ගෝලයින් පවසන විධියට වාහනයේ වම් පස අග හරියේ මෝටර් සයිකලය වැදී තිබෙන නිසා වරදකරු සංදීප්ලු. පොලීසිය දෙපාර්ශවයෙන්ම ලබාගත් තොරතුරු අනුව සහ උසාවියට වාර්තාකර ඇති කරුණු අනුව පාටලි මන්ත්‍රිතුමා කෝට්ටේ පාරේ සිට බොරැල්ල දෙසට වේගයෙන් පැමිණ එක පාරට සරණ පාරට හරවනවා. වාහනයක් හරවන්න කලින් ඉදිරියෙන් එන වාහන වලට ඉඩ දිය යුතු බවයි මර්ග නීති වල තිබෙන්නේ. එක පාරට දකුණට හැරෙව්වාම ඉදිරියෙන් එන වාහනය තමන්ගේ වාහනයේ පැත්තක වදිනවා තමයි. ඒකේ වරද හරවපු කෙනාගේ මිස ඉදිරියට වාහනය ධාවනය කළ කෙනාගේ නොවේ. සන්දීප් සහ මිතුරන් අතේ වරදක් නැහැ වරද තිබෙන්නේ මාර්ග නීති කඩමින් නොසැලකිලිමත් ලෙස පාච රණවක මන්ත්‍රිතුමන් රිය ධාවනය කිරීමේ කියන එක ඉතා පැහැදිලිව ඔප්පුවෙලා හමාරයි.

අද සංදීප් සහ ඔහුගේ මිතුරන් උසාවියේ සාක්ෂි දීම වැලැක්වීමට ඔවුන් බිය වැද්දීමේ පහත් අරමුණෙන් චම්පික මන්ත්‍රිතුමන්ගේ ගෝලයෝ ටික සංදීප් සහ මිතුරන් ධාවනය කළ මෝටර් සයිකල් ලංකාවේ ධාවනය කළ නොහැකි මෝටර් සයිකල් බවට පොලිසියට පැමිණිලි කරලා. යටි අරමුණක් නැතිනම් වසර හතරක් නිහඬව ඉඳලා පාටලි මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගත් වහාම මේ පැමිණිල්ල කරන්නේ ඇයි?

සීසී 1000ට වඩා අඩු එංජින් ධාරිතාවක් ඇති මෝටර් සයිකල් ලංකාවේ මාර්ග වල ධාවනය කළ හැකියි. සංදීප්ලාගේ මෝටර් සයිකල් සීසී 1000ට වඩා අඩු නිසා තමයි ඒවා ලංකාවේ ලියාපදිංචි කර තිබෙන්නේ. බොරු පැමිණිලි කරලා වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව සාක්ෂිකරුවන්ට සහ වින්දිතයින්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඒ බොරු පැමිණිලිකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ යුතුයි.

කතානායකගේ හැසිරීම පක්ෂග්‍රාහියි

කතානායකතුමා නායකත්වය දරණ ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කළ අධිකරණ සේවා කොමිසම යටතේ පාලනයවන අධිකරණයක් දැන් තිබෙන්නේ. ඒ අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකළ පාච රණවක මන්ත්‍රිතුමාගේ නිදහස පතා පවත්වන බෝධි පූජාවකට කතානායකතුමා සහභාගි වෙලා තිබෙන බවට වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. මොකක්ද මේ කියන්නේ. තමන් විසින් පත්කරපු අධිකරණය ස්වාධීන නෑ කියලා තමන් විසින්ම ප්‍රකාශ කරණවා. පා ච රණවක මන්ත්‍රිතුමා බලන්න සිර ගෙදරටත් ගිහින් තිබෙනවා. තමන් පත් කළ අධිකරණ කොමිෂන් සභාව තමන්ටම විශ්වාස නෑ කියලා ද කතානායක මේ කියන්නේ. අපේ මන්ත්‍රිවරුන් 11ක් රක්ෂිත බන්ධනාගාර ගත කළා. එක් අයෙකු බලන්න හිර ගෙදරට ආවාද? අපේ මන්ත්‍රිවරුන්ව ගෙවල් වලට පැනලා අරගෙන ගියා. එක මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ද? නෑ. තමන් ලංකා ඉතිහාසයේ බිහි වුණු අපකීර්තිමත්ම සහ පක්ෂග්‍රාහිම කතානායක බව නැවත වතාවක් කරු ජයසූරිය මැතිතුමා සනාථ කරලා තිබෙනවා.

කතානායකතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියනවා රාත්‍රි කාලයේ ගෙදරට ගොස් මන්ත්‍රිවරුන්ව අත්අඩංගුවට ගැනීම වැරදියිලු. ඔය නීතිය කොහේද තිබෙන්නේ? අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට මිස කතානායකට බලයක් නෑ. නීතිපති උපදෙස් ලැබී තිබෙන හෝ වරෙන්තුවක් නිකුත් කර තිබෙන ඕනෑම අපරාධකරුවෙකු පොලිසියට අත්අඩංගුවට ගැනීමට ලැබෙන පළමු අවස්ථාවේම අත්අඩංගුවට ගත යුතුයි. නැතිනම් අපරාධකරුවෙකුට පැන යන්න දුන්නා කියා පොලිස් නිලධාරින් අමාරුවේ වැටෙනවා. වාහනයේ රියදුරු ලෙස අධිකරණය ඉදිරියේ පෙනී සිටි තුසිත කුමාර අතුරුදහන්. අනතුරට පත් වුණු වාහනය පොලිසියට රැගෙන ආ ප්‍රදීප් අල්විස් අතුරුදහන්. ඒ නිසා මන්ත්‍රිතුමාත් සැඟවේවි කියන සාධාරණ සැකය පොලිසියට ඇති වෙන්න පුළුවන්.

මේ තිබෙන්නේ මන්ත්‍රිවරුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ 2015 අප්‍රේල් 10 දින ඉලංගකෝන් පොලිස්පති විසින් නිකුත් කළ චක්‍රලේඛය පාර්ලිමේන්තුවේ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද සුරක්ෂිත කිරීම සඳහා මෙතෙක් පැවති පූර්වාදර්ශ සහ විවිධ සම්ප්‍රදායන් පිළිබඳව සියලු කරුණු මැනවින් සලකා බලා ගරු කථානායකතුමා විසින් 2015 මාර්තු 03 වන දින පාර්ලිමේන්තුවේදී ගන්නා ලද තීරණයකට අනුව යමින් මින් ඉදිරියේ දී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී අත්අඩංගුවට ගත් වහාම හෝ ඊට පෙර පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාට ඒ පිළිබඳව විධිමත් ලෙස දැනුම් දීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවට තීරණය කර ඇත. මම ආයෙත් කියනවා අත්අඩංගුවට ගත් වහාම හෝ ඊට පෙර. එහෙම නම් අත්අඩංගුවට පත් වුණාට පස්සෙත් දැනුම් දෙන්න පුලුවන්. අත්අඩංගුවට ගන්නට පෙර දැනුම් දෙන්නටත් පුළුවන්.

එතුමාගේ ගේ වටකල පොලීසිය 6.57ට එතුමාව අත්අඩංගුවට ගන්නවා කියලා නියෝජ්‍ය කතානායකතුමන්ට දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායකතුමාම පිළිගන්නවා. ඉන් පැයකට පමණ පසුවයි එතුමන්ව අත්අඩංගුවට ගන්නේ. චක්‍රලේකයට අනුව අවශ්‍යනම් අත්අඩංගුවට අරගෙන ඉන් පස්සේ කතානායකතුමන්ට දැනුම්දෙන්න පුළුවන්. නමුත් අත්අඩංගුවට ගැනීමට පෙරයි නියෝජ්‍ය කතානායකතුමන් දැනුම්වත් කලේ. ඒ නිසා කිසිදු නීතියක් චක්‍රලේඛයක් සම්ප්‍රදායක් උල්ලංඝනය වී නොමැති බව අප කියනවා. අවාසනාවකට මේ රටේ අපක්ෂපාතී විය යුතු කතානායකතුමන් කොළපාට ඇදුම් ඇදගෙන මේ කරන විකට රංගනය නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා මෙතෙක් කතානායකවරුන් රැකගත් නම්බුවත් දෙකම ඉතාම පහත් මට්ටමකට ඇද දමන්න කරු ජයසූරිය මැතිතුමන් කටයුතු කරලා තියෙනවා කියන එක ඉතාම කණගාටුවෙන් සදහන් කරන්න ඕනෑ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්න : සන්දීප්ගේ රිය අනතුර සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් යම් මැදිහත්වීමක් කරනවද?

පිළිතුර : මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමක් නැහැ. මේ නඩුව යළි ආරම්භ වන්නේ රණවක මන්ත්‍රිතුමන්ගේ එවකට සිටි පෞද්ගලික සහකාරවරයා රටින් පලාගොස් සිට නැවත ලංකාවට පැමිණියා. ඔහු පොලිසිය ඉදිරියේ ප්‍රකාශයක් කරමින් කියනවා රණවක මන්ත්‍රිතුමා හදිසි අනතුර කරගෙන ගෙදරට ආවට පස්සෙ මට කතා කරනවා. ඒ වෙලාවේ මම සහ ප්‍රදීප් අල්විස් එකටයි හිටියේ. අපි එතුමන්ගේ ගෙදරට යනවා. එතනදී තීරණය කෙරෙනවා රණවක මන්ත්‍රිතුමා වෙනුවට තුසිත කුමාරව රියදුරා ලෙස ඉදිරිපත් කරන්නට. ඒ වන විට තුසිත කුමාර කැබ් රථයේ වෙනත් ගමනක් යමින් සිටියේ. තුසිත කුමාරව ගෙන්වා ගන්නවා. මම සහ ප්‍රදීප් අල්විස් තමයි අනතුරට පත් වූ වාහනය බොරැල්ල පොලිසියට අරගෙන ගියේ. වෙනත් කැබ් රථයකින් තමයි තුසිත කුමාර එතනට ආවේ. ඉන්පසු අපි තුසිත කුමාර ධාවනය කළ පුද්ගලයා ලෙසින් ඉදිරිපත් කළා කියලා. ඒ වගේම එවකට නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට කතා කරලා ඒවා ලෑස්ති කරගත් ආකාරය ආදිය රණවක මන්ත්‍රිතුමාගේ පෞද්ගලික සහකාර හර්ෂ තිලකසිරි හෙවත් සුකි විසින් හෙළි කරනවා.

ඒ අනුව තමයි වසා දැමුණු ලිපිගොනුව නැවත විවෘත වන්නේ. අපි මේකට මැදිහත් වීමට කිසිදු තීරණයක් ගෙන නැහැ. පොලීසිය නීතිපති සහ අධිකරණය ඒ පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාවි.

ප්‍රශ්නය : රිය අනතුරෙන් පසුව චම්පක රණවක මන්ත්‍රිවරයා සහ පූජිත ජයසුන්දර එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා හා දුරකතනයෙන් කතා කළ බව කියවෙනවා නේද?

පිළිතුර : අපට තියෙන්නෙ ද උසාවිය ඉදිරියේ පොලිසිය විසින් අනාවරණය කරන ලද කරුණු පමණයි. ඒවා අනුව ඉතාමත් පැහැදිලිව ඔහුගේ දුරකථන බිල්පත් හි සඳහන් වෙනවා දුරකථන ඇමතුමක් දීලා විනාඩි 3කට ආසන්න කාලයක් ඔහු හා දුරකථනයෙන් සාකච්ඡා කළ බව. ඒ වන විට පූජිත ජයසුන්දර මහත්මයා පොලිස්පති ධුරය බලාපොරොත්තුවෙන් හිටියත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතා ඊට වඩා ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි වගේම ජනාධිපතිතුමන්ගේ ආරක්ෂක අංශය භාරව ද කටයුතු කරලා. පාච රණවක මන්ත්‍රිවරයා පොලිස්පති පත් කරන ව්‍යවස්ථාදායක සභාවේ එවකට මන්ත්‍රිවරයෙක්.. ඔහු අමාරුවේ වැටිලා සිටින අවස්ථාවක උදව් කිරීම අනාගතයේ පින් පල දෙන පුණ්‍යකර්මයක් කියලා, සත්‍යවශයෙන්ම එය පාපකර්මයක් වුණත් පූජිත ජයසුන්දර මහත්මයා හිතන්න ඇති.. දැන් පොලිස් නිලධාරින් සාක්ෂි දෙමින් ප්‍රකාශ කරනවා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිට බොරැල්ල පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කරලා තියෙනවා කියන එක. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරු සාක්ෂි සටහන් කරගන්නා පොලිස් කොස්තාපල් වරුන්ට බලපෑම් කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ කතාව විකෘති වෙලා තියෙන්නේ. එක් පසෙකින් අපරාධකරුවෙකු බේරාගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කරනවා. අනික් පැත්තෙන් පොලිස්පතිකමට නුසුදුස්සෙක්ව එම තනතුරට ගෙන ඒම සඳහා චම්පික රණවක මන්ත්‍රිතුමන් කටයුතු කරනවා. අවසානයේ පාස්කු ප්‍රහාරය සිදුවී ජීවිත ගණනාවක් වැනසෙද්දී මේ සිදු වූ මහා විනාශයට එවකට පොලිස්පති ධුරය පූජිත ජයසුන්දර මත පැවතීම හේතු වූ බවත් අධිකරණය ඉදිරියේ නීතිපති දිරියේ හෙළිවී තියෙනවා. ඔහුට එම පොලිස්පති තනතුර ලබා දෙන්නේ වෙනත් අපරාධයක් වහන්නට ඔහු ලබාදුන් උදව් මතයි. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අපරාධ වැසීමට කටයුතු කරනවා නම් ඔහු පොලිස්පති තනතුරට නුසුදුස්සකු වෙන්නට ඕනෑ. නමුත් මොහු අපරාධයක් වැසීමට කළ උදව්ව තමයි ඔහුට පොලිස්පති ධුරය ලැබීමට හේතුව බවට පත් වන්නේ. අවසන් ප්‍රතිඵලය විදිහටයි පාස්කු ප්‍රහාරය නැමැති මහා ව්‍යසනය රටට සිද්ධ වන්නේ. ජීවිත වලට සිද්ධ වෙච්ච හානියට මිලක් නියම කරන්නට බැහැ. මෙරටට ආර්ථික වශයෙන් වෙච්ච හානියට මිලක් නියම කරන්නට බැහැ. මේ මහා විනාශයට මේ අනතුරක් හේතු වෙලා තියෙනවා. මේ හදිසි අනතුර හරහා තමයි පූජිත ජයසුන්දර අන්අය කපාගෙන පොලිස්පති තනතුරට ඉදිරියට යන්නේ. මෙය පාස්කු ප්‍රහාරය දක්වා දිවයන මහා භයානක රිය අනතුරක් .

ප්‍රශ්නය : රණවක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම හේතුවෙනි විපක්ෂයට නව ජීවයක් ලැබුණු බවට කතා පැතිරෙනවා. ඔබතුමන් ඒ ගැන මොකද හිතන්නේ.

පිළිතුර : මන්ත්‍රිවරුන් අත්අඩංගුවට ගත්තම සහෝදර මන්ත්‍රිවරුන් බලන්නට යනවා. ඒ කාලෙත් මේ කාලෙත් ඒක වෙනවා. අනාගතයේ සිදු වේවි. ඉන් ජීවයක් ලැබෙනවා කියලා කියන්න බැහැ. දිනනවා කියපු සජිත් තමයි 10% පරතරයත් තියලා පරාජයට පත්වන්නේ. නමුත් ඔවුන් අන්තිම මොහොත වෙනකන් කිව්වෙ දිනනවා කියලයි. දැනුත් පාර්ලිමේන්තු ඡන්දය ළඟ නිසා කියනවා නව ජීවයක් ලැබුණා කියලා. මේ ක්‍රියාවලිය බලද්දී ජනතාව පාර්ලිමේන්තු ඡන්දයේ දී මේ අයට උත්තර දේවි. සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්ත ඡන්දවලින් 80% වත් ගන්න එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයේදී බැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress